දයාවංශ ජයකොඩි ප්‍රකාශන

දයාවංශ ජයකොඩි ප්‍රකාශන

(Showing 1 – 30 products of 32 products)

Show:

ලෝක සංවිධාන 3

Highlights:

ලෝක සංවිධාන ග්‍රන්ථයේ තෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

ඕලු 5

Highlights:

මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනෙකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.

කාණ්ඩ පහකින් සමන්විත මම දිර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති.
(කර්තෘ)

සංදෘෂ්ටි

Highlights:

බුද්ධ ධර්මය පිළිබඳ වර්තමාන බෞද්ධයන් තුළ ගොඩනැගී ඇති අන්ධ විශ්වාස සහ මිත්‍යා සංකල්ප පිසදමා සත්‍ය‍ය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට මෙමගින් පිටිවහලක් සැකසේ. මෙම කෘතිය ගිහි පැවිදි බේදයකින් තොරව සියල්ලන්ටම පරිශිලනය කිරීමට අවබෝධයෙන් කියවීමට සුදුසු ධර්ම ග්‍රන්ථයකි.

දානය නිර්වාණාවබෝධය පිණිස ද?

Highlights:

බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.

දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍ය‍ය.

හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2

Highlights:

හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්‍රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.

ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ

Highlights:

වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්‍රන්ථ රත්නයකි.

දෙමස්සිනෝ

Highlights:

බිඳී විසිරී යන අලුත් පරම්පරාවේ පවුල් සබඳතා රැක ගන්නට දයාව, දරුහැවිකාරය, සහෝදර ප්‍රේමය හා මවුපිය සෙනෙහස යනාදී උතුම් මිනිස් ගුණාංග ඉවහල්වන අයුරු විදහා දැක්වීමට ජයකොඩි සෙනෙවිරත්නගේ ‘දෙමස්සිනෝ’ වෑයම් කරන බව පෙනී යයි.

අතීතය සහමුලින්ම අමතකකොට දමා පවුල් දෙකක නව පරපුර අත්වැල් බැඳගන්නා අයුරු විමසන ‘දෙමස්සිනෝ’, ‘ආදර ගඟ ගලන දෑස’ කිවු කතාව නිමාවකට ගෙන එයි.

මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව

Highlights:

“මිරිසවැටිය” අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ “මිරිසවිටි”,මිරිසපිටි” යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ “මිරිසවිටි” යන නම යි.
V කාශ්‍යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ “මිරිසිවිටි” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් “මිරිචවට්ටි චෙතිය” යනුවෙන් කියනු ලැබේ.

බණ්ඩාර මැරූ උන්

Highlights:

චිත්‍රශිල්පය, ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳ ගැඹුරින් සාකච්ජා කරන මෙම නවකතාව, ඉතා අභිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය, ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද්‍ර අභද්‍ර සිදුවීම් අඩංගු අනුවේදනීය දීර්ඝ කතා පුවතකි. අප රටේ චිත්‍රශිල්පීන් ට හා චිත්‍ර ගැන උනන්දුවක් දක්වන අයට මෙම පොත ගොඩක්ම දැනෙනු ඇත. ගිරිදේව, තේනි, කුඩාදේව, රතුමහත්තයා හා මහාචාර්ය වටපාන යන චරිත වටා මෙම කතාව ගෙතී ඇත. දරුවන් පිටරට යවන දෙමවිපියන්ගේ අනාගත ඉරණම හා තමාට ආදරය කරන දුප්පත් යුවතිය අතහැර ඉහල තනතුරක් හොබවන ‘මැඩම්’ කෙනෙකු කසාද බඳ ගන්නා මෝඩ මිනිසුන්ගේ අනාගත ඉරණම ගැන ද. උගතුන් විසින් තමා නොදැනුවත්ව වර්තමානයේ කරනු ලබන මෝඩ ක්‍රියාකලාප කර්තෘ විසින් මානව ඉදිරිපත් කර ඇත.

මිලිඳු රාජ ප්‍රශ්නය 02

Highlights:

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව
දැනගන්නට පුළුවන් ද?”

“එසේය මහරජාණෙනි,’භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක’
කියා දැනගන්නට පුළුවනි.”

“ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා
දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?”
“මහරජාණෙනි, මෙය පෙර සිදුවු දෙයක්. තිස්ස නම් ස්ථවිරයන්
වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ
නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා.
උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?”

“ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි.”

“මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද. ඔහු
භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය.”

