Weight | 100 g |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
ශ්‍රී ලංකා මාර්ග සිතියම
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
Related Products
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථය මගින් අලෙවිකරණයේ මූලික පදනම් මනාව ඉදිරිපත් කර තිබේ. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
ජපන් බසට සරල මගක්
ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයන්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට සහ ජපානයේ රැකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව වුව ද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග්රන්ථයකි.
නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්
ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.
සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව
විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳ නිරවුල් අවබෝධයක්, නිවැරදි උච්චාරණයක් හුරු කරවයි.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
Gunasena School World Atlas – Tamil
පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් දෙමළ බසින් සම්පාදනය කරන ලද, සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.
ෆිලිප්ස් ලෝක සිතියම් පොත
සිතියම්කරණය පිළිබඳ සාරගර්භ කරුණු සහ අවකාශීය තොරතුරු අන්තර්ගත කොට නිර්මිත ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පොතකි. භෞතික, සමාජ ආර්ථික, දේශපාලන කරුණු පිළිබඳ නිවැරදි හා නවතම දත්ත ඇතුලත් ය. සිතයම්කරණය පිළිබඳ ලොව ප්‍රකට එංගලන්තයේ ජෝර්ජ් පිලිප් සමාගමේ නීත්‍යානුකූල අවසරය ඇතිව සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් සිංහල බසට පෙරළා ඉහළ ගුණත්වයකින් යුක්තව මේ සිතියම් පොත සම්පාදනය කොට තිබේ.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
ගුණසෙන පාසල ලෝක සිතියම් පොත
පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් සම්පාදනය කරන ලද සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.