පාසල් මට්ටමේ සිටම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ඉගැන්වීමේ එක් පරමාර්ථයක් වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබඳව අදාළ මුල්‍ය තොරතුරු නිවැරදිව හා උසස් ගුණත්වයෙන් යුක්තව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීමයි. මෙම කරුණු සැළකිල්ලට ගෙන අ.පො.ස. (උසස් පෙළ) මෙන්ම ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පිළිබඳව අවශ්‍ය මූලික අවබෝධය ලබාදීම සඳහා මෙම සංශෝධිත ග්‍රන්ථය සම්පාදනය කර ඇත. එම විභාග සඳහා උගන්වන සහ දේශණ පවත්වන ගුරුභවතුන්ට හා කථිකාචාර්යවරුන්ට අත්පොතක් වශයෙන්ද මෙම ග්‍රන්ථය භාවිතා කළ හැකිය. මෑතකදී සිදුකරන ලද සංශෝධනයන්ද සහිතව අදාළ ප්රමිතයන්හි අන්තර්ගතයට හානියක් නොවන පරිදි අවශ්‍යම පැහැදිලිකිරීම් මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් එක් එක් ප්‍රමිතය යටතේ ඉදිරිපත් කර ඇත. සමහරවිට මෙහි ඇතුළත් ඇතැම් කොටස් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අවශ්‍ය නොවිය හැකිය. එම නිසා, මෙම ග්‍රන්ථය හදාරන දරු දැරියන්ට ඇතැම් කරුණු වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා, ගණකාධිකරණ විෂයය පිළිබඳව පළපුරුද්දක් සහිත ගුරුභවතුන්ගේ මග පෙන්වීම යටතේ මෙහි ඇතුළත් ප්‍රමිත පිළිබඳව හැදෑරීම වඩාත් ඵලදායී වේ.
Recent Comments