රෝල්ඩ් ඩාල් චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය
ලොකුවට
තවත් ලොකුවට
පීච් ගෙඩිය ලොකු වුණා…
ලොකු වුණා
තවත් ලොකු වුණා…
තව තවත්
ලොකු වුණා…
තුහින
දෙනෙත් පුරා නීති ගලන කදුළු වැල්…
සැගවීමට තව තව වැහැපන්…
මුවගින් ගිලිහෙන සෝක සුසුම් වැල්
නෑසීමට තව ගොරවාපන්…
රතු වූ නිල් නෙතු සගවා ගන්නට
වලාකුලේ ඔය සද වහපන්…
රිදුනු තැවුණු සිත සුවපත් කරන්නට..
පහන් තරුව යළි පායාපන්…
රෝල්ඩ් ඩාල් ඩික් විටිව්ටන් සහ තවත් කෙටි කතා
ඩික් විටින්ටන්ගෙ කන් පිරිලා ම තියෙන්නේ
හැමෝමත් කියන දේ, ඇහිලා ම එකම දේ,
‘ලන්ඩනේ වීදිවල – අතුරලා තියෙන්නේ.
රත්තරන් – රත්තරන්!’
‘හරියන්නෙ නෑ මේක – ගිහින් බලනවා මිස’.
ඩික් මුමුණලා කිව්වෙ – එයාගේ පුසාට
ඇවිදලා ඇවිදලා – අන්තිමේ නැවතුණේ,
බාර්ක්ලී චතුරශ්‍රෙ
Daisy Jones and The Six
There was Daisy, rock and roll force of nature, brilliant songwriter and unapologetic drug addict, the half-feral child who rose to superstardom. There was Camila, the frontman’s wife, too strong-willed to let the band implode – and all too aware of the electric connection between her husband and Daisy. There was Karen, ice-cool keyboardist, a ferociously independent woman in a world that wasn’t ready for her.
ෆ්‍රැන්කන්ස්ටයින්
ස්වීස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්
මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි
යෙදෙන්නේ, මිනිස්සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසෙකු
නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි
කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාම විකෘති,විකාර,විරූපි, බියකරු,
පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස්
රකුසාගෙන් පලා යයි.
සිය විරූපි විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ
මිනිස් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන භූතයා සිය මැවුමකරුගෙන්
පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත
අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තරකෙරෙන
මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ
ස්වභාවික සීමාවක් ඉක්මවා යෑමට තැත් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක
ලොමු ඩැහැගන්වන අයුරින් ගෙන හැර දක්වයි.
මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයක්,
මානව දයාවත්, සමකාලීනවිද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම්
පිළිබඳ විස්තීර්ණ විග්රහයන්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස්
ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී
මේරී ෂෙලී විසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විශ්ව සදාචාරයේ අගය
දක්වමින් ඓශ්චර්යමත් පසුබිම් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්ෂණ
භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ
ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත.
Cool
“One day Robbie is hit by a car while running after his dog, Lucky. Unconscious, Robbie lies in hospital, unable to speak, move or eat. But he can hear; he is aware.
His friends and family try desperately to reach him – even Zola, his favourite Chelsea footballer, comes to see him. And still Robbie can’t ‘wake up’. Until one day, against hospital rules, Dad brings Lucky into the hospital. Can Lucky bring Robbie back to life?”
Beezus and Ramona
“Having a little sister like four-year-old Ramona isn’t always easy for Beezus Quimby. With a wild imagination, disregard for order, and an appetite for chaos, Ramona makes it hard for Beezus to be the responsible older sister she knows she ought to be…especially when Ramona threatens to ruin Beezus’s birthday party. Will Beezus find the patience to handle her little sister before Ramona turns her big day into a complete disaster?
“”An important reminder of the good that can come when you throw yourself fully into any situation and draw outside the lines,”” says Brightly in their article “”12 Girls from Fiction Who Are Their Own Heroes.”””
