Astrology

(Showing 1 – 30 products of 33 products)

Show:

හඳහනේ සැඟවුන රහස්

Highlights:

ජ්‍යොතිෂය කෙතරම් ශාස්ත්‍රීයද නැත්නම් විද්‍යාත්මකද යන්න වර්ථමානයේ බෙහෙවින්ම සාකච්ජාවට බඳුන් වී ඇති මාතෘකාවකි.නමුත් මේ ප්‍රශ්න කරන කිසිවෙකුත් රවි. චන්ද්‍ර, කුජ, බුධගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිළිබඳ නම් වශයෙන් හඳුනා ගැනීම හැර ජ්‍යොතිෂය නැමැති විෂය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් නැත්තවුන් බව ඉර හඳ මෙන් විශ්වාසය.කෙනෙක් රහත් භාවයට පත්ව ඇත්ද නැත්ද දන්නේ බුදුවරයෙකු හෝ තවත් රහතුන් නමක්ම පමණ ය.

Out Of Stock

පිරමිඩ් යාන්ත්‍රණයෙන් වාස්තු විද්‍යාව

Highlights:

අතීත ක්‍රමවේඳ තුලින් වේගවත්ව පහසුවේන් භාවිතා කරන යාන්ත්‍රන ක්‍රමයක් දැන් රූපාකාර යෙන් පහසුවෙන් ඉගෙන භාවිතා කිරීමට සරලව සකස්කර ඇත. නිරෝගීභාවය හා ධනවත්වීම මෙම ක්‍රමවේද තුළින් ඔබේ අනාගතය සර්ථකත්වය කරා ගෙනයයි. මෙම විශිෂ්ඨ ඥානය භාවිතයෙන් නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව ආදිය බලාපොරොත්තු සඵල කරන ආකාරයට පිළියෙල කර ගත හැකිය.

Out Of Stock

පැරණි ගෙබිම් සංග්‍රහය 1

Highlights:

කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.

නාඩි ජ්‍යොතිෂ පද්ධතිය

Highlights:

කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.

සෙත්කවි කලාව

Highlights:

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

Out Of Stock

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත 

Highlights:

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත “ආධ්‍යාත්මික
ස්නායුවේද විද්‍යාව (Neurotheology) සහ මිනිස් මොළ තරංග ආශ්‍රිතව
සිදුකළ ප්‍රායෝගික අධ්‍ය‍යනයකි” යනුවෙන් නම් කොට ඇති මෙම ග්‍රන්ථය
මානව විද්‍යා අධ්‍යයන (Anthropology) සහ ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව
(Neurotheology) පදනමකින් සිදුකර ඇති පර්යේෂණයක ප්‍රතිඵලයකි. මෙහිදී
සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය
පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකා අප විසින් පර්යේෂණය සිදුකරන
ලදී.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආධ්‍යාත්මික ස්නායුවේදී විද්‍යා පර්යේෂණ සිදු
කිරීමෙන් මෙරට සංස්කෘතියේ යාවත්කාලීන වටිනාකම් ඉතා හොඳින්
ඉස්මතු කළ හැකි බව විශ්වප්‍රාණී අධිභෞතික පර්යේෂණ සංගමයේ
සහ කතුවරයාගේ විශ්වාසයයි. ඒ අනුව ඉතා ප්‍රතිඵලදායක චිකිත්සක
ක්‍රමයක් ලෙස හඳුනා ගත් මහා පිරිත ගායනය සහ ශ්‍රවණය අවසානයේ
බුදු දහමේ දැක්වෙන නිර්වාණගාමී පටිපදාව සමඟ ද බද්ධ වන අකාරය
මේ කෘතිය මඟින් දක්වා ඇත.

Out Of Stock

සාරාවලිය

Highlights:

යම් හිරු දෙවියකු පහළ වු කල (හිරු උදා වු කල) මෙ ලෝ වැසි
තෙමේ පිබිදීමට යේ ද මුදුන් වු කල ගොවිතැන් වෙළෙඳ්‍රම් ඈ
කටයුතුවල යෙදේ ද හිරු බට කල(අසතංගත වු කල)ශයනය කෙරේ
ද එ බඳු ක්‍රියා කරවන සියලු ලෝ වැසි දන ගේ එකම ආත්මය වු ඒ
හිරු දිනේ වා!

පෙර විසු ගගර්‍ පරාශරාදි මුනිවරයන් විසින් විස්තර වශයෙන්
රචිත හෝරා ශාසත්‍රය පිරික්සා වරාහමිහිරාචායර්‍ යන් විසින් එය
සැකෙවින් දක්වන ලදි.

Out Of Stock

මහා යන්ත්‍ර ශ්‍රෙණිය

Highlights:

මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්‍රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.

කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1

Highlights:

ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.

Out Of Stock

කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය

Highlights:

කේන්දර බලන හැටි  8 – වෘශ්චික ලග්නය

රු180.00 25% OFF
Out Of Stock

නැකතක අසිරිය

Highlights:

සාමාන්‍ය ජ්‍යෝතිෂ දැනුමක් ඇති කෙනෙකුට වුවත්, යහපත් බලවත් නැකතක් සාදා ගන්නා හැටි මේ පොතින් දැක්වේ. ජ්‍යෝතිෂය නොදන්නා කෙනෙකුට වුවත්, දවස හා හෝරාව ප්‍රමුඛ කර ගෙන චූල ජ්‍යෝතිෂයට අනුව ශුභ මොහොතක් හදා ගැනීමට මේ පොත උදව් වේ. .

Out Of Stock

නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්

Highlights:

මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.   

රු262.50 25% OFF
Out Of Stock

භවය විඤ්ඤාණය සහ කර්ම බලය

Highlights:

භවයක් හෙවත් උපතක් ලැබීම පසුපස විඥානය සහ කර්ම බලය හේතු වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.  

රු262.50 25% OFF
Out Of Stock

ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. මේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයකු ම පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් බව විශ්වාස කෙරේ. මෙම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඔස්සේ පුද්ගලයකුගේ පලාපල විග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

Out Of Stock

ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.

Out Of Stock

සසර සැරිසරන සිත

Highlights:

කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්‍යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙ‍රේ. 

රු225.00 25% OFF

සසර ගමන ජීවිතය හා සතුට

Highlights:

ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .  

රු225.00 25% OFF

භව අතර සැරිසරන විඤ්ඤාණය

Highlights:

ආගම කුමක් වුවත් බොහෝ දෙනෙක් පුනර්භවය විශ්වාස කරති. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ විඥානය මගින් තවත් උපතක් ලබා දෙන බවට විස්තර කෙරේ. මේ ආකාරයට විවිධ භව ඔස්සේ සැරිසරන විඥානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම කෘතියෙන් අනාවරණය කෙරේ.

රු262.50 25% OFF

ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා නිවාස අත්පොත

Highlights:

ජ්‍යොතිෂයට අනුව සුභ ඵල ගෙන දෙන සෞභාග්‍ය සම්පන්න නිවසක් ගොඩ නගා ගැනීමට අවැසි සියලුම කරුණු අන්තර්ගත මේ කෘතිය පොදුවේ සෑම පාඨකයෙක්ටම වැදගත් වන්නකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a58f5a10a96311eaaafa752707407f81″ ]

යුග දිවිය හා කේන්ද්‍රයේ හත්වැන්න

Highlights:

කේන්ද්‍රයේ හත්වැන්න යනු පුද්ගලයකුගේ විවාහය කෙරෙහි ඍජුවම බලපාන්නා වූ කේන්ද්‍ර ස්ථානයකි. මේ පිළිබඳ ගැඹුරින්, සරලව සාකච්ඡා කෙරෙන මෙම කෘතියේ සම්පාදකවරයා වන්නේ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතානයන්ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1dd02110d57711e9b39e0b9cc71c1b43″ ]

ජ්‍යොතිෂයේ නොපෙනෙන මානය

Highlights:

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වන ආචාර්ය පියසේන රතුවිතාන විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය මගින් ජ්‍යෝතිෂයේ අප මෙතෙක් දැක නොමැති, බොහෝ අයගෙන් මග හැරුණු පැතිකඩක් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2ba2e8c0ae9811e9b2e665fc22e805f9″ ]

Out Of Stock

ජ්‍යොතිෂ හස්තය

Highlights:

ඔබේ හඳහනේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔබ ගැන පලාපල විස්තරයක් ලබාගැනීම සඳහා මග පෙන්වන කෘතියකි වන මෙය සම්පාදනය කොට ඇත්තේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතාන විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c00e9d901d6411eaa86da77fbaa1d241″ ]

ජීවිතයට ජ්‍යෝතිෂය

Highlights:

ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග්‍රහ කරන මේ කෘතිය දිවියේ අනේක විවිධ ප්‍රශ්න හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනය ගෙන දෙන්නකි. ජ්‍යෝතිෂය පිළිබඳ වැඩි දැනුමක් නොමැති අයෙකුට ද මෙය කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bef9b6201cd511ea884dd7d8f580f29c” ]

උපන්නේ කවුදැයි කියන්නේ මෙහෙමයි

Highlights:

උපන් වෙලාවට අනුව උපන්නේ කවරෙක්දැයි දැනගන්නා ආකාරය සරලව පැහැදිලි කෙරෙන මේ කෘතිය, ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ප්‍රයෝජනවත් වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cc14651027a911eab353291767248c03″ ]

ග්‍රහ බල සහ භාව බල

Highlights:

ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරිත්වයත් ඉන් ඇතිවන සුභ අසුභ ඵල ගැනත් අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි. මෙහි කතුවර වෛද්‍යාචාර්ය ආර්. එච්. විලියම් මහතා ජ්‍යෝතිෂ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

Out Of Stock

පලාපල කථනයට පියගැට පෙළ

Highlights:

පලාපල කථනය යනු ජ්‍යෝතිෂයේ ඇති සුවිශේෂී අංගයකි. කේන්ද්‍රය හිමියාගේ ඉදිරි අනාගතය සම්බන්ධ සුබ අසුබ කරුණු හෙළිකිරීම මෙයින් සිදු වේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු වූ පියසේන රතුවිතාන මහතා විසින් සම්පාදනය කොට ඇති මේ කෘතියෙන් නිවැරදි පලාපල කථනයට මග පෙන්වීමක් සිදු කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b42653c0165711eabc20a74e0e8db37e” ]

Out Of Stock

කේන්ද්‍රය සහ ග්‍රහයෝ

Highlights:

කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය සහ එහි ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳ මේ ජ්‍යොතිෂ කෘතියෙන් විස්තර වෙයි. එක් එක් ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගෙන් ලැබෙන සුබ අසුබ ඵල පිළිබඳ මෙයින් කතා කෙරේ.

Out Of Stock

දොලොස් ලග්නය සහ ග්‍රහයෝ

Highlights:

දොළොස් ලග්න සහ ග්‍රහයින් ගැන ද, එම ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව යෙදෙන යෝග ආදී වැදගත් කරුණු ගැන ද මේ කෘතියෙන් පුළුල්ව විග්‍රහ කෙරේ. ජ්‍යෝතිෂ පොත් ගණනාවක්ම ලියා ඇති ලංකාවේ ප්‍රවීණතම ජ්‍යෝතිෂවේදියකු වන පියසේන රතුවිතාන මහතා මෙහි කතුවරයා වේ.

Out Of Stock

නැකත් හදන හැටි

Highlights:

ජ්‍යෝතිෂයේ වැදගත් අංගයක් වන නැකැත් සාදන ආකාරය පිළිබඳව ක්‍රමානුකූලව සහ සරලව පැහැදිලි කරන මෙම කෘතිය ජ්‍යෝතිෂය හදාරන්නන්ට මෙන්ම එහි නිරතවන්නන්ට ද ඉතා වැදගත්ය.

1 2
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping