Weight | 400 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0672-12-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හඳහනේ සැඟවුන රහස්
රු690.00
Price Summary
- රු690.00
- රු690.00
- රු690.00
ජ්‍යොතිෂය කෙතරම් ශාස්ත්‍රීයද නැත්නම් විද්‍යාත්මකද යන්න වර්ථමානයේ බෙහෙවින්ම සාකච්ජාවට බඳුන් වී ඇති මාතෘකාවකි.නමුත් මේ ප්‍රශ්න කරන කිසිවෙකුත් රවි. චන්ද්‍ර, කුජ, බුධගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිළිබඳ නම් වශයෙන් හඳුනා ගැනීම හැර ජ්‍යොතිෂය නැමැති විෂය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් නැත්තවුන් බව ඉර හඳ මෙන් විශ්වාසය.කෙනෙක් රහත් භාවයට පත්ව ඇත්ද නැත්ද දන්නේ බුදුවරයෙකු හෝ තවත් රහතුන් නමක්ම පමණ ය.
Related Products
නාඩි ජ්‍යොතිෂ පද්ධතිය
කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්රත්යක්ෂ කර ගත හැකිය.
කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1
ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.
ග්‍රහ බල සහ භාව බල
ලග්නයට අනුව ග්රහයින්ගේ ක්‍රියාකාරිත්වයත් ඉන් ඇතිවන සුභ අසුභ ඵල ගැනත් අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි. මෙහි කතුවර වෛද්යාචාර්ය ආර්. එච්. විලියම් මහතා ජ්‍යෝතිෂ ක්ෂේත්රයේ ප්රවීණයෙකි.
ජ්‍යොතිෂයේ නොපෙනෙන මානය
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වන ආචාර්ය පියසේන රතුවිතාන විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය මගින් ජ්‍යෝතිෂයේ අප මෙතෙක් දැක නොමැති, බොහෝ අයගෙන් මග හැරුණු පැතිකඩක් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2ba2e8c0ae9811e9b2e665fc22e805f9″ ]
සෙත්කවි කලාව
සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.
සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍යර්
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.
නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්
මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.
ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත
නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. මේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයකු ම පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් බව විශ්වාස කෙරේ. මෙම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඔස්සේ පුද්ගලයකුගේ පලාපල විග්රහ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
පොරොන්දම් බලන හැටි
පොරොන්දම් බලන හැටි ඉගෙනීමට අවශ්‍ය නක්ෂත්ර වගු හා පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් හෙළිදරවු නොවූ අති දුර්ලභ කරුණු රාශියක් අන්තර්ගත මෙම කෘතිය ජ්‍යෝතිෂ ග්රන්ථ රැසක් සම්පාදනය කළ ප්‍රවීණ ජෝතිර්වේදීයෙකුගේ මනා දැනුමේ හා දිගුකාලීන ගවේෂණයක ප්රතිඵලයකි. විවාහයට පමණක් නොව වෙනත් බොහෝ කටයුතුවලට පොරොන්දම් බලන හැටි ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.
ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා නිවාස අත්පොත
ජ්‍යොතිෂයට අනුව සුභ ඵල ගෙන දෙන සෞභාග්‍ය සම්පන්න නිවසක් ගොඩ නගා ගැනීමට අවැසි සියලුම කරුණු අන්තර්ගත මේ කෘතිය පොදුවේ සෑම පාඨකයෙක්ටම වැදගත් වන්නකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a58f5a10a96311eaaafa752707407f81″ ]
මහා යන්ත්‍ර ශ්‍රෙණිය
මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.
කේන්ද්‍රය සහ ග්‍රහයෝ
කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය සහ එහි ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳ මේ ජ්‍යොතිෂ කෘතියෙන් විස්තර වෙයි. එක් එක් ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගෙන් ලැබෙන සුබ අසුබ ඵල පිළිබඳ මෙයින් කතා කෙරේ.
ජීවිතයට ජ්‍යෝතිෂය
ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග්රහ කරන මේ කෘතිය දිවියේ අනේක විවිධ ප්‍රශ්න හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනය ගෙන දෙන්නකි. ජ්‍යෝතිෂය පිළිබඳ වැඩි දැනුමක් නොමැති අයෙකුට ද මෙය කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සම්පාදනය කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bef9b6201cd511ea884dd7d8f580f29c” ]