Weight | 100 g |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
ශ්‍රී ලංකා මාර්ග සිතියම
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
Related Products
ආධුනික ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන 6000 කටත් වඩා අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙහි කතුවරයා වන මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව ද මනා පරිචයක් ඇති බැවින් මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
දෙමළ 2
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක දෙවැන්නයි.
සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව
විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳ නිරවුල් අවබෝධයක්, නිවැරදි උච්චාරණයක් හුරු කරවයි.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්
ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
ජපන් බසට සරල මගක්
ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයන්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට සහ ජපානයේ රැකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව වුව ද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග්රන්ථයකි.
සිංහල දෙමළ කතා පුහුණුව 1
දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.
චීන බසට අත්වැලක්
චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d6f10e20b34811e9b53d2d445f0dac2c” ]
ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය
ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.