Weight | 300 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-686-148-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
“මිරිසවැටිය” අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ “මිරිසවිටි”,මිරිසපිටි” යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ “මිරිසවිටි” යන නම යි.
V කාශ්‍යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ “මිරිසිවිටි” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් “මිරිචවට්ටි චෙතිය” යනුවෙන් කියනු ලැබේ.
Related Products
උදාර අපේක්ෂා 1
ඔහු හැම නියෝගයක් ගානේ මා සොහොන් කොත උඩ වැරෙන් පැද්දු හැටියට මට ක්ලාන්ත ගතියක් දැනිණ. මා බියෙන් මුසපත් වන බවක් දැනිණ “අනේ සර්, ඔච්චර මාව ගස්සන්න එපා”
“එපා?” යයි ගර්ජනය කර මෙවර ඔහු මා පැද්දු වේගයට දේවස්ථානයද පැද්දුණ බවක් පෙනිණ. පසුව ඔහු මගේ දෑත් ඉහළට ඇද්ද වේගයට මම සොහොන් කොත මත හිටගත්තෙමි.
චාල්ස් ඩිකන්ස් 1812 පෙබරවාරි 7 දා එංගලන්තයේ පෝට්ස් මවුත් ප්‍රදේශයේ උපන්නෙකි’. කුඩා කාලයේදීම ඔහුගේ පියාට සිරගත වීමට සිදුවූ නිසාම ඩිකන්ස්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුයේය එහෙත් පසු කාලීනව ඔහු විසි වසරක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පුවත්පතක් සංස්කරණය කල අතර නවකතා පහළොවක්ද රචනා කළේය. ඒ අතරින් උදාර අපේක්ෂා ( Great Expectations ) කෘතිය අති අතිවිෂිස්ට නිර්මානයකි
ඛේමා මහ රහත් තෙරණිය
ඛේමා මහ රහත් තෙරණිය
දානය නිර්වාණාවබෝධය පිණිස ද?
බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.
දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍යය.
ලෝචනා
ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.
නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.
එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.
මකාර් චුද්ර
ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද ඔවුන් දුක් විඳින්නේ සමාජ
ආර්ථික ක්රමයේ වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ
මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිතමුදිත
කිරීමට නම්,පවත්නා සමාජ -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා,නව සමාජ
ආර්ථික ක්‍රමයක් ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය.මේ සංග්‍රහයේ
එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ
වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන
ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද
දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන්
බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි…
ඈ හෙවත් අයේෂා 2
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, ඇමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන් සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් වන අතරම, අපගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.
සුන්දරී නන්දා මහරහත් තෙරණිය
“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.
එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.
මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.
බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.
සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 2
මෙය කීර්තිමත් බ්රිතාන්න්ය ගවේශක,ලේඛක පෝල් බ්රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
නරලොව හොල්මන් 1
කලකට පෙර රිවිරැස පත්‍රය කියවු පාඨකයන් අතර
ඉමහත් ජනප්‍රියභාවයට පත්වූ නරලොව හොල්මන්
රස කථා පෙළ නූතන පරපුරේ පාඨකයන් අතට ප්ත්
කිරීමට එම කථා එක්කොට සංස්කරණය කර ඔබ
අතට පත් කරන්නෙමු..
නරලොව හොල්මන් 3
දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.
අස්සජි මහ රහතන් වහන්සේ
“මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.
මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.
මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි.”
සැරියුත් මහ රහතන් වහන්සේ.
සංදෘෂ්ටි
බුද්ධ ධර්මය පිළිබඳ වර්තමාන බෞද්ධයන් තුළ ගොඩනැගී ඇති අන්ධ විශ්වාස සහ මිත්‍යා සංකල්ප පිසදමා සත්‍යය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට මෙමගින් පිටිවහලක් සැකසේ. මෙම කෘතිය ගිහි පැවිදි බේදයකින් තොරව සියල්ලන්ටම පරිශිලනය කිරීමට අවබෝධයෙන් කියවීමට සුදුසු ධර්ම ග්රන්ථයකි.