Weight | 100 g |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
ශ්‍රී ලංකා මාර්ග සිතියම
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
Related Products
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
දෙමළ 2
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක දෙවැන්නයි.
නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්
ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.
ජපන් බසට සරල මගක්
ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයන්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට සහ ජපානයේ රැකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව වුව ද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග්රන්ථයකි.
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය
රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරඟ විභාගයකට මුහුණ දීමත් එයින් ඉහළම දස්කම් දැක්වීමක් අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණ භාෂා හැකියා පරීක්ෂණ ආදි විවිධ විෂයන් ඔස්සේ දැනුම හා කුසලතාවන් මැන බලයි. මෙම කෘතිය උසස් ජයග්‍රහණ ලබා ගනු සඳහා විධිමත් ව සම්පාදනය වූවකි.
සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව
විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳ නිරවුල් අවබෝධයක්, නිවැරදි උච්චාරණයක් හුරු කරවයි.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
ගුණසේන සිංහල – සිංහල (කුඩා) ශබ්දකෝෂය
සිංහල භාෂාවේ පොදුවේ යෙදෙන බොහෝ වදන් සහ ඒවායේ අර්ථ මෙහි අඩංගු වේ. පාසල් දරුවන් ඉළක්ක කොටගෙන විශේෂයෙන් සම්පාදනය කෙරුණ ද, සිංහල භාෂාව හා සාහිත්‍ය හදාරන ඕනෑම අයෙකුට මෙම ශබ්දකෝෂය සුදුසුය.
අභියෝග්‍යතා පරික්ෂණ
රාජ්‍ය අංශයේ රැකියාවකට අවතීර්ණ වීමේ දී ඒ සඳහා අනිවාර්යයෙන්ම සුවිශේෂ තරග විභාගයකට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එහි දී අභියෝග්‍යතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඔබට හිමි වන අතර එහිදී ඔබේ තර්කන ශක්තිය, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මැනවින් මැන බලයි. මේ කෘතිය සැකසී ඇත්තේ එම අභියෝග ජය ගැනීම සඳහා ඔබට ශක්තියක් වන්නට ය.