Elephant in the Garden
A thrilling and moving novel about an extraordinary animal caught up in a very human war, for anyone who loved The Amazing Story of Adolphus Tips or The Butterfly Lion! By the award-winning former Children’s Laureate and author of War Horse. Dresden, 1945. Elizabeth and Karli’s mother works at the zoo, where her favourite animal is a young elephant named Marlene. Then the zoo director tells her that the dangerous animals — including the elephants — must be shot before the town is bombed. Unable to give Marlene up, their mother moves her into the back garden to save her! and then the bombs start to fall. Their home destroyed, the whole family must flee the bombed-out city and through the perilous, snow-covered landscape, all the while avoiding the Russian troops who are drawing ever closer. It would be hard enough to do, without an elephant in tow!
An Eagle in the Snow
The powerful new novel from the master storyteller – inspired by the true story of one man who might have stopped World War II.1940. The train is under attacks from German fighters. In the darkness, sheltering in a railway tunnel, the stranger in the carriage with Barney and his mother tells them a story to pass the time. And what a story. The story of a young man, a young soldier in the trenches of World War I who, on the spur of the moment, had done what he thought was the right thing. It turned out to have been the worst mistake he ever could have made – a mistake he must put right before it is too late…
එයා මගේ ජීවිතයට ඇවිත්
ක්‍රිෂ්ණා නදිය හරහා වේගයෙන් කදූළු කුනාටුව හමා ගියේය. යළිත් කිසිදාක හමුවෙතැයි නොසිතූ පෙර භවයේ බිරිද, ඔහුගේ ආදරය පතමින් නැවත ඔහු සොයා ආවාය. එහෙත් ඒ වන විට ඇය තවත් අයකුගේ බිරිද වීමට සුදානමින් විවාහ ගිවිසුම අත්සන් කොට තිබුණි.
The Amazing Story of Adolphus Tips
“A heart-warming tale of courage and warmth, set against the backdrop of the second world war, about an abandoned village, a lifelong friendship and one very adventurous cat!
“”Something’s up. Something big too, very big. At school, in the village, whoever you meet, it’s all anyone talks about. It’s like a sudden curse has come down on us all. It makes me wonder if we’ll ever see the sun again.”” It’s 1943, and Lily Tregenze lives on a farm, in the idyllic seaside village of Slapton. Apart from her father being away, and the ‘townie’ evacuees at school, her life is scarcely touched by the war. Until one day, Lily and her family, along with 3000 other villagers, are told to move out of their homes – lock, stock and barrel.”
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
පවුරු බිද
අල්ලාගත් මාළු කූරීන් පීතරගෙ කඩයට දී ඒ මුදලට ආප්ප රැගෙන මම ගෙදර ගියෙමි.මම ආප්ප ටික ලොකු අක්කාට දුනිමි. අම්මා කොණ්ඩය පීරමින්කුස්සියට ආවේ ඒ අතරය.චූටියා අම්මාගේ චීත්තයේ ඒල්ලී හඬමින් එයි.
“කට පියාගෙන හිටපිය… ආයෙ බලියන්න පටන් ගත්තොත් දෙනවා තොට පොල් පිත්තක්අරං.. ඇයි යකෝ තොපිලගෙ සුමේ කරලම මට නිදහසක් නෑ.. එළිවෙච්ච වෙලේ ඉදලම මටවද දෙනවා…
ලොකු අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගත්තෙමු. අම්මා ළමයින් වැදුවා විතරය. උන්ව හදන්නේ ලොකු අක්කාය. නංගිලා මල්ලිලා රංචුවේ සියලු දහදුක විඳින්නේ ලොකු අක්කාය.
“කොයින්ද උඹට ආප්ප ගත්ත සල්ලි..?”අම්මා මගෙන් ඇසුවේ අක්කා අත වූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය.” මං මාළු අල්ලල වික්කා…”
“ඔක්කොම වික්කද?.…… නොදකින් අපටත් දෙන්නෙක් ගේන්න එපායැ. යකෝ මේකට
තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට … පොල්කිරි පෙන්නලා විතරයි..”අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය..”ලොක්කි…මං යනවා. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ. යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන…”
මතක සමග ලට්ට ලොට්ට
ගලේ කොටන අකුරු වගේ නෙව් හිතේ කෙටෙන අකුරු වයස්ගත වෙනකොට මැකෙනව. ඒ නිසා මගේ හිතේ කෙටිච්ච අකුරු මතක විදියට මෙතන එකතුකරල තියෙනවා. පිළිවෙලක් නැති උනත් කියවන්න අවුලක් නැතිවෙයි.මතකයට අමතරව මුහුණුපොතේ ලියපු ලට්ට ලොට්ටත් තියෙනවා. ලට්ට ලොට්ට කියන්නෙ කසළම නොවෙයි. ඕනම වෙලාවක වැඩක් ගන්න පැත්තකට කරන එවා.
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….
ශ්‍රී ලංකාවේ බිම්මල්
ශ්‍රී ලංකාවේ බිම්මල් වගාවට
මනා ලෙස උචිත දේශගුණයකින් යුත්
රටකි. ලෝකයේ දැනට හදුනාගෙන
ඇති බිම්මල් වර්ග බොහොමයක්
පළමුව සොයා ගෙන ඇත්තේ ශ්‍රී
ලංකාවෙන් බව මූලාශ්‍රවලින් හෙළි වී
ඇත. කරුණු එසේ තිබියදී ආහාරයක්
වශයෙන් හෝ ආර්ථික ප්‍රභවයක්
වශයෙන් බිම්මල් පරිභෝජනය ශ්‍රී
ලංකාව තුළ තවමත් හරියාකාරව
වයාප්ත වී නැත. මෙයට හේතු
කිහිපයකි. බිම්මල් හෙවත් ගෙවතු
හතුවල පෝෂණීයව වටිනාකම් හරි හැටි
නොදන්නාකම, වගාව සම්බන්ධව
නවීන තාක්ෂණික ක්‍රම වයාප්ත වී
නොමැතිකම ඉන් සමහරකි.
වසවර්තියෙක් ද නොවීම්
දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව, අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම්, මිථ්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත් වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී. නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්වවිද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂණය වී ගැමි බුද්ධිමතකු බවට පත් වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේද නායකයෙකු බවට පත් වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව, තම ජීවිතයෙන් සන්තෘප්තියක් ලැබූවකු පිළිබඳ පුවතකි.
අන්ධකාරයේ හෝරාව
“ආතර් ස්කෝපියෝ කියන මනුස්සයෙක් බටහිර ප්‍රාන්තය ඇතුළේ
ඉදන් DEA ඒජන්සියට නොපෙනෙන අදෘශමාන මත්ද්‍රව්‍ය ජාලයක්
පවත්වාගෙන යනවයි කියන කාරණාවට සම්බන්ධ සාක්ෂි මා ළඟ
තියෙනවා. DEA නියොජිතයින් ඒ ජාලය හොයාගත්ත නම් ඒක ලොකු
විජයග්රහණයක් හැටියට සලකන්න පුළුවන්. මට ඒ සාක්ෂි මා ළඟ
එයාලට භාර දෙන්න පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් ඒ වගේ තොරතුරු
එළි කරන්න මම වෘත්තීයමය වශයෙන් බැඳිලයි ඉන්නේ. ඒ වගේම මටම
කියලා සදාචාරාත්මක බැඳිම් තියෙනවා. මම නෝබල්ට හැමදෙයක්ම
කියන්න ඕන.”
“දැන්ම නෙවෙයි.” රීචර් කීය…..
නුවණැතියන් ශ්‍රි සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්රකරණය)
ප්‍රථම සංගීතියට ඇතුළත් වූවත් නොවූවත් මේ
පොත ඊට ආසන්න කාලයකදී ම ප්‍රකරණයක් වශයෙන්
පිළියෙල වී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක්
මේ පොතේ සඳහන් නොවේ. එයින් උද්ධෘත පාඨ කිසිවක් ද
දක්නට නැත. මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන්
සම්පාදිත වූවක් යයි කිව යුතුයි…. සත්‍යවිනිර්මුක්ත බුද්ධ
දේශනාවක් නැති බැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත්
සත්‍ය මොනවා දැයි සෙවීම මේ ආවට්ටහාරයෙන් කරනු ලැබේ.
මේ නෙත්ති ක්‍රමය අනුව ඉගැනීමක් මෙකල ථේරවාදීන් අතර නැත.”
ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග
ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්රමෝදයට පත්ව සිටියි. පිටුපස මිදුලේ
යෝධ කූඩාරමක් ඇති අතර අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට
යති. නිවසට බෙහෙවින්ම අවශ්‍ය කර ඇති අලුත් වහලයක් ගැනීම
සඳහා ඇයගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර පෙන්බර්ති මැදුරේ මංගල
උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමටට හැකි වනු ඇත.
එහෙත් මේ සියලු උද්යෝගය මැද ඩිග්බි සීයා අසනීප වන අතර
ආරාධනා පත්‍රයක් නැතිවී යයි. හැම දෙනාගේම භීතියට හේතුවන
පරිදි නිවසේ කටයුතු බලා කියා ගැනීමට වයලට් ආච්චි මම්මා
වෙත පැවරෙයි.
ලස්සනට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට
අදහසක් පහළ වෙයි. එහෙත් හරි වෙලාවට ඒ අපූරු තෑග්ග
සොයාගන්නට හැකි වේවිද?
මෝටර් වාහන රෝධක පද්ධති (BRAKING SYSTEMS)
මෝටර් වාහනයක ඇති විවිධ යාන්ත්‍රික හා විදයුත් පද්ධති
අතරින් වැදගත්ම පද්ධතිය ලෙස රෝධක පද්ධතිය (Braking
System) හැදින්විය හැකිය. එයට හේතුව වන්නේ, වේගවෙන්
ධාවනය වන මෝටර් වාහනයක වේගය පාලනය කර ගැනීමට
මෙන්ම වාහනය නවතා ගැනීමට ද හැකි වන්නේ රෝධක
පද්ධතියේ ආධාරයෙන් වීම ය.විවිධ නිර්මාණයන්ගෙන් හා ක්‍රියාකාරිත්වයන්ගෙන්
යුක්ත රෝධක පද්ධති මෝටර් වාහනවල දක්නට ලැබේ.
බොහෝ නවීන වාහනවල රෝධක පද්ධති ප්රතිඅගුලු රෝධක
පද්ධතියක්ද (Anti-Lock Braking System-ABS) සමන්විත
නිර්මාණය කර ඇත.එමගින්, වඩාත් විශ්වාසනීය වූ ද ,
කාර්යක්ෂම වූ ද, සේවාවක් රෝධක පද්ධතිය තුළින් ලබාගත
හැකි වේ.මෙම පොතෙහි පරමාර්ථය වන්නේ,මෝටර් වාහනවල
දක්නට ලැබෙන රෝධක පද්ධතිවල නිර්මාණය හා
ක්‍රියාකාරිත්වය මෙන්ම,ඒවායේ නඩත්තු හා අළුත්වැඩියා
කටයුතු පිළිබදව ද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම ය.
එමගින් මෝටර් යාන්ත්‍රික විදයාව විෂයයක් ලෙස හදාරණ
සිසුන්ට මෙන්ම,වාහන කාර්මිකයන්ට ද අවශ්‍ය වන නයායික
හා ප්‍රායෝගික දැනුම පුළුල්ව ලබාදීම අපේක්ෂා කෙරේ.
හයිබ්‍රිඩ් වාහන (HYBRID VEHICLES)
හයිබ්‍රිඩ් වාහන පිළිබදව ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ලෝකය පුරාම ජනතාවගේ මෙන්ම රජයන්ගේ ද අවධානය
ඉහළ යමින් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ,වාහනවලින්
ඇතිකරන්නාවු පරිසර දුෂණය හයිබ්‍රිඩ් වාහන භාවිතයෙන්
අඩුකර ගැනීමට හැකිවීමයි. එයට අමතරව සැලකිය යුතු
මට්ටමකින් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමට ද ඉඩ
සැලකේ.මේ හේතුන් නිසා මුල් අවධියේ හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය
කෙරෙහි අවධානයක් යොමු නොකළ ඉහළ ගණයේ වාහන
නිෂ්පාදනය කරන සමාගම් පවා හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනයට
අවතීර්ණ වී තිබේ.වාහන හයිබ්‍රිඩ් පද්ධතිවල නිර්මාණයන් දිනෙන් දින වැඩි
දියුණු කරමින් ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා
වාහන නිෂ්පාදකයින් නිරතුරුව කටයුතු කරමින් සිටිති.
එහෙත් එම පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්ත
එලෙසම පවති. හයිබ්‍රිඩ් පද්ධති පිළිබද අවබෝධයක් ලබාගැනීම
වාහන කර්මිකයන්ට මෙන්ම,වාහන පිළිබදව උනන්දුවක් දක්වන
සෑම කෙනෙකුටම වැදගත්වනු නොඅනුමානය
ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළෙ ජංජාලය
ක්ලෙමන්ටයින් රෝස් සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ
මහත් උද්යෝගයට පත්ව සිටිති. ඔවුන් ඒ වසන්ත කාලයේ
ගමේ ගොවිපලකට ද විනෝද ගමනක් යන්නට යන බව ගුරුතුමිය
ඔවුන්ට කියයි. ගමනට උදව් වීම සඳහා වයලට් ආච්චි මම්මාත් ඔවුන්
සමග යන්නට එන විට ඇගෙන් ඇත්තටම කොතරම් උදව්වක් ලැබෙනු
ඇත්දැයි කිසිවකුටත් හරියටම සිතාගත නො නොහැකි විය.
ගොවිපලේ දී වයලට් ආච්චි මම්මා සහ බොටම්ලි මහත්මිය අතුරුදන් වී
ගොස් දරුණු බැටළුවකු රමොන්, ජොෂුවාට අනින්නට එන විට සෑම සැලසුම්ක්
ම අවුල් වී යයි.
රමෝනගෙන් මිදී පලා ගොස් නැති වූ කාන්තාවන් දෙදෙනා සොයා
ගැනීමට ක්ලෙමන්ටයින්ට සහ ඇගේ මිතුරු මිතුරියන්ට හැකිවේද?
මෝටර් සයිකල් පදවන ඔබට
වර්තමාන ලෝකයේ දියුණුවන තාක්ෂණය සමගින් ප්‍රවාහන
ක්ෂ්‍රේත්‍රයද වඩාත් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුලද මෝටර්
සයිකලය ප්‍රවාහනයේදී ඉතා විශාල මෙහෙයක් ඉටුකරණු ලබන
අතර අප කාගේත් පොදු වාහනයක් බවට පත්ව ඇත. මෙම ග්‍රන්ථය
මෝටර් සයිකල් භාවිත කරන්නවුන් සේවා හා අළුත් වැඩියා කාර්මිකයින්
හා ඒ පිළිබද උනන්දුවක් දක්වන සැමට සරිලන සේ මෙය නිර්මාණය කර
ඇත.
ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා
ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වූයේ සාමාන්‍යයෙන්
සිදුවන ආකාරයට රෝහලක දී නොව, කුඩා වෑන් රථයක
පිටුපස රවුම් පාන් කූඩයක් තුළදීය.
සිය මව වන ක්ලැරිසා ආර්යාාවත්, ප්‍රධාන සේවකයා වන
ඩිග්බි පර්ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා
සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමග පෙම්බර්ති ෆ්ලොස්
ගමේ ගරාවැටුණු විශාල වලව්වකක ජීවත්වන ලස්සන කුඩා
දැරියගේ කතා කතන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි.
ක්ලෙමන්ටයින් ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු
නොවූ ලෙස එහි ආ විට නිවසේ මහා අවුලක් ඇති වෙයි.
වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද?
ඇ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක්ද?
ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය
ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යාගයට පත්ව සිටියි.
ඈ ඇගේ හොදම මිතුරියන් වන සොෆි සහ පොපි සමග
පාසල් යෑමට පටන් ගන්නා අතර. ඈට ඉවසිල්ලක් නැත.
එහෙත් එහි ගිය විට. කරුණාවන්ත ක්රිචිලි මෙනවිය වෙනුවට
ඈට ලැබෙන්නේ සැර,නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි
මහත්මිය යි.ඊළඟට, මුල් වරට හමු වු මොහොතේ පටන්, ඈට
හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි
ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි.
ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි
තැනක් නොවන බවට තීරණය කරයි. එහෙත් සුරතල් සතුන්ගේ
දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම්ද දීමත් සමඟ සමගම
හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බියට
ක්ලෙමන්ටයින් සමග පාසල් යන්නට තිබුනා නම්ණා නම් සියල්ල සතුටු
දායක වනු ඇති නොවේද…..?
මනුතාපය
ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වු ප්‍රංශයේ විසු
වික්ටර් මාරි හියුගෝ ගේ “ද ලේ මිසරාබිලේ ” නැමැති අද්වීතීය
නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. “මනුතාපය”.
මෙහි පරිවර්තක අයි .ඇම්. ආර්.ඒ.ඊරියගොල්ල සුරීන්ගේ සිංහල
භාෂා ශෛලිය අතිශය මනහරය.සුගමය.හදවතට දැනෙන සුළු ය.
Clay 13 Colour Round Sticks 1500g Bucket (ITEM NO BK-1500-13)
Clay 13 Colour Round Sticks 1500g Bucket (ITEM NO BK-1500-13)
පිනි නොපෙනේයා
පිනි නොපෙනේයා දියම පෙනේයා
එනමුත් පිනි හැමතැනම තිබේයා
ගතටත් සිතටත් සිසිලස දේයා
පිනි නොපෙනේයා දියම පෙනේයා
මනරම් වන මැද ගිගිරුම් දීගෙන
ගල්කුලකින් පහළටම ඇදේයා
ඒ දිය දහරට දෙනෙත බැදේයා
සැඟවුණ සහසක් පිනි නොපෙනේයා
උණුසුම් දහවලම් නිවාලන
රෑ කල සඳ ඇවිදින් හිනැහේයා
පිනි දිය සඳ දිය තුළම රැඳේයා
සඳරැස් දිය මිස නොපෙනේයා
මතක පොලිසිය
මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි: එය ප්‍රබන්ධයක් හෝ උපමාකතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි. අවබෝධයේ සහ කරුණාවේ සියලු නිමේෂයන් ක්ෂණභංගුර බව දැන, අදිසි අයුරින් සිය අදහස් විවෘත කරමින්, අපව වෙනස් ලෙස සිතා බැලීමට සලස්වන නවකතාවකි.එය එකවර දේශපලනික සහ මානුෂිය වේ.එමගින් කිසිවක් පොරොන්දු ව්න්නේ නැත.එය ඉවසීමෙන් හා ධෛර්ය සම්පන්න දෘෂිටියකින් යුත් දුර්ලභ කාර්යයකි.
– මැඩලින් තියෙන්- ද ගාර්ඩියන්