Weight | 150 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-686-197-6 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”
Related Products
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
බුද්ධ නීති සංග්‍රහය
“ බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න