Wijesooriya Grantha Kendaraya

Wijesooriya Grantha Kendaraya

Showing all 11 results

Show:

ආකර්ශණීය නීතිය

Highlights:

ආකර්ෂණීය නීතිය යනු විශ්වයෙන් ඔබට අවශ්‍ය දේ ලැබීම. අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි අපූරු රහසකි. එනම් ආකර්ෂණීය නීතිය ‘, ඔබ හා විශ්වය අතර මනා සබඳතාවක් ඇති කරන්නකි. එම ‘රහස’ සියවස ගණනක් ඉපැරණි වූවද එයින් ප්‍රතිපල ලබන ආකාරය ලොව බොහොමයක් නොදනී. එයට එක් හේතුවක් වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එම රහස’ වෙන්කර හා සඟවා තිබීමෙනි. එහෙත් ලෝක ඉතිහාසයේ කීර්තිමත්, කැපී පෙනෙන හා ලෝකය වෙනස් කළ පුද්ගලයෝ එය අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්යෙහි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්ම වාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. තවද ලොවට නවෝත්පාදන හා නව නිර්මාණ බිහිකිරීමේ මුල් අදහස එම නිර්මාණ කරුවන්ගේ සිතෙහි රෝපණය කළේ එම ආකර්ෂණීය නීතිය විසිනි.

රු810.00 10% OFF
Out Of Stock

බිඳුණු මන්දිර

Highlights:

කේට්, තම දරු දෙදෙනා අතහැර පලා ගියාය. ආබාධිත බිළිදු දියණියත්, ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලාගනිමින් බිඳී ගිය පවුල පිළිසකර කරන්නට සිදූ වූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය. ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩ නැඟූ ඔවුන්ගේ ජීවිතයත්, හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම.  ̈චිත්‍රපටයක්” නිසා විනාශ වී යනු ඇතිද?

රු1,620.00 10% OFF

පහන් සිතින් සරන්න

Highlights:

” නිකමට සිතන්න…

ඔබේ ජීවීතයේ අරමුණ, ඔබේ සතුට – ප්‍රමෝද පමණක්ම දා

එවිට….

ජීවිතය කුරිරු සහ, අසංවේදි ජීවිතයක් බවට පත් වේ…

ඔබ මිනිසත් බවෙහි ප්‍රඥාව වැලද ගත යුතු ය…

ඔබව, මේ ලෝකයට එවූ බලවේගයට සේවය කිරීම,

ඔබේ ජීවිතයේ අරුත බව,

ඔබේ බුද්ධිය සහ  හදවත පවසනු ඇත.

එවිට ජීවිතය…

ආනන්දය, ප්‍රහර්ෂය සහ ශාන්තිය පිරුණු ජීවිතයක්

බවට පත් වනු ඇත..”

 

කීර්තිමත්, ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛල

ලියෝ තෝල්ස්තෝයි,

රු1,080.00 10% OFF

සෙනෙහෙබර රූත්

Highlights:

ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවාගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිම කළ සිතුවම් තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.

පළේ එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ  මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්විය හැක.එය විවහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවිය පිලිබද පුළුල් විවරණයක් දෙ වේ.

රු1,170.00 10% OFF

රැම්සීස් 5 (බටහිර ඇකේෂියා සෙවනේ)

Highlights:

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”

-සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”

-ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”

-මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”

-සෙරමන්තා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”

-ආමෙහි

රැම්සීස් 4 ( අබු සිම්බල්හි ආර්යාව )

Highlights:

අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.

පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?

විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….

මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…

මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?

රැම්සීස් 2 ( සදාතනික දෙවොල )

Highlights:

“ආලෝකයේ පුත්‍රයා”

 

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.

 

සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?

 

මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?

 

බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට ?

ධනවත් පියා සහ දිළිඳු පියා

Highlights:

Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ Robert T Kiyosaki සැලකෙන්නේ ලක්ෂපතියන් ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක් ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙනා වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපව අලුත් විදිහට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහි එබැවිනි එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින් ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar