Weight | 150 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-591-071-5 |
Language | Sinhala |
Cover | Soft Cover |
හිම කබාය සහ තවත් කතා
රු475.00
Price Summary
- රු475.00
- රු475.00
- රු475.00
ඉවාන් ඉවානවිච් සද්ගුණවත් මිනිසෙකි! මිර්ගොරද් නගරයේ ඔහුගේ ගෙය කොතරම් අපුරුද! ගෙය වටේට පිහිටි සුදු වියන් බැඳි ඕක් ගස් යට දිග බංකු තබා ඇත. තදින් අව්ව පායන දිනවල ඉවාන් ඉවානවිච් කබාය උනා තබා කමිසය විතරක් හැඳ ගෙන වියන් බැඳි ගස් සෙවණේ වාඩි වී විවේක සුවය විඳියි.
Related Products
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
සීතලෙන් සීත වුණු සීත සමය
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81දි ඇති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් වීම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරීටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලඩ් තිරීගුසොයා බිහිසුණු ගමනක යෙදෙති.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
නපුරු පාලකයෝ තුන්දෙනා
නපුරු පාලකයෝ තුන්දෙනා වේදිකා නාටකයක්, ගීත නාටකයක් මෙන්ම චිත්‍රපට කිහිපයකට නගනු ලැබ ඇත. එය ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වය දිනාගෙන ඇත. හාස්‍ය රසයෙන් යුත් මෙම කාව්‍යමය සුරංගනා කතාවේ ඉරණම ප්‍රීතිමත් එකකි.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
වනගත ලංකා
WILD CEYLONA නම් කෘතියේ සිංහල පරිවර්තනයයි “වනගත ලංකා”. වනයත්, වැදිජනයා ගැනත් ආර් එල් ස්පිට්ල් අතින් ලියැවුණු පළමුවන ග්‍රන්ථය මෙයයි. ඔහු මෙම කෘතිය හරහා වනයේ විසිතුරු බවත් වැදි ජීවිතයේ ඇති දුෂ්කරතාවයන් පිළිබඳ කරුණු කාරණා ඔහු මැනවින් ඉදිරිපත් කරයි.
වන වැදුණු දොස්තර
Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.