M.D. Gunasena & Co. (Pvt) Ltd

M.D. Gunasena & Co. (Pvt) Ltd

(Showing 871 – 900 products of 931 products)

Show:

මහත්මා ගාන්ධි

Highlights:

මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියට ම සූර්ය මඬළක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලුණු නොනැමුණු අභීත ජාතික වීරයෙකි. ගාන්ධිගේ උදාර ජීවිත කතාව අනාවරණය කෙරෙන මෙම කෘතිය වීරෝදාර ජනනායකයකුගේ අතිවිශිෂ්ට චරිතය හැදෑරීමේ අනගි අවස්ථාව ඔබට උදා කර දෙයි

මද්දුම බණ්ඩාර

Highlights:

වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.

Out Of Stock

ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල

Highlights:

ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.

Out Of Stock

අභීත සිංහල වීරයෝ

Highlights:

දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/32e534f0b41611e9bbdbd7f1bc760c82″ ]

Out Of Stock

ගැමුණු රජ සහ දස මහා යෝධයෝ

Highlights:

‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.

Out Of Stock

සූර සරදියෙල්

Highlights:

වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්‍රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]

Out Of Stock

ද්‍රව්‍ය බලා ඇඳීම

Highlights:

අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.

චිත්‍ර ඇඳීම

Highlights:

චිත්‍ර විෂයෙහි ප්‍රායොග් ික පැතිකඩ අළලා සිංහල බසින් ලියැවී ඇති කෘතියකි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුනට පමණක් නොව චිත්‍ර ඇඳීමට කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ.

Out Of Stock

සතුන් ඇඳීම

Highlights:

චිත්‍ර කලාව හදාරන සිසුන් සඳහා ප්‍රයෝජනවත් වන කෘතියකි. සජීවී අයුරින් සත්ත්ව රූප ඇඳීම පිළිබඳව මෙම කෘතිය මනාව විස්තර කරයි.

සිංහල සැරසිලි සිතුවම් කලාව

Highlights:

සිංහල සැරසිලි සිතුවම් කලාව ජන දිවිය හා සබැඳුණු තවත් කලාවකි. මඟුල් මඩු, මංගල පෝරු, පිරිත් මණ්ඩප ආදී නන්විධ කාර්යන්හිදී සැරසිලි සිතුවම් කලාව ජනතාව සමඟ සමීප ය. මහනුවර යුගයේදී මේ කලාව බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති බවක් පෙනී යයි. සිංහලයේ මෝස්තර රැසක් ද ඒවා සැරසිලි සඳහා යොදා ගන්නා අවස්ථාවන් ගැන ද බොහෝ තොරතුරු මෙහි අන්තර්ගතය. චිත්‍ර කලාව හදාරන පාසල් සිසුන්ට මෙන්ම සැරසිලි කලාවේ නියැලෙන ශිල්පීන් හට මෙය මනා අත්වැලක් සපයයි.

Out Of Stock

මලලසේකර ශබ්දකෝෂය (ඩීවීඩී සමග)

Highlights:

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ එය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෘදුකාංගය ඇතුළත් ඩීවීඩී යුගලය සහිත ය.

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය (කුඩා)

Highlights:

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයෙන් තරුණ පරපුරට වඩාත් ගැළපෙන පරිදි තෝරා ගත් වචන අඩංගු කොට, කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය කොට තිබේ. පහසුවෙන් රැගෙන යා හැකි පරිදි නිර්මාණය කොට ඇති මෙහි සම්පාදකවරයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් සංස්කාරවරයකු සහ ග්‍රන්ථ කතුවරයකු වන පර්සි ජයමාන්න මහතාය.

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාශය සහ අකාරාදිය

Highlights:

සිංහල බසින් ලියද්දී අක්ෂර වින්‍යාසයට හිමි වන්නේ වැදගත් තැනකි. යම්කිසි වචනයක අකුරු සම්මත රීතියකට අනුව ගැළපීම අක්ෂර වින්‍යාසය යනුවෙන් හඳුන්වනු ලබයි. එක් අක්ෂරයක් නොගැළපීම නිසා යම් වදනක අර්ථය සහමුලින්ම වෙනස් විය හැකිය. එවිට යම්කිසි වාක්‍යයක් තුළින් පවසන්නට බලාපොරොත්තු වන අර්ථය වෙනස් වේ. සිංහල භාෂාව නිවැරදිව හැසිරීමේ දී අක්ෂර වින්‍යාසය වැදගත් වන්නේ එබැවිනි. මෙම කෘතිය බොහෝ දෙනෙකුට වරදින්නට ඉඩකඩ ඇති වදන් රාඔියක නිවැරදි අක්ෂර වින්‍යාසය ඉදිරිපත් කරයි. එබැවින් පාසල් දරුවන්ට මෙන්ම සිංහල බසින් ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.

Out Of Stock

සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා විකාශනය

Highlights:

නූතන සිංහල කෙටිකතාව 18 හා 19 වැනි සියවස්වල උපත ලැබුයේ යැයි සැලකෙන නමුත් විද්වතුන් අතර ඒ පිළිබඳ ඒකමතික පිළිගැනීමක් නැත. මේ පිළිබඳව පළවී ඇති මත සියල්ලක්ම විශ්ලේෂණය කොට පොදු අදහසක් ඉදිරිපත් කිරීමක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.

රු375.00 25% OFF

පාලි -සිංහල අකාරාදිය

Highlights:

පාලි බස ඉගෙන ගන්නා සියලු දෙනාට ඉතා ප්‍රයෝජනවත් වන මේ ආකාරාදිය දැනට පාලි බසෙහි භාවිතයෙහි පවතින වචන බොහෝ ගණනක අරුත් සිංහලෙන් දක්වයි. පිරිවෙන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඉතා ප්‍රයෝජනවත් ය.

ගුණසේන පින්තූර ශබ්දකෝෂය

Highlights:

පාසල් අධ්‍යාපනයේ දී භාවිත වන විශේෂ වදන් ඇතුළත්, දරුවන්ගේ විෂය පථයට ගැළපෙන, අර්ථය වඩාත් පැහැදිලි කරන අරමුණින් වර්ණ සිතුවම් ද ඇතුළත් කොට, ප්‍රවීණ අධ්‍යාපනඥයන්ගේ හා විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ සංස්කරණය කෙරුණු, ගුණසේන ළමා ශබ්දකෝෂය ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනයට ශක්තිමත් ඇතිවැලකි