මෙරට රාජ්‍ය පාලකයින් විසින් අන්තරජාතික වෙළෙදාමෙන් උපයා ගත ධනය ආයෝජනය කරමින් ඉදිකර ඇති ගෘහ නිරමාණ අංග පිළිබඳවයි.
Related Products
ආර්ථික විද්‍යාව 1
උසස් පෙළ නව විෂය නිර්දේශය සදහා ආර්ථික විද්‍යාව 1
ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II
මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව ව්‍යුහගත
ප්‍රශ්න හා පිළිතුරු – II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .
Homo Deus – A Brief History of Tomorrow
Over the past century, humankind has managed to do the impossible and rein in famine, plague, and war. This may seem hard to accept, but as harari explains in his trademark style – thorough yet riveting – famine, plague, and war have been transformed from incomprehensible and uncontrollable forces of nature into manageable challenges
Edexcel International Gcse (9-1) Economics Student Book
The Edexcel International GCSE (9–1) Economics Student Book provides comprehensive coverage of the specification and is designed to supply students with the best preparation possible for the examination. Provides free access to an ActiveBook, a digital version of the Student Book, which can be accessed online, anytime, anywhere supporting learning beyond the classroom. Learning is embedded with differentiated exercises, case studies and exam practice throughout.
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f385ace0a12b11e9b8166713ca210a88″ ]
දුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
අභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/32e534f0b41611e9bbdbd7f1bc760c82″ ]
පිටිසර මිනිස්සු
මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.
මඟ දිගට ජනකතා
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.