Donate Books Online

Donate Books Online

(Showing 1231 – 1260 products of 7961 products)

Show:

සෙත්කවි කලාව

Highlights:

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.

අකුරට පෙර අත හුරු කිරීම

Highlights:
සංශෝධිත නව නිර්දේශයට අනුව පෙරපාසල් සහ 1 ශ්‍රේණිය දරුවන්ට විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි අපේ වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර

Highlights:

මෙම පොත “පුංචි කෝච්චිය” යනුවෙන් නම් කරඇත්තේ “Bringing Tony Home” යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි”පුංචි කෝච්චිය” යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම”පුංචි කෝච්චිය”යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.

සිඟිති සතුට – පෙර පාසල් වැඩපොත

Highlights:
2016 වසරේ හදුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශන්ට අනුව සකසා ඇත.
Out Of Stock

කුමාරතුංග මුනිදාස කුමර ගී

Highlights:
කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාකවි ගී නිර්මාණවල විශේෂත්වය වන්නේ ස්වභාව සෞන්දර්‍යයෙන් ලත් අත්දෑකීම් කාවය්‍ය කරණය සඳහා යොදා ගනිමින් එය සරල බස් වහරකින් දරුවාට වැටහෙන සේ ඉදිරිපත් කර තිබීමයි. එසේ තෝරාගත් කවි ගී නිර්මාණ කීපයක් මෙම කෘතිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

සිංහල ප්‍රස්තාව පිරුළු හා සබැදි රසකතා

Highlights:
මෙහි ඇතුළත් ප්‍රස්තාව පිරුළු හා සබැදි රස කතා වැල 5 වසර සිසුන්ට විශේෂයෙන් වැදගත් වන අතර, තම භාෂා ඥානය දියුණු කර ගැනීමට රිසි සියලු සිසු දරු දැරියනට එය පොදුවේ වැඩදායි වනු ඇත.

ගණිත හපනා 1 ශ්‍රේණිය – වැඩ පොත

Highlights:
1 ශ්‍රේණිය ගණිතය සඳහා සම්පාදිත IBMC ප්‍රකාශනයකි.
Out Of Stock

අම්මපයි මං කඩුව දුන්නා

Highlights:
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන   රුවලට

මග කියපු තරු කැටත් පැන ගියපු      රැයකට

සයුර මැද මාලිගා කටු කැඩුණු            නැවකට

ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක                     එළි වැට

Out Of Stock

පරිපාලන නීතිය

Highlights:

මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග්‍රීසි
පරිපාලන නීතියෙනි. ඉංග්‍රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ
වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් විසින් රචනා කළ “Administrative law”
නම් ග්‍රන්ථයයි.

මෙම කෘතිය රචනා කිරිමේදි වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු
සහායට ගෙන ඇත. ඒසේම පරිපාලන නීතිය ශ්‍රී ලංකාවට
අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම
මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය
පිළිබඳ විධිමත් අධ්‍යනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය
මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස භාවිතා කළ හැක.

යොවුන් වියට ලිංගික අධ්‍යාපනය

Highlights:

ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍ය‍යේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.

සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍ය‍ය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.

ඇදුම හා ශ්වසන රෝග වළක්වාගනිමු

Highlights:

නුතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු
තත්ත්වයක පැවතුණත් මරණය කවදා
කෙසේ කොතනකදී සිදු වේදැයි කිසිවකුට
කිව නොහැකිය.එතෙක් නීරෝගිමත්ව සිටීම
ඕනෑම කෙනෙකුට කළ හැකි අතර,ඒ සඳහා
අවශ්‍ය වන්නේ දැනුම, අවබෝධය හා ඒ
අනුව ජීවන රටාව හැඩගස්වාගැනීමේ
අවශ්‍යතාව පමණි.

මෙම පොත් පෙළ ප්‍රකාශනය කිරිමේ ප්‍රධාන
අරමුණ වන්නේ ජීවිතයේ අවසන් මොහොත
දක්වාම ඕනෑම පුද්ගලයකුට කායික හා
මානසික වශයෙන් නීරෝගිභාවය
රැකගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා
කරුණු නිසි ලෙස ඔබ වෙත ලබාදීමයි.

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

අසිරිමත් ව්‍යවසායකත්වය

Highlights:

සාර්තක ව්‍යවසායක ගමනකට මුලික වන්නේ වෙනත් විෂය ක්ෂේත්‍රයන් මෙන්ම ව්‍යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පතයක් ලෙස හදුනාගෙන අධ්‍ය‍යනය කිරිම සහා අනුගමනය කිරීමයි.

පියයුරු පිලිකා හඳුනා ගනිමු

Highlights:

1985 සිට 2010 දක්වා ජාතික පිළිකා ලේඛනයට වාර්තා වු දක්ත විශ්ලේෂණය කිරීමේදී පියයුරු පිළිකාව වාර්තා වීම කාලයක් සමඟ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරයි.කල් ඇතිව හඳුනාගැනීමෙන් සහ නිශ්චිත ප්‍රතිකාර ලබාගැනීමෙන් නියත සුවයක්ලබාගත හැකි පිළිකාවක් ලෙස පියයුරු පිළිකාව සැලකෙන බැවින් ජනතාව අතරපියයුරු පිළිකාව පිළිබඳ දැනැවත් භාවය වැඩි කිරීම සඳහාත් , කාන්තාවන් පියයුරුපිළිකාව කලින් හඳුනාගැනීමේ කටයුතු සඳහා උනන්දු කරලීමටත්, පියයුරු පිළිකාවටප්‍රතිකාර සහ පසුවිපරම් සත්කාර ගැන සරල අවබෝධයක් ලබාදීම සඳහා සරලභාෂාවෙන් ලියැවුණු ලිපි, පත්‍රිකා,පොත්වල අවශ්‍යතාවයක් ඇති අතර සරල භාෂාවෙන්ලියා ඇති ‘පියයුරු පිළිකා හඳුනාගනිමු’ නැමැති මෙම ග්‍රන්ථය එම අවශ්‍යතාවයනිසි ලෙස සපුරයි.

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

Highlights:

ඇස් කන් ආදී ඉන්ද්‍රීයයන් යමෙක් තුළ සම්පූර්ණයෙන්ම දමනය
උනානම් එතැන සිටින්නේ රහතන් වහන්සේ නමකි.ශීලයෙන්,
සමාධියෙන් ප්‍රඥාවෙන් ඇතිකර ගන්නා ඒ දමනය විශ්මය ජනකය.
ඒ නිසාමයි උන් වහන්සේලා එතරම්ම නිහතමානීව සිටින්නේ.

“දක්ෂ රියදුරෙක් ඉතා මැනවින් අශවයන් දමනය කරන්නාක් මෙනි,
රහතන් වහන්සේලා තම ඉඳුරන් දමනය කර ගන්නේ. ඒ නිසාම
පිරිපුන් සන්සිඳීමකට පත් වේ. මානය නැති කළ අකම්පිත සිත් ඇති
ඒ නිකලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන් ට පවා ඉතා ප්‍රියය.”

කයින් යහපත් ක්‍රියා ඇති, ඉතා යහපත් වචන කතා කරන,
යහපත් සිතුවිලි සිතන නිකෙලෙස් මුනිවරයන්ගෙන්ය, මේ පරිසරය
පවා ලස්සන වන්නේ. උන්වහන්සේලා සොබා දහමේ සුන්දරත්වයට
හොඳින් ගැලපී යන සුන්දර චරිතවලින් යුක්තය. ස්වාභාවික මලක 
ඇති සුන්දරත්වය වැනි නිකෙලෙස් සුන්දරත්වයකි රහතන් වහන්සේ
තුළ තිබෙන්නේ. 

ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳුගැටයක හෝ
යම් තැනක රහතන් වහන්සේලා සිටිත් නම් ඒ තැන පවා ලස්සනයි.

අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ තම ශ්‍රාවකයන් හටද ඒ ප්‍රඥා බෙදාදුන් සේක.
උන්වහන්සේලාද ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ ආධාරයෙන් තම ප්‍රඥාව
පුබුදුවා ගත්හ. සාමාන්‍ය ලෝකයා සමග මිශ්‍ර නොවී සියල්ලට ඉහළින්
සිටින්නට හැකි වූයේ ඒ ප්‍රඥා මහිමයෙනි. ඒ බව බුදු සමිඳුන් පැහැදිලි 
කළේ මෙසේය..

පරිසරයයි පුංචි මමයි – 2 ශ්‍රේණිය I කොටස

Highlights:
දෙවන ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි.
Out Of Stock

විවාහය සහ නීතිය

Highlights:

විවාහය සහ නීතිය : විවහාය, නඩත්තු, දික්කසාදය, දරුකමට හදාගැනීම, දේපළ උරුමවීම යන විෂය ක්ෂේත්‍රයන්ට අදාල නවතම නීතිමය තත්ත්වයන් පැහැදිලිව විස්තර සරලව හා අංග සම්පුර්ණව මේ කෘතිය සකස් කර ඇත. පවුල් නීතිය සම්බන්ධ මෑත කාලීනව සිංහලෙන් ලියැවුණු කෘතියක් නොමැතිකමේ අඩුපාඩුව විවාහය සහ නීතිය’ නම් මේ නිබන්ධනයෙන් පිරිමසාලනු ඇති බව උදක්ම විශ්වාස කරමු.

පරිසරයයි පුංචි මමයි – 1 ශ්‍රේණිය I කොටස

Highlights:
පළමුවන ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි. මෙම පොතෙන් තේමා 7ක් ආවරණය කෙරේ

නරලොව හොල්මන් 4

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 4” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.

මුතු අකුරට පෙර – දෙවන අදියර – අත් වැඩ

Highlights:
වයස අවුරුදු 4-5 අතර දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පූර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින්  මෙම ක්‍රියාකාරකම් පොත  සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – දෙවන අදියර – ඉලක්කම්

Highlights:
වයස අවුරුදු 4-5 අතර  දරුවන්ට 1 සිට 9 දක්වා ඉලක්කම් හදුනා ගැනීම, ගණන් කිරීම සහ  ඉලක්කම් පිළිබඳ අවබෝධය මනසේ තහවුරු කිරීමේ අරමුණින් දෙවන අදියර – ඉලක්කම් පොත සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – දෙවන අදියර – පෙර ලිවීම

Highlights:
වයස අවුරුදු 4-5 දරුවන්ට උචිත පෙර ලිවීමේ අභ්‍යාස නිවැරදිව කිරීමට සුදුසු ලෙස මෙම පොත සම්පාදනය කර ඇත

මුතු අකුරට පෙර – පළමු අදියර – ඉලක්කම්

Highlights:
වයස අවුරුදු 3-4 අතර දරුවන්ට 1 සිට 5 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය දරුවාගේ මනසේ තහවුරු කිරීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – පළමු අදියර – අත් වැඩ

Highlights:
දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසු නිර්මාණශිලි ක්‍රියාකාරකම් 60 ක් මෙහි අන්තර්ගතය.මෙහි ලබා දි ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතුහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.

නරලොව හොල්මන් 3

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

මුතු අකුරට පෙර – පළමු අදියර – පෙර කියවීම

Highlights:
සවන්දීම, කථනය, පෙර කියවීම සහ පෙර ලිවීම විධිමත්ව පාසලට පිය නැගීමට පෙර දරුවා තුළ දියුණු කළ යුතු භාෂා කුසලතා වේ. කුඩා දරුවා භාෂණයේ නිරතවීමත් සමඟ දෙමාපියන් විසින් දියුණු කළ යුතු ප්‍රධාන ම  භාෂා කුසලතාවය වන්නේ පෙර කියවීමේ පුරුද්ද දරුවා තුළ ගොඩනැගීමයි.

මුතු අකුරට පෙර – දෙවන අදියර – ක්‍රියාකාරකම්

Highlights:
වයස අවුරුදු 4 – 5 ත් දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පුර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් මෙම ක්‍රියාකාරකම් පොත සම්පාදනය කර ඇත.

කුරුලු පැටවුන් ඉගිල ගොසින්

Highlights:

” ලබන අවුරුද්දේ ඉඳලා දුන්හින්නෙ ඉස්කෝලෙට යන්ට ඕනෑ.
මේ පාර වාර විභාගෙ ඉවර වුණාම අස්වීම සහතිකෙත් අරගෙනම
එන්ට ඕනෑ නිවාඩු දුන්න ගමන්ම.” අප්පච්චි කියනවා අහගෙනයි.

“පයින්ම යන්ට එපායැ… පොඩි එකාට ලේසි වෙන එකක් නෑ,”
අම්මා කිව්වා.

දුන්හින්නෙට හැතැප්ම දෙකක් විතර තිබුණා ගමේ ඉදලා
තෙල්දෙනියේ යනකොට දුන්හින්න ඉස්කෝලෙ දැකලා තියෙනවා
සම්පත්. ලොකු ඉස්කෝලෙට ගමේ ඉදලා ළමයි එන බව සම්පත්
දැන හිටියා. තමන්ටත් කවදාහරි ලොකු ඉස්කෝලෙට යන්ට වෙන
බවත් දැනන් හිටියා.

“කොල්ලො කෙල්ලො ඔය යන්නෙ. අපේ එකත් පුරුදු වෙයි.”
අප්පච්චි කිව්වා.

මල්ලිකා නංගි ඉගෙන ගන්ට කම්මැලියි. ඊලඟ අවුරුද්දෙ
එයත් දුන්හින්න ඉස්කෝලෙට ආවා. ඒත් අටේ පන්තියට
විතරයි ගියේ.

“උඹට ඉගෙන ගන්ට බැරි නම් ගෙදර වැඩපලක් ඉගෙන
ගනින්.” අම්මා එක දවසක් කිව්වා සම්පත්ට මතකයි…

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

1 2 40 41 42 43 44 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar