Buddhism

(Showing 1 – 30 products of 66 products)

Show:

ධම්ම පදය තෙවන කාණ්ඩය

Highlights:

ධම්ම පදය වනාහි මෙලොව හා පරලොව පිළිබඳ විශ්වාසයක් තබා ඇති ඕනෑම අයෙකුට දෙලොවම දිනිය හැකි මහඟු උපදේශයන් ගෙන් පරිපූර්ණ කෘතියකි. එහි දැක්වෙන කථාවස්තු මගින් හෙලි කරන්නා වු ජීවන දර්ශනය අත්‍යන්තයෙන්ම අපගේම ජීවිත කැඩපතේ ජායාවක් බව දැකගත හැක්කේ ඒ තුළට කිඳා බැසීමට අප ගන්නා උත්සාහය මගිනි. ධම්මපදය පිළිබඩඳ මෙයට පෙර පළමු ග්‍රන්ථ දෙකෙහි වර්ග 11කට අයත් ගාථා 156 ක් හා ඒවාට සම්බන්ධ කථාවස්තු 126 ක් පිළිබඳව විස්තර ඇතුළත් කළෙමු. මෙම තෙවන කාණ්ඩයට අයත් වන්නේ වර්ග 8 කට සම්බන්ධ ගාථා 116 ක් හා කථා පුවත් 77කි.

මගේ බණ පොත

Highlights:

1921 දී පළ වු “මැවීම “නමැති ලිපියෙන් මැවීමක් විශ්වාස නොකළ හැකි බව දැක්වේ.ඒ වර්ෂයේ ම පළ වු ” ක්‍ෂුද්‍ර සත්වයෝ” නමැති ලිපියෙන් ඇසට නොපෙනෙන කෝටි ගණන් කුඩා සතුන් පිළිබඳ තොරතුරු දත හැක. ඒ වර්ෂයේදිම පළ වු “නිර්වාණය” නැමැති ලිපියෙන් නිවන පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගත හැක. 1920 දි පළවු සමාධිය නමැති ලිපියෙන් මිනිසුන් දිනපතා කරන වැඩවල දී පවා සිතේ එකඟකමක් ඇති කර ගැනීම වැදගත්
බව පෙන්වා තිබේ.1916 දී පළ වු විසුඳිධීපනියෙන් ආණාපාණය වඩන සැටි දැන ගත හැක. අන්‍ය භාවනා සඳහා ද මුල දී පිළිපැදිය යුතු ආකාරය එහි දැක්වේ.එයට අනතුරුව තිබෙන සපත විශුධි විභාගය වනාහි කිසි විටක පළනො වු නමුත් 1920 පමණේදී ලියන ලද්දකි.1912හේ දී පළ වු ආත්මදෘෂ්ටි ජෙදනෙය වනාහි දැන් ලෝකප්‍රකට ආචාය්‍ය‍ර්‍ වරයෙක් ව සිටින කෘෂණමුර්ති මහතා තුදුස් හැවිරිදි කල්හි සෝවාන් මගට පැමිණියේ යයි කියමින් ඒ මහතා ලියු පොතකට උත්තර වශයෙන් ලියු පොතකි.

පොල්වත්තේ බුද්ධදත්ත හිමි.

ධම්ම පදය, පළමු කාණ්ඩය

Highlights:

ලෝකයේ ඇතැම් රටවල විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී ඇති ධම්ම පදය ත්‍රිපිටකයේ දැක්වෙන අනෙකුත් ග්‍රන්ථ අතර බුද්දක නිකායට අයත් එකකි. මෙහි ඇතුලත් ගාථා පිළිබඳව විවරණ දැකිය හැක්කේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ “ධම්මපදට්ඨ” කථා නම් ග්‍රන්ථයේය.

මිනිසාගේ මනස අවුලෙන් අවුලට පත්වන්නේ අධික තෘෂ්ණාව හේතු කොට ගෙනය.අවුලෙන් නිරවුල් වීමේ ක්‍රමය දහම් රසය පානය කිරීමයි. සියලු රසයන්ට වඩා දහම් රසය ශ්‍රේෂ්ඨ වන්නේ එම නිසාය. ලොව කවරෙකුට වුවද කිසිම අගුණයක් නැති මෙම උතුම් පානය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් හදවත් සැනසීමට මහෝපකාරිවී ඇත.

අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

Highlights:
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්‍රාවකයා ය. එසේම ගෞතම බුදුසසුනේ පළමු ව චතුරාර්‍යා සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සදහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ කතා පුවතය.

චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ

Highlights:

“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්‍රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”

සැරියුත් මහ රහතන් වහන්සේ

Highlights:
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුසසුනේ මහා ප්‍රාඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් භික්ෂූන් වහන්සේය.මෙහි ඇතුළත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ හා සම්බන්ධ කථා පුවතය.

උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

Highlights:
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය වනාහි අප මහා ශාන්ති නායක ශක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකා නමයි. එසේ ම සෘද්ධිමත් භික්ෂූණීන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. මෙහි අතුලත් වන්නේ එතුමියගේ ජීවිත කථාව හා සම්බන්ධ තවත් කථා පුවතය.
Out Of Stock

මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

පිණ්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ

Highlights:
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථනය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අට වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කතා ඇතුළත් කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Out Of Stock

ශ්‍රීමත් භගවත් ගීතාව

Highlights:
ග. ආරියපාල ගුණසේනයන් විසින් හෙළ ගීයට නගන ලද “ශ්‍රීමත් භගවත් ගීතාව”

සිතට ආහාර

Highlights:
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.

නුවණැතියන් ශ්‍රි සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය)

Highlights:

ප්‍රථම සංගීතියට ඇතුළත් වූවත් නොවූවත් මේ
පොත ඊට ආසන්න කාලයකදී ම ප්‍රකරණයක් වශයෙන්
පිළියෙල වී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක්
මේ පොතේ සඳහන් නොවේ. එයින් උද්ධෘත පාඨ කිසිවක් ද
දක්නට නැත. මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන්
සම්පාදිත වූවක් යයි කිව යුතුයි…. සත්‍යවිනිර්මුක්ත බුද්ධ
දේශනාවක් නැති බැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත්
සත්‍ය මොනවා දැයි සෙවීම මේ ආවට්ටහාරයෙන් කරනු ලැබේ.
මේ නෙත්ති ක්‍රමය අනුව ඉගැනීමක් මෙකල ථේරවාදීන් අතර නැත.”

සාගත මහ රහතන් වහන්සේ

Highlights:

“මහණෙනි, මගේ මේ ශාසනයේ තේජෝ ධාතු සමාපත්තියට
සමවදින භික්ෂුන් අතුරින් සාගත භික්ෂුව අග්‍ර වේ.”

උපවාන මහා රහතන් වහන්සේ

Highlights:

“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.

අස්සජි මහ රහතන් වහන්සේ

Highlights:

“මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.

මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.

මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි.”

සැරියුත් මහ රහතන් වහන්සේ.

චුන්ද මහ රහතන් වහන්සේ

Highlights:

චුන්ද මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ හතළිස්අට වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම සඳහන්ව ඇත.ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේගේ සොහොයුරෙකු වු මුන් වහන්සේ “චුන්ද මහා චුන්ද, චුන්ද සාමණේර” ආදී නම් කිහිපයෙන් ම හදුන්වා ඇති බව පෙළ අටුවා විමසීමෙන් පෙනෙයි. ථෙර අපදාන පාළියේ චුන්ද ස්ථවිරාවදානයේ එක් තැනක “චුල චුන්ද” යන නම දක්නට ලැබේ.

සන්න සහිත පුරාණ මහා සතිපටඨාන සූත්‍රය

Highlights:

සන්න සහිත පුරාණ මහා සතිපටඨාන සූත්‍රය

Out Of Stock

සීවලී මහ රහතන් වහන්සේ

Highlights:

බුදු සසුනේ ලාභීන් අතර අග්‍රස්ථායනය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශී බුදුරදුන් දවස කරන ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් ලෙස විස්තර වේ.

අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වූ සමයෙහි දඹදිව බන්ධුමතී නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර පාන රැස්කොට බුදු පාමොක් මහ සඟනට මහ දන් පවත්වන්නට වූහ. ඔවුනට එක් දිනක දී කිරි හා මී පැණි සොයාගත නොහැකි විය. ඔවුන් ගෙන් කිහිප දෙනෙක් මී හා දී සොයමින් අසල ගම්මාන කරා ගියහ.

අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති

Highlights:

පරම පූජනීය වු බුද්ධ වචනය තැන්පත් මහා සද්ධර්ම මඤ්ජුසාව වු සුත්‍ර පිටකයෙහි ඛුද්දක නීකායට අයත් “සුත්ත නිපාතය” නම් වු පාරිශුද්ධ ග්‍රන්ථයේ අංග සම්පුර්ණ සිංහල පරිවර්තනයයි.

ඛේමා මහ රහත් තෙරණිය

Highlights:

ඛේමා මහ රහත් තෙරණිය

අනුස්සති භාවනා

Highlights:

බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,ධර්මයේ ගුණ සිහි කරමින් ධම්මානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත් මාර්ග ඵල ලාභී ආර්ය මහා සංඝයාගේ ගුණ සිහි කරමින් සංඝානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,සීලයේ ගුණ සිහි කරමින් සීලානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,මෙම සදහම් ග්‍රන්ථය මඟින් ඔබට කියාදෙයි.

භාවනා අත්පොත

Highlights:

පුජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ කුඩා අවධියේ සිටම භවනානුයෝගී ජීවිතයක් ගත කරමින් ඒ පිළිබඳ මනා අත්දැකීම් ලබා ඇති භික්ෂුන් වහන්සේ නමකි. ත්‍රිපිටකය හා තදනුගත අටුවා ග්‍රන්ථ හොඳින් කියවා ථේරවාදී භාවනා ක්‍රමය පිළිබඳ නිරවුල් අවබෝධයකින් මෙන්ම නුතන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳව මනා පරිචයකින් ද යුක්ත හිමි නමකි. එබැවින් උන්වහන්සේ භාවනා ක්‍රමය පිළිබඳ මෙබඳු ග්‍රන්ථයක් රචනා කීරීමට අවශය්‍ය සියලු සුදුසුකම් වලින් යුක්‍තය.

Out Of Stock

සඟමිත් තෙරණිය දෙසු බණ කතා

Highlights:

සඟමිත් තෙරණිය දෙසු බණ කතා

ගවම්පති මහ රහතන් වහන්සේ

Highlights:

” කිසියම් භික්ෂු නමක් තම ඍද්ධි බලයෙන් ‘සරභූ’ නම් ගගේ සැඩ පහර නැවැත්වුවා ද එසේ කළ ඒ ‘ගවම්පති’නම් භික්ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය.සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ වැද නමස්කාර කරති.”

අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා

Highlights:

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ටාන භාවනාවන් දේශනා කොට වදාළේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වු සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිසත් , සෝක වැලපීම්වලින් නිදහස් වීම පිණිසත්, චතුරාර්ය සත්‍ය‍ය අවබොධය පිණිසත් ඒ අමා නිවන සාක්ෂාත් කිරිම පිණිසත්‍

Out Of Stock

නිසල විල

Highlights:

‘Still Forest Pool” නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් )

Highlights:

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් සම්පාදිතෛයි. ) ප්‍රශ්න ප්‍රත්‍ර පිළිතුරු

උතුම් කාන්තා රත්නයක් වූ යශෝධරා තෙරණිය

Highlights:

තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වීම සදහා සාරාසංඛ්‍ය කල්ප ල්කෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසව සිටිමින් පළමු විවරණ ලැබ එකී සාරාසංඛ්‍ය කල්ප ලකෂ්‍යය තුළ බෝසත්වරෙයෙකු වශයෙන් කිසිදු අඩුවක් නැතිව දසපාරමී පෙරුම්පුරා බුද්ධත්වයට පත්වූ සේක.
යශෝධරා දේවිය ද සුමේධ තවුසා බුද්ධත්වයට පත්වීමට ඉහත කී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගැනීමෙන් අනතුරුව සුමිත්තා නම් පරිබ්‍රාජිකාව වූ වර්තමාන යශෝධරා දේව්ය ද, කාරණා තුනක් ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා කළාය.

සතිපත්ට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

Highlights:

සතිපත්ට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

1 2 3
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping