Weight | 400 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0672-12-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හඳහනේ සැඟවුන රහස්
රු690.00
Price Summary
- රු690.00
- රු690.00
- රු690.00
ජ්‍යොතිෂය කෙතරම් ශාස්ත්‍රීයද නැත්නම් විද්‍යාත්මකද යන්න වර්ථමානයේ බෙහෙවින්ම සාකච්ජාවට බඳුන් වී ඇති මාතෘකාවකි.නමුත් මේ ප්‍රශ්න කරන කිසිවෙකුත් රවි. චන්ද්‍ර, කුජ, බුධගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිළිබඳ නම් වශයෙන් හඳුනා ගැනීම හැර ජ්‍යොතිෂය නැමැති විෂය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් නැත්තවුන් බව ඉර හඳ මෙන් විශ්වාසය.කෙනෙක් රහත් භාවයට පත්ව ඇත්ද නැත්ද දන්නේ බුදුවරයෙකු හෝ තවත් රහතුන් නමක්ම පමණ ය.
Related Products
සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත
සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත “ආධ්‍යාත්මික
ස්නායුවේද විද්‍යාව (Neurotheology) සහ මිනිස් මොළ තරංග ආශ්‍රිතව
සිදුකළ ප්‍රායෝගික අධ්‍යයනයකි” යනුවෙන් නම් කොට ඇති මෙම ග්‍රන්ථය
මානව විද්‍යා අධ්‍යයන (Anthropology) සහ ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව
(Neurotheology) පදනමකින් සිදුකර ඇති පර්යේෂණයක ප්රතිඵලයකි. මෙහිදී
සිංහල බෞද්ධ සම්ප්රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය
පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකා අප විසින් පර්යේෂණය සිදුකරන
ලදී.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආධ්‍යාත්මික ස්නායුවේදී විද්‍යා පර්යේෂණ සිදු
කිරීමෙන් මෙරට සංස්කෘතියේ යාවත්කාලීන වටිනාකම් ඉතා හොඳින්
ඉස්මතු කළ හැකි බව විශ්වප්‍රාණී අධිභෞතික පර්යේෂණ සංගමයේ
සහ කතුවරයාගේ විශ්වාසයයි. ඒ අනුව ඉතා ප්‍රතිඵලදායක චිකිත්සක
ක්‍රමයක් ලෙස හඳුනා ගත් මහා පිරිත ගායනය සහ ශ්‍රවණය අවසානයේ
බුදු දහමේ දැක්වෙන නිර්වාණගාමී පටිපදාව සමඟ ද බද්ධ වන අකාරය
මේ කෘතිය මඟින් දක්වා ඇත.
යුග දිවිය හා කේන්ද්‍රයේ හත්වැන්න
කේන්ද්‍රයේ හත්වැන්න යනු පුද්ගලයකුගේ විවාහය කෙරෙහි ඍජුවම බලපාන්නා වූ කේන්ද්‍ර ස්ථානයකි. මේ පිළිබඳ ගැඹුරින්, සරලව සාකච්ඡා කෙරෙන මෙම කෘතියේ සම්පාදකවරයා වන්නේ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතානයන්ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1dd02110d57711e9b39e0b9cc71c1b43″ ]
ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත
නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.
තත්කාල හා නිමිත් ශාස්ත්‍රය
ජ්‍යොතිෂයේ පුදුම උපදවන එමෙන්ම සිත් ඇදගන්නා අංශය ලෙස තත්කාල හා නිමිති ශාස්ත්‍රය හැඳින්විය හැකිය. යම් කිසිවෙකු ජ්‍යොතිෂඥයෙකු වෙත පැමිණ කිසියම් කරුණක් සිතේ තබාගෙන,ථ තමුන් එය පිළිබඳ හෙළි නොකර විමසූ විට හිතේ තිබෙන දේ කීම තත්කාල හා නිමිති ශාස්ත්රයේ ප්‍රධානතම කර්තව්‍ය වන්නේ ය. මේ කෘතිය ඒ පිළිබඳ කරුණු විස්තරාත්මකව දක්වයි.
නැකත් හදන හැටි
ජ්‍යෝතිෂයේ වැදගත් අංගයක් වන නැකැත් සාදන ආකාරය පිළිබඳව ක්‍රමානුකූලව සහ සරලව පැහැදිලි කරන මෙම කෘතිය ජ්‍යෝතිෂය හදාරන්නන්ට මෙන්ම එහි නිරතවන්නන්ට ද ඉතා වැදගත්ය.
නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්
මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.
උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ
උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ
දොලොස් ලග්නය සහ ග්‍රහයෝ
දොළොස් ලග්න සහ ග්‍රහයින් ගැන ද, එම ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව යෙදෙන යෝග ආදී වැදගත් කරුණු ගැන ද මේ කෘතියෙන් පුළුල්ව විග්රහ කෙරේ. ජ්‍යෝතිෂ පොත් ගණනාවක්ම ලියා ඇති ලංකාවේ ප්රවීණතම ජ්‍යෝතිෂවේදියකු වන පියසේන රතුවිතාන මහතා මෙහි කතුවරයා වේ.
සාරාවලිය
යම් හිරු දෙවියකු පහළ වු කල (හිරු උදා වු කල) මෙ ලෝ වැසි
තෙමේ පිබිදීමට යේ ද මුදුන් වු කල ගොවිතැන් වෙළෙඳ්‍රම් ඈ
කටයුතුවල යෙදේ ද හිරු බට කල(අසතංගත වු කල)ශයනය කෙරේ
ද එ බඳු ක්‍රියා කරවන සියලු ලෝ වැසි දන ගේ එකම ආත්මය වු ඒ
හිරු දිනේ වා!
පෙර විසු ගගර් පරාශරාදි මුනිවරයන් විසින් විස්තර වශයෙන්
රචිත හෝරා ශාසත්‍රය පිරික්සා වරාහමිහිරාචායර් යන් විසින් එය
සැකෙවින් දක්වන ලදි.
මහා යන්ත්‍ර ශ්‍රෙණිය
මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.
පලාපල කථනයට පියගැට පෙළ
පලාපල කථනය යනු ජ්‍යෝතිෂයේ ඇති සුවිශේෂී අංගයකි. කේන්ද්‍රය හිමියාගේ ඉදිරි අනාගතය සම්බන්ධ සුබ අසුබ කරුණු හෙළිකිරීම මෙයින් සිදු වේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු වූ පියසේන රතුවිතාන මහතා විසින් සම්පාදනය කොට ඇති මේ කෘතියෙන් නිවැරදි පලාපල කථනයට මග පෙන්වීමක් සිදු කරයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b42653c0165711eabc20a74e0e8db37e” ]
ජ්‍යොතිෂ හස්තය
ඔබේ හඳහනේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔබ ගැන පලාපල විස්තරයක් ලබාගැනීම සඳහා මග පෙන්වන කෘතියකි වන මෙය සම්පාදනය කොට ඇත්තේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතාන විසිනි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c00e9d901d6411eaa86da77fbaa1d241″ ]