Weight | 150 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-591-071-5 |
Language | Sinhala |
Cover | Soft Cover |
හිම කබාය සහ තවත් කතා
රු475.00
Price Summary
- රු475.00
- රු475.00
- රු475.00
ඉවාන් ඉවානවිච් සද්ගුණවත් මිනිසෙකි! මිර්ගොරද් නගරයේ ඔහුගේ ගෙය කොතරම් අපුරුද! ගෙය වටේට පිහිටි සුදු වියන් බැඳි ඕක් ගස් යට දිග බංකු තබා ඇත. තදින් අව්ව පායන දිනවල ඉවාන් ඉවානවිච් කබාය උනා තබා කමිසය විතරක් හැඳ ගෙන වියන් බැඳි ගස් සෙවණේ වාඩි වී විවේක සුවය විඳියි.
Related Products
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුරුයි.ඔවුන් පදිංචි වූ නිවාස අතරින් අමුතුම නිවස මෙයයි.ඔය කණ්ඩිය යට ඔවුන්ගේ නිවස පිහිටනවා.බිම්ගෙයක් වැනි නිවසක්.මෙහිදී ලෝරා ඒ වගේම ඇගේ සහෝදරියෝ පාසල් යාම ආරම්භ කරනවා.අලුත් පාසලේ අලුත් අත්දැකීම් මේ පොතේ ඇතුළත් වේ.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
කාල් මාක්ස් ජීවන චරිතය
ජනයා ආර්ථික සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍ය සංස්ථා, නීතිය පිලිබඳ සංස්ථා, කලාව සහ ආගම පිලිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත්, එබැවින් එය වසන් නොකොට සම්පුර්ණයෙන් හෙළි කලයුතු බවත් මාක්ස් කිවේය.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
වන වැදුණු දොස්තර
Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
නපුරු පාලකයෝ තුන්දෙනා
නපුරු පාලකයෝ තුන්දෙනා වේදිකා නාටකයක්, ගීත නාටකයක් මෙන්ම චිත්‍රපට කිහිපයකට නගනු ලැබ ඇත. එය ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වය දිනාගෙන ඇත. හාස්‍ය රසයෙන් යුත් මෙම කාව්‍යමය සුරංගනා කතාවේ ඉරණම ප්‍රීතිමත් එකකි.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
සීතලෙන් සීත වුණු සීත සමය
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81දි ඇති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් වීම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරීටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලඩ් තිරීගුසොයා බිහිසුණු ගමනක යෙදෙති.