අඹ යහළුවෝ
ට්.බ්.ඉලංගරත්න සූරින්ගේ නවකතා සමුහය අතරින් අඹ යහළුවො ලබාගෙන අත්තේ සුවශේෂ ස්තනයකි.කන්ද උඩරට පිටිසරබද සුන්දර ගම්මානයකදී අඹ යහළුවො එකිනෙකා හමුවෙති. ඒ සුනිල් හා නිමල්ය. දුප්පත් – පොහොසත් පවුල් දෙකක ඉපෙදුණු මේ දෙදරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙම කතාව ගලා යයි. පාසල් වියෙහි පසු වන ඔහුන්ගේ අශාවන්, දගකාරකම් හා කෙළි කවට සිනහවෙන් එය පිරි ඇත.පවුල් පසුබ්ම මගින් වෙනස් වුවද දරුවන් ගේ සිත් කදුකරයේ ගලා යන සිහිල් දිය කදුරක් වැන්න.එය නොකිලිටිය. බොහො දෙනාගේ ප්‍රයොඡනය පිණිස පවති. උඩරට ගැමි ඡිවිතය හා විශ්වාසය පිළිබදව ද කියැවෙන මෙහි බස සරල ය. සන්වාද පිරිපුන් ය.
ශීතා
1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිඹිබු කෙරෙන අද්භූත කතා සම්ප්‍රදායට අයත් වූවකි. එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකථාව තුළ ඇත. වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි. තම නොපැසුණු අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.
නෙල්ලි කැලේ වීරයෝ
“හොඳයි බාලදක්ෂයෝ වුනාම හැම ගැටළුවකටම මුහුණ දෙන්න ඕනි. මේ හැම බාධකයක්ම මැඩගෙන ඉදිරීයට යන්න ඕනි. මේ ගමන යන දරුවන්ට ඕනි හැම පහසුකමක්ම මං ලබා දෙනවා. ඔය පිරිසට රාත්‍රිය ගත කරන්න ඉඩ ලබා දෙන්න කියලා හැම පොලිස් ස්ටේෂන් එකකටම දන්වලා තියෙන්නෙ. ඒ අය ඔයගොල්ලන්ට හොඳින් සංග්‍රහ කරයි. අනෙක් දෙන්නත් අපුවහම මෙහෙ ගෙන්න ගෙන එන්න. සෑම ජතීයකම අය එකතු වෙලා ගිහින් “සාම ” පණිවුඩය දෙන්න හදන එක ලොකු දෙයක්. ඒ වගේම තව දෙයක් තියෙනවා තමන් යන ස්ථාන ගැන තොරතරු එකතු කරලා තමන්ගේ අත්දැකීම් ගැන හොඳ පොතක් පළ කරන්න පුළුවන්.
සංසාරාරණ්‍යය අසබඩ
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.
සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
සුර අසුර යාමය
සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
“නිමලෙලා වගෙ දරුවො කවදාවත් මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව කාටවත් මරන්නත් බෑ. – අදිරියන්
“පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම – වැරදිද තරුවකට ළංවී හිටියාම” – පත්මේ
”පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක – සඳවත වගෙද දිලුණත් තරු රැස නේක” – මුදිතා
“ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු ඔක්කොම එක රෑට පායන්නේ නැ”. – රුවිනී
“කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි නොබලම අපේ ඇඳන්වල හාන්සි වෙයි.” – ප්‍රියානි මැඩම්
“මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා දාන්න කවුරුවත් නැනේ.” – ප්‍රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා
සුද්දීලාගේ කතාව
ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණය කරන නවකතාවකි.
අකලට ආ ඉස්කෝලේ
අකලට ආ ඉස්කෝලේ
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
ක්ෂීර සාගරය කැලඹිණ
ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි කතාවක තුන්වෙනි මුද්‍රණයයි.
සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සිව්පාවා මෙන්ම ගහකොල සමඟද සැබෑ අවබෝධයෙන් ජීවත්වූ මිනිසකුගේ කතාන්දරයකි.
සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.
වනගත ලංකා
WILD CEYLONA නම් කෘතියේ සිංහල පරිවර්තනයයි “වනගත ලංකා”. වනයත්, වැදිජනයා ගැනත් ආර් එල් ස්පිට්ල් අතින් ලියැවුණු පළමුවන ග්‍රන්ථය මෙයයි. ඔහු මෙම කෘතිය හරහා වනයේ විසිතුරු බවත් වැදි ජීවිතයේ ඇති දුෂ්කරතාවයන් පිළිබඳ කරුණු කාරණා ඔහු මැනවින් ඉදිරිපත් කරයි.
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්‍රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්‍යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
මේ ඔක්කොම වින් ඩික්සි නිසා
දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි.ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
ට්වින්ක්ලින්කා
“මම බෝනික්කො ඉස්කෝලයක් දාලා ටීච වෙන්නයි යන්නෙ” පුංචි හීන කුමාරි එයාව එක්කගෙන ආව කෙනාට කීවා.”හ්ම්… කමක් නෑ මොනවා නැතත් මගේ පුංචි හින කුමාරි මට හම්බ වුණානෙ.”ටිවින්කි සතුටින් හිතුවා.
අප්පච්චි
“අ-ප්-ප-ච්-චි……??” මී අඹ ගහට කඳුළුත් ඉනුවා. ඒ තරම් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වුණේ නෑ මී අඹ ගහ තාමයි පුංච් කාලෙ මගෙ අම්මටයි මටයි හෙවන දුන්නෙ, තාත්තෙක් වගේ අපේ බඩ කට පිරෙව්වේ.
අත්තම්මගේ උපන්දිනේ
“අත්තම්මා මගේ හැම උපන්දිනයනටම තෑගි දෙනවා. ඒත් මම කවදාවත් අත්තම්මට තෑග්ගක් දීලා නෑ. අත්තම්මටත් මේ වගේ උපන්දින උත්සවයක් තිබුණොත්, මේ වගේ තෑගී ගොඩක් ලැබුණොත් කොයි තරම් සතුටු හිතෙයි ද? කූංචන එයාගේ තෑගි ගොඩ දිහා බලාගෙන හිතුවා.
අපේ ගම
දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම් විසින් ගස් කොළන්, ඇල දොල, ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන් ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.
කෑම සූත්තරේ
අනික් බිත්තියේ නම් මං ආසා කෑම ඇදලා තිබුණා. ඒත් කියලා තිබුණේ ඒවා “වැඩිපුර කන්න එපා” කියලයි. සීනි, පැණිරස කෑම, සුදු පාන්, බනිස් වර්ග නිතර කෑවාම සීනි ලෙඩේ හැදෙනවලු. පිරටවල ගොඩක් ළමයින්ට කඩචෝරු කළා ගොඩක් ලෙඩ හැදිලාලු. දැන් අපේ රටේ ළමයින්ටත් කඩචෝරු කාලා කාලා ඒ වගේ ලෙඩ හැදෙන්න පටන් අරගෙනලු.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.