“ස්වාමීනී නාගසේයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”

කාවන්තිස් රජතුමා විහාරමහාදේවිය

Highlights:

දුටුගැමුණු මහරජතුමාගේ මාපියන් පිළිබඳව ප්‍රමාණවත් විමසීම්
කර නැත. මේ කෘතිය එම අඩුපාඩුව යම්තමකට හෝ පිරිමැසීමකි.
කාවන්තිස් රජු ගැනත් විහාරමහාදේවිය ගැනත් මූලාශ්‍රවල එන
කරණු මෙහි විමර්ෂනාත්මකව ගොනු කර ඇත. මේ සඳහා අභිලේඛන
සාධක ද අමතක කර ඇත. මේ ප්‍රෞඨ මාපියන් පිළිබඳව ඇති කර
ඇති දුර්මත ගැන ද මෙහි සාකච්ජා කර ඇත.

චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ

Highlights:

“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්‍රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”

Out Of Stock

මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

නරලොව හොල්මන් 1

Highlights:

කලකට පෙර රිවිරැස පත්‍රය කියවු පාඨකයන් අතර
ඉමහත් ජනප්‍රියභාවයට පත්වූ නරලොව හොල්මන්
රස කථා පෙළ නූතන පරපුරේ පාඨකයන් අතට ප්ත්
කිරීමට එම කථා එක්කොට සංස්කරණය කර ඔබ
අතට පත් කරන්නෙමු..

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

Highlights:

ඇස් කන් ආදී ඉන්ද්‍රීයයන් යමෙක් තුළ සම්පූර්ණයෙන්ම දමනය
උනානම් එතැන සිටින්නේ රහතන් වහන්සේ නමකි.ශීලයෙන්,
සමාධියෙන් ප්‍රඥාවෙන් ඇතිකර ගන්නා ඒ දමනය විශ්මය ජනකය.
ඒ නිසාමයි උන් වහන්සේලා එතරම්ම නිහතමානීව සිටින්නේ.

“දක්ෂ රියදුරෙක් ඉතා මැනවින් අශවයන් දමනය කරන්නාක් මෙනි,
රහතන් වහන්සේලා තම ඉඳුරන් දමනය කර ගන්නේ. ඒ නිසාම
පිරිපුන් සන්සිඳීමකට පත් වේ. මානය නැති කළ අකම්පිත සිත් ඇති
ඒ නිකලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන් ට පවා ඉතා ප්‍රියය.”

කයින් යහපත් ක්‍රියා ඇති, ඉතා යහපත් වචන කතා කරන,
යහපත් සිතුවිලි සිතන නිකෙලෙස් මුනිවරයන්ගෙන්ය, මේ පරිසරය
පවා ලස්සන වන්නේ. උන්වහන්සේලා සොබා දහමේ සුන්දරත්වයට
හොඳින් ගැලපී යන සුන්දර චරිතවලින් යුක්තය. ස්වාභාවික මලක 
ඇති සුන්දරත්වය වැනි නිකෙලෙස් සුන්දරත්වයකි රහතන් වහන්සේ
තුළ තිබෙන්නේ. 

ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳුගැටයක හෝ
යම් තැනක රහතන් වහන්සේලා සිටිත් නම් ඒ තැන පවා ලස්සනයි.

අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ තම ශ්‍රාවකයන් හටද ඒ ප්‍රඥා බෙදාදුන් සේක.
උන්වහන්සේලාද ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ ආධාරයෙන් තම ප්‍රඥාව
පුබුදුවා ගත්හ. සාමාන්‍ය ලෝකයා සමග මිශ්‍ර නොවී සියල්ලට ඉහළින්
සිටින්නට හැකි වූයේ ඒ ප්‍රඥා මහිමයෙනි. ඒ බව බුදු සමිඳුන් පැහැදිලි 
කළේ මෙසේය..

නරලොව හොල්මන් 4

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 4” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

ෆ්‍රැන්කන්ස්ටයින්

Highlights:

ස්වීස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්
මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි
යෙදෙන්නේ, මිනිස්සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසෙකු
නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි
කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාම විකෘති,විකාර,විරූපි, බියකරු,
පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස්
රකුසාගෙන් පලා යයි.

සිය විරූපි විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ
මිනිස් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන භූතයා සිය මැවුමකරුගෙන්
පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත
අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තරකෙරෙන
මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ
ස්වභාවික සීමාවක් ඉක්මවා යෑමට තැත් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක
ලොමු ඩැහැගන්වන අයුරින් ගෙන හැර දක්වයි. 

 මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයක්,
මානව දයාවත්, සමකාලීනවිද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම්
පිළිබඳ විස්තීර්ණ විග්‍රහයන්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස්
ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී ⁣
මේරී ෂෙලී විසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විශ්ව සදාචාරයේ අගය
දක්වමින් ඓශ්චර්යමත් පසුබිම් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්ෂණ
භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ
ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත. 

 

නරලොව හොල්මන් 2

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 2” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

උදාර අපේක්ෂා 1

Highlights:

ඔහු හැම නියෝගයක් ගානේ මා සොහොන් කොත උඩ වැරෙන් පැද්දු හැටියට මට ක්ලාන්ත ගතියක් දැනිණ. මා බියෙන් මුසපත් වන බවක් දැනිණ “අනේ සර්, ඔච්චර මාව ගස්සන්න එපා”

“එපා?” යයි ගර්ජනය කර මෙවර ඔහු මා පැද්දු වේගයට දේවස්ථානයද පැද්දුණ බවක් පෙනිණ. පසුව ඔහු මගේ දෑත් ඉහළට ඇද්ද වේගයට මම සොහොන් කොත මත හිටගත්තෙමි.

චාල්ස් ඩිකන්ස් 1812 පෙබරවාරි 7 දා එංගලන්තයේ පෝට්ස් මවුත් ප්‍රදේශයේ උපන්නෙකි’. කුඩා කාලයේදීම ඔහුගේ පියාට සිරගත වීමට සිදුවූ නිසාම ඩිකන්ස්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුයේය එහෙත් පසු කාලීනව ඔහු විසි වසරක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පුවත්පතක් සංස්කරණය කල අතර නවකතා පහළොවක්ද රචනා කළේය. ඒ අතරින් උදාර අපේක්ෂා ( Great Expectations ) කෘතිය අති අතිවිෂිස්ට නිර්මානයකි

Out Of Stock

සුදු හැඳ ගත් කාන්තාව 1

Highlights:

විල්කි කොලින්ස් 1860 දී ලියූ ‘සුදු හැඳ ගත් කාන්තාව’
(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ
ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත
රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම
නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට
එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.

මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්
පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්
නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.

Out Of Stock

මකාර් චුද්ර

Highlights:

ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද ඔවුන් දුක් විඳින්නේ සමාජ
ආර්ථික ක්‍රමයේ වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ
මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිතමුදිත
කිරීමට නම්,පවත්නා සමාජ -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා,නව සමාජ
ආර්ථික ක්‍රමයක් ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය.මේ සංග්‍රහයේ
එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ
වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන
ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද
දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන්
බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි…

සුදු හැඳගත් කාන්තාව 2

Highlights:

“ප්‍රබන්ධ කතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය.
මගේ “සුදු හැඳ ගත් කාන්තාව” (The Women in White) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප්‍රතිචාරය වේ.”

– විල්කි කොලින්ස්

විල්කි කොලින්ස් ලියු ඒ ශ්‍රේෂ්ඨ නවකතාවේ සිංහල පරිවර්තනයේ දෙවන (අවසාන)කොටසයි මේ.

සාගත මහ රහතන් වහන්සේ

Highlights:

“මහණෙනි, මගේ මේ ශාසනයේ තේජෝ ධාතු සමාපත්තියට
සමවදින භික්ෂුන් අතුරින් සාගත භික්ෂුව අග්‍ර වේ.”

උපවාන මහා රහතන් වහන්සේ

Highlights:

“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.

අස්සජි මහ රහතන් වහන්සේ

Highlights:

“මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.

මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.

මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි.”

සැරියුත් මහ රහතන් වහන්සේ.

චුන්ද මහ රහතන් වහන්සේ

Highlights:

චුන්ද මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ හතළිස්අට වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම සඳහන්ව ඇත.ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේගේ සොහොයුරෙකු වු මුන් වහන්සේ “චුන්ද මහා චුන්ද, චුන්ද සාමණේර” ආදී නම් කිහිපයෙන් ම හදුන්වා ඇති බව පෙළ අටුවා විමසීමෙන් පෙනෙයි. ථෙර අපදාන පාළියේ චුන්ද ස්ථවිරාවදානයේ එක් තැනක “චුල චුන්ද” යන නම දක්නට ලැබේ.

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

Highlights:

සෘද්ධි ලැබු පමණින් නිර්වාණය නොලැබෙන අතර සෘද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබු දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ජ් රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය්‍යය ප්‍රකට ය. ශ්‍රාවක වු පිළින්දිවච්ජ් තෙරුන්ගේ සෘද්ධි බලය එසේ නම් ශාස්තෘ වු බුදුරජානන් වහන්සේගේ සෘද්ධි බලය කෙසේ දැ,යි කිව යුතු නැත.

ඈ හෙවත් අයේෂා 2

Highlights:

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, ඇමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන් සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් වන අතරම, අපගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය. 

මාස්ටර්මන් රෙඩි

Highlights:

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. “මාස්ටර්මන් රෙඩි” නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද “මාස්ටර්මන් රෙඩිගේ” මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමානය.

සම්පුර්ණ යි. අසංක්ෂිප්ත යි.

1 2
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar