අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සංගීතය
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව යනු සංගීත භාණ්ඩ වාදනය පිළිබඳ පිළිබඳ ලියැවුණු පොත් මාලාවක මුලින්ම එළිදකින කෘතියයි. මෙහි සම්පාදකවරයා වන්නේ අප රටෙහි දක්ෂ මෙන්ම ජනප්‍රිය තබ්ලා වාද්‍ය ශිල්පියකු වන වාද්‍ය විශාරද, ලලිත කලාශූරී, සංගීත අධ්‍යක්ෂ මනෝජ් පීරිස් මහතාය. තබ්ලා වාදනය හදාරන සියලු දෙනාට ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි පරිද්දෙන් මේ කෘතිය සම්පාදනය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cd3d2d40087f11eb8c58ffc61bdc137a” ]
උඩරට නැටුම් කලාව
කලකට පෙර මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු, මහජනයාගේ දර්ශනය ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක්වූ සෞන්දර්ය විෂයයකි. පාරම්පරික උඩරට නැටුම් ප්‍රවීණයන් කීප දෙනා අතරින් කෙනෙකු වන සේදරමන් මහතා ඉතා සරල බසින් ආධුනිකයන්ට මෙන්ම නැටුම් ගුරුවර ගුරුවරියන්ටත් අත් පොතක් සේ භාවිත කිරීමට සුදුසු පරිදි මෙම අගනා ග්‍රන්ථය සකස් කර ඇත.
මලක් වුණේ ඇයි නුඹ මට
ප්‍රවීණ ලේඛකයකු සහ කෘතහස්ත මාධ්‍යවේදියකු වන සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත ගණනාවක් වෙයි. එමෙන්ම මෙතෙක් නො ගැයුණු ඒවා ද ඒ අතර වෙයි. අප කාලයක් තිස්සේ රස විඳි අමරසිරි පීරිස් ගයන මලක් වුණේ ඇයි නුඹ මට, සුනිල් එදිරිසිංහ ගයන කවුරුන්ද ඔබ මගේ, අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ගුණදාස කපුගේ ගයන කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ආදී බොහෝ ගීතවල රචකයා ඔහු ය. මෙම කෘතිය ඔහු විසින් රචනා කරන ලද සියලු ගීතවල එකතුවකි.
රූකඩ ගෙදර
රූකඩ ගෙදර
ලස්සන මල් පිපිලා
විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.
සඳ තරු මල් ගී මුතු වල්
විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්‍රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/48879560af5511e9a0ecb54f6bed51d0″ ]
හෙළ ජන ගී
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.