Samanthi Poth Prakashakayo

Samanthi Poth Prakashakayo

Showing all 22 results

Show:

ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්

Highlights:

අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.

ශ්‍රී ලංකාවේ බිම්මල්

Highlights:
ශ්‍රී ලංකාවේ බිම්මල් වගාවට
මනා ලෙස උචිත දේශගුණයකින් යුත්
රටකි. ලෝකයේ දැනට හදුනාගෙන
ඇති බිම්මල් වර්ග බොහොමයක්
පළමුව සොයා ගෙන ඇත්තේ ශ්‍රී
ලංකාවෙන් බව මූලාශ්‍රවලින් හෙළි වී
ඇත. කරුණු එසේ තිබියදී ආහාරයක්
වශයෙන් හෝ ආර්ථික ප්‍රභවයක්
වශයෙන් බිම්මල් පරිභෝජනය ශ්‍රී
ලංකාව තුළ තවමත් හරියාකාරව
වයාප්ත වී නැත. මෙයට හේතු
කිහිපයකි. බිම්මල් හෙවත් ගෙවතු
හතුවල පෝෂණීයව වටිනාකම් හරි හැටි
නොදන්නාකම, වගාව සම්බන්ධව
නවීන තාක්ෂණික ක්‍රම වයාප්ත වී
නොමැතිකම ඉන් සමහරකි.

ඇන්තූරියම් වගාව

Highlights:
දැනට අලංකාරය සඳහා හෝ වයාපාරික
මට්ටමින් ඇන්තූරියම් වගා කරනු
ලබන්නන්ගේද ඒ සඳහා උනන්දුවක් දක්වන
අයගේද ප්‍රයෝජනය සඳහා මෙය කතුවරිය
විසින් රචනා කර ඇත

මී මැසි පාලනය

Highlights:
මී මැසි පාලනය කෘෂිකර්මය
සමගාමී විෂය ක්ෂේත්‍රයකි.මෙම
කාර්‍යයෙහි විධිමත් අයුරින්
නියැලීමෙන් ලබාගත හැකි
ආර්ථික වාසි ප්‍රමාණය විශාලය.
තවද එය අඩු මුදලකින් ආරම්භ
කළ හැකි කර්මාන්තයකි.මෙම
කර්මාන්තයේ නියැලීම සදහා ද,
හැදෑරීම සදහා ද මෙම කෘතිය
ඔබට අත්වැලක් වේවායි පතමු.

රෝස වගාව

Highlights:
රෝසමල්වලට අකමැති කෙනෙකු සොයා ගැනීමට අපහසු අතර සුවද, පැහැය හා හැඩරුව අතින් රෝස වැනි වෙනත් පුෂ්පයක් නොමැති තරම් ය.
රෝස වගාව උදයාන අලංකරණය මෙන් ම ආර්ථික වගාවක් වශයෙන් ද ලංකාවේ ජනප්‍රිය ව පවති.රෝස වගාව පිළිබදව උනන්දුවක් දක්වන රෝස ලෝලයන්ගේ දැනුම වර්ධනය කිරීමට සිංහල මාධයෙන් ලියැවුණ පොත් විරල අවස්ථවක මෙම ‘රෝස වගාව’ පොත වඩාත් ප්‍රයෝජනවත් වේ.
Out Of Stock

කොග්ගල නිලමේ – 2

Highlights:

වසරකට වැඩි කළක් ‘සිතුමිණ ‘ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.

 

1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

Highlights:

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

බුදු දහමින් පිළිබිඹුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම

Highlights:

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ තමා අවබෝධ කොට ගත් ධර්මාර්ථයන්ට විවිධ මාර්ග ඔස්සේ ශ්‍රාවකයන් ගෙන ගොස් ඇත. නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රියාවන් උන් වහන්සේගේ ධර්ම මාර්ගයන්හි විසිරී පැතිරී පවතී. ඒවා පිළිබඳව ත්‍රිපිටකාගත කරුණු ඇසුරින් විමසා බැලීම මෙම ග්‍රන්ථයේ මූලිකාධ්‍යාශය යි.

ස්වයං මෝහනය තුළින් ප්‍රීතිමත් ජීවිතයක්

Highlights:

ස්වයං මෝහනය ආරම්භ වූ අවස්ථාවන් හා ඉතිහාසය පමණක් නොව, එය ඔබගේ ජීවිතයට උපයෝගී කරගත හැකි ආකාරයත් මෙම ග්‍රන්ථයේ මනාව පැහැදිලි වෙයි.

ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය

Highlights:

මනෝ විශ්ලේෂණය යනු කුමක්ද යන වගත්, එහි ස්වරූපය සහ භාවිතය පිළිබඳවත්, ප්‍රායෝගික වශයෙන් එය උපයෝගී කර ගන්නා ආකාරයත් පිළිබඳව මෙම කෘතියෙහි සවිස්තරාත්මක ලෙස කරුණු අන්තර්ගතය. අත්වැරදීම්, කටවැරදීම්, සිහින, විවිධ වූ කායික චර්යාවන් ආශ්‍රය කර ගනිමින් පුද්ගල මනස අනාවරණය කර ගන්නා ආකාරය මෙහි සංගෘහිතය. පුද්ගල මනස සහ ලිංගික ජීවිතය සමඟ පවත්නා වූ දැඩි සම්බන්ධතාවය පිළිබඳවත් එය ඇසුරු කර ගනිමින් මනස විශ්ලේෂණය කර ගනු ලබන ආකාරයත් පිළිබඳ තොරතුරු මෙහි සඳහන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්

Highlights:

මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.

ගමෙන් උපන් කතා

Highlights:

විමුක්තිය පතා සිංගප්පූරුව දෙසට හැරුණු ජනතාව අද විමුක්තිය පතා යළි ගම දෙසට හැරෙමින් සිටිති. ගම සිංගප්පූරුවට වඩා සිය දහස් ගුණයකින් සුන්දර බව මේ කෘතිය පෙන්වා දෙයි. එපමණක් නොව යමෙකුට මේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාවත වැටී ඇත්තේ ද ගම ඔස්සේ බව මේ කෘතිය පෙන්වා දෙයි. මිහිබට සුරපුර වනාහී ගමට තවත් නමක් බව මේ කෘතිය පෙන්වා දෙයි. එලෙසම යම් ලේඛකයෙකුට සුන්දර භාෂාවක් හිමිවන්නේ ඔහුට පැවසීමට සුන්දර අත්දැකීම් ඇත්නම් පමණක් බව ද මේ කෘතිය පෙන්වා දෙයි.

Out Of Stock

ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය

Highlights:

මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහෝ තැන්වල එකී කුලයේ ඇය ගොවිතැනේ යෙදෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායිකගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar