Weight | 100 g |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
ශ්‍රී ලංකා මාර්ග සිතියම
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
Related Products
උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය
රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරඟ විභාගයකට මුහුණ දීමත් එයින් ඉහළම දස්කම් දැක්වීමක් අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණ භාෂා හැකියා පරීක්ෂණ ආදි විවිධ විෂයන් ඔස්සේ දැනුම හා කුසලතාවන් මැන බලයි. මෙම කෘතිය උසස් ජයග්‍රහණ ලබා ගනු සඳහා විධිමත් ව සම්පාදනය වූවකි.
මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – පොකට්
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය මේ වසරේ දී 69 වැනි වසර සපුරයි. දෙවැනි බසක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිංහල ජනතාවට එම ශබ්දකෝෂය දශක හතකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. පාඨකයන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් වැඩි ම වාර ගණනක් යාවත්කාලීන වූ එකම ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය ලෙස වාර්තාවක් තබා ඇති එහි තවත් දිගුවක් ලෙස යෞවන පාඨකයන් ඉලක්ක කර ගෙන මෙම මලලසේකර Pocket Dictionary ඉංග්‍රීසි සිංහල නම් ශබ්දකෝෂය සම්පාදනය වී මෙසේ ඔබ අතට පත් වෙයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වර්තමානයේ භාවිත වදන හැකිතාක් ඇතුළත් කරමින් එදිනෙදා පහසුවෙන් පරිහරණය ළ හැකි ප්‍රමාණයේ ප්‍රායෝගික ශබ්දකෝෂයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.
සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව
විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳ නිරවුල් අවබෝධයක්, නිවැරදි උච්චාරණයක් හුරු කරවයි.
අලෙවිකරණ මිශ්‍ර උපායමාර්ග
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ අලෙවිකරණ ක්ෂේත්රයේ යොදා ගත හැකි උපායමාර්ග සමූහයකි. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/214c4df0add311e98ae4b920dab55f79″ ]
සිංහල දෙමළ කතා පුහුණුව 1
දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.
ගුණසේන සිංහල – සිංහල (කුඩා) ශබ්දකෝෂය
සිංහල භාෂාවේ පොදුවේ යෙදෙන බොහෝ වදන් සහ ඒවායේ අර්ථ මෙහි අඩංගු වේ. පාසල් දරුවන් ඉළක්ක කොටගෙන විශේෂයෙන් සම්පාදනය කෙරුණ ද, සිංහල භාෂාව හා සාහිත්‍ය හදාරන ඕනෑම අයෙකුට මෙම ශබ්දකෝෂය සුදුසුය.
මාඉටිපේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්
ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
අභියෝග්‍යතා පරික්ෂණ
රාජ්‍ය අංශයේ රැකියාවකට අවතීර්ණ වීමේ දී ඒ සඳහා අනිවාර්යයෙන්ම සුවිශේෂ තරග විභාගයකට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එහි දී අභියෝග්‍යතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඔබට හිමි වන අතර එහිදී ඔබේ තර්කන ශක්තිය, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මැනවින් මැන බලයි. මේ කෘතිය සැකසී ඇත්තේ එම අභියෝග ජය ගැනීම සඳහා ඔබට ශක්තියක් වන්නට ය.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.