Donate Books Online

Donate Books Online

(Showing 571 – 600 products of 7957 products)

Show:

යහපත් හා පැංචා

Highlights:

එකමත් එක රටක ඈත කැලේ හා පැටියෙක් අම්මයි, තාත්තයි එක්ක සතුටින් සිටියා.
හා පැටියා හරිම සුරතල්, දඟකාරයි.
එයා දැන් ටිකක් ලොකුයි.
දවසක් රෑ හා පැටියා ආච්චි අම්මව හීනෙන් දැක්කා. එයා ඇහැරිලා අම්මගෙන් ඇහුවා,
“අම්මෙ මම හෙට ආච්චි අම්මව බලන්න යන්නද?”
“හොඳයි පුතේ, හැබැයි පරිස්සමින් ගිහින් එන්න හා අම්මා කිව්වා.

අපේ විත්ති

Highlights:

සිංහල සාහිත්‍යයේ වර්තමාන අවධියක ගැන ලියවෙන කලක වික්‍රමසිංහ යන නම සම්භාවනීය ස්ථානයක් ගන්නා බව කිවමනා නොවේ.අපරදිග සාහිත්‍යය ආශ්‍රය කරමින් අප අතර පෙර නොවු නානාවිධ සාහිත්‍යාංගයන් සිංහලයට ඇතුළත් කොට අප සාහිත්‍යයේ නවෝදය සැලැස්වූවන්ගේ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ කෙනෙකි.වික්‍රමසිංහ විසින් රචිත නවකතා ද විචාරපුර්ණ ලිපි ද, දෘෂ්‍ය කාව්‍ය ද, දාර්ශනික නිබන්ධ ද කෙටිකතා ද ඔහුගේ නිර්මාණ ශක්තියේ විවිධත්වය ප්‍රකාශ කරත්.

සද්ධර්මාලංකාරය

Highlights:

පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. කුරුණෑගල සමය වනවිට පන්සිය පනස් ජාතකය ද සම්පූර්ණයෙන් සිංහලට නැගී තිබීම නිසා තවත් විවිධ කෘති උදෙසා පඬිවරු උත්සුක වී ඇත්තාහ. ඊට නිදසුනක් සේ දැකිය හැකි සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.

බුද්ධි රචනා නදිය

Highlights:

අධ්‍යාපනය යනු ලියන්නට කියන්නට ඉගනීම පමණක් නොව, පාසලේදීද, කෙළිඹිමේදීද, මහ මඟදීද, හරි පැවැත්ම පිළිබඳව ගුණ ධර්ම අතින් පුහුණුවක් ලැබීමය.

(පෝල්වඩ්බෝන්)

උඩුනුවර ගන්හතේ මිල්ලංගේ ගල්ලෙන් විහාරය හෙවත් ජනලංකාර විහාරවත

Highlights:

ලාංකේය සමාජයේ අවිච්චින්නව මුල්බැස ගෙන ඇති ප්‍රාග් ඓතිහාසික යුගයේ තොරතුරුවලට කිඳා බසිමින් මෙරට සමාජයේ ඓතිහාසික වර්ධනය හා ඊට අනුයෝජනය වන දකුණු ඉන්දියානු සමාජයේ ප්‍රතිරූප විමසා බැලීමට හෙතෙම තම දෘෂ්ටිය විශද කිරීම සුවීශේෂි ලක්ෂණයකි.

පිරිනිවන් මංගල්‍ය‍ය

Highlights:

පොඩි හාමුදුරුවන් යන දෙස බලා සිටි තිලකරත්නගේ සිතට ඉමහත් සෙනෙහසක් ඇති විය.

සරුංගලය බිමට බෑමට පටන් ගත් තිලකරත්න, කුමන වැඩක් තිබුණ ද, සරුංගල් කාලය අවසන් වෙන තුරු පොඩි හාමුදුරුවනට සරුංගලය අහසට නංවා දීමට හිතා ගත්තේය.

සති දෙකකට පමණ පසු ඉපනැල්ලට දියවර හරවා ඇති අයුරු ගමේ කොල්ල කුරුට්ටනට දැක ගත හැකි විය.

පීකිං පෙම්පත

Highlights:

“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළීබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍ය‍යක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සෙංවේදී සංජානනය පළ කරයි.

නිම්නාගේ ඉතිහාසය

Highlights:

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තනියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත; එසේ ම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත “නිම්නාගේ ඉතිහාසය” තුළ සිදුවනු ඇත්තේ කුමක් ද?

Essays For Grade 3-4-5

Highlights:
Writing helps kids become better readers.Write  well allow kids to do better in other subjects, science, mathas,etc. Essay writing is great way to improve kids writing skills and kids can start essay writing form small topics such as my self, my mother, my friend, my school, etc. Once kids get step up with those topics, kids can try to write essays with advance topics. Then kids need collect more information releted to the topic the going to write, and kids can collect information releted to the topic the going to write, and kids can collect information reading books, articles, sample essays etc then kids will soon see the benefits. This book is a good approach for this.

පියකු දුවට යැවූ ලියුම්

Highlights:

අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.

ජීවිත අභියෝග ජයගත හැකිද?

Highlights:

“ජීවිත අභියෝග ජයගත හැකිද” උසස් පෙළ සියළුම විෂයන් අසමත් වුවත් ප්‍රථම උපාධියද, යුධ භූමියේ සිට පශ්චාත් උපාධියද, පසුව දර්ශනශූරී (PhD) අභියස දක්වාද පැමිණි ගිනස් වාර්තාලාභී සෙන්පතියෙකුගේ ජිවිත කතාව වටා ගෙතුණු අපූරු පුරාවෘතයක්.

Out Of Stock

බලන්ගොඩ නායක හාමුදුරුවෝ රහත් වෙලා(1965දී) 5-1

Highlights:

පිරිනිවන් පා වදාළ මහ රහත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්වහන්සේ පිළිබඳව කතුවරයා විසින් ලියා පළ කරන ලද ලිපි හා පොත්පත් කියවූ පාඨකයන් උන්වහන්සේ පිළිබඳ තවත් තොරතුරු හෙළි කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම කෘතියට ඇතුළත් කර ඇත්තේ මහනාහිමියන් විසින් තමන් වහන්සේගේම අත්අකුරින් ලියන ලද සිංහල හා ඉංග්‍රීසි ලිපි පමණක් වීම විශේෂත්වයකි.

රෝගියෙකුගේ දවසක්

Highlights:

“දුරංගමං ඒකවරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා”

දුර ගමන් කරන්නා වු ද තනි ව හැසිරෙන්නා
වු ද ශරීරයක් නැත්තා වු ද ගුහාවෙහි
නිදන්නා වු ද සිත, යමෙක් හික්මවයි ද,
ඔහු මාරයාගේ බැමිවලින් මිදේ.
(ධම්මපදය-චිත්ත වර්ගය)

මේ ශරීරයක් ඇතත් දුර ගමන් යා නොහැකි,
ගුහාවක් වැනි කුටියක තනි වු මිනිසෙකුගේ
බොහෝ දුර ගමන් යන, තනි ව හැසිරෙන
සිතක සිතුවිලි කිහිපයකි.

රු612.00 10% OFF

පශ්චාත්තාප සංකප්ප

Highlights:

හීනයක්…
රුදුරු අවි අමෝරා ලුහු බඳින මිනිසුනේ…
අයුක්තියේ ගිණි පුළිගු ….

රැස් කවයි දස දිගත රත් පැහැති රුධිරයෙන්
තෙත් කරයි මිහි මඩල එකෙකු පෙළමින්
තවකෙකු ඉදිරියට යන….

කුරිරු බව ඇති සමාජයක් තුළින් ඉසුරු බර
අනාවක් ඇවැසි වෙද අපට හෙට දිනත්
අවිනිශ්චිතයි නම්….

රු378.00 10% OFF
Out Of Stock

අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4

Highlights:

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.

මුතු මාලය 2

Highlights:

මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගතය වනුයේ පස්පව් කිරීමේ විපාක මිතුරා හදුනා ගැනීම,වසලයා සමාජය මුලා කිරීම, වංචාව,අල්ලස, සොරකම, කේලම් කීම, රැවටීම හා රැවටීමේ විපා හඳුන්වාදීමේදී ධර්මාවබෝධය ලබාදීම, ඥාණවන්තයා ද දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට සැලකීම හා එහි වටිනාකම පැහැදිළි කිරීම ද හොද බොදු කරුණු අප සමාජයේ ඇති යහපත් අයහපත් දේ මාතෘකා කරගෙන රචනා කර ඇති මෙම කාව්‍ය සංග්‍රහය ළමා වැඩිහිටි සියලු දෙනාටම එකසේ රසවිදිය හැකි වටිනා ග්‍රන්ථයකි.

සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විධිවිධාන ) පනතට අදාළ නීතිය

Highlights:

ශ්‍රී ලංකාවේ ණය අයකර ගැනීම පිළිබඳව 1918 අංක 02 දරන මුදල් ණයට දීමේ ආඥා පනත,1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනත සහ 1949 අංක 06 දරන උකස් පනත ආදි වශයෙන් පනත් සහ ආඥා පනත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇත.

එම පනත් වලට අමතරව ප්‍රථම වතාවට කාර්යක්ෂමව ණය ආපසු අයකර ගැනීම අරමුණු කොටගෙන 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සම්මත කර ඇත.

රෝස විලාවේ අබිරහස

Highlights:
ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල – නොයෙකුත් තුරුලතා පිරි වත්ත – පොල්, කොස්, අඹ, ජම්බු ගස් – සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු – අවට වැවෙන මීමන හා අන්දර වැට – එයින් ඔබ්බේ පෝටිකෝව – එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව – රතු සිමෙන්ති දැමූ පොළොව – රතු උළු වහල – දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් – එතැනට යන්නට වෙනම පඩි පේළියක්……….

අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ  බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ්‍යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන්‍ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, ‘රෝස විලාවේ අබිරහස’ පාඨකයාව කුතුහලයෙන් පිිරි වෙනස් ම ලොවකට කැඳවාගෙන යයි.

Radiant Reading – Book 2 : Blue Skies

Highlights:
Radiant Reading must be one of the most popular series of his kind ever to be published – and its popularity is worldwide . In his new edition , the essential features have been retained and changes have been made for two purposes only – to bring factual materials up-to-date, and to present the excellent and well- tried material in a more modern manner .The prose passages are introduced by a few words which are probably unfamiliar to the pupil. These should be made clear before individual reading begins. The few carefully chosen questions are, in this edition , placed at the end of each passage . In the course of reading , pupils will find the answers to these questions . The poems have been chosen for enjoyment and on account of their suitability for dramatic work and speech training. The short play has been devised for acting with the minimum of scenery and to give wide opportunities for the dramatic interpretation which children enjoy.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිත‍යා

Highlights:

“නීති සම්පාදනය කරනු ලබන්නේ දේශපාලනඥයින් විසිනි. දේශපාලන දාර්ශනිකයන් විසින් නොවේ. දේශපාලනඥයෝ ජන්දය සඳහා ඇල්මක් දක්වති” යන ප්‍රකාශයෙන් නීති සම්පාදනය කරනු ලබන අය හෙවත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් යනු ජන්දයෙන් පත්වන කෙනෙකු බවත් දේශපාලන දාර්ශනිකයින් නොවුනත් නීති සම්පාදනය නමැති උත්තරීතර වගකීම පැවරෙන පිරිසක් බවත් කිය වේ.

Life Of The Buddha 4 ( Buddhist Series)

Highlights:
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.

Magnetic White Board 2×2

Highlights:
Magnetic White Boards are ideal for use in Offices, Schools and Training Institutes for presentation and teaching. Its whiteness gives readability from long distance. White Board available in various sizes. Our Magnetic White Boards are made up of Best quality, completely a Non wavy smooth writing surface which will give you a superb marker board writing experience.

Foolscap Paper Single Ruled

Highlights:
• High-quality paper
• Smooth Edges
• 65 gsm

File Cover

Highlights:
Simple File cover to hold papers together

ලේ වෙළෙන්දකුගේ වංශකතාව

Highlights:

“මගේ පුතා,” ෂූ සැන්ගුවාන් පැවසීය. “එයා බරපතලව රෝගාතුර වෙලා ඉන්නේ, ඔහුව බේරා ගත හැක්කේ ෂැංහයි හි විශාල රෝහලකට විතරයි. මට මුදල් නැහැ, ඒ හින්දා මගේ ලේ විකිණීමට මට සිදුවෙලා මට ෂැංහැයිවලට යනකම් ලේ විකුණා දාන්න හැකි නම්, මම එහි යන විට වෛද්‍ය බිල ගෙවන්න ප්‍රමාණවත් මුදලක් ලබා ගන්න පුළුවන්.”

09 ශ්‍රේණිය විද්‍යාව

Highlights:
  • පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සඳහා අනුමාන වාර පරීක්ෂණ 3 ක්
  • ප්‍රශ්න පත්‍ර 10 ක් සමඟ පිළිතුරු
  • උත්තර ලිවීම සඳහා අනුමාන පොතක්

6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

9 ශ්‍රේණිය විද්‍යාව -1

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.

9 ශ්‍රේණිය විද්‍යාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමකම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

08 ශ්‍රේණිය – බුද්ධ ධර්මය ( MY TUTOR )

Highlights:
  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

08 ශ්‍රේණිය බුද්ධ ධර්මය විෂය සඳහා අනුමත නිර්දේශ ඇතුළත් කෙටි ප්‍රශ්න හා එම ප්‍රශ්නවල අදාළ පිළිතුරු ඇතුළත් ය.

1 2 18 19 20 21 22 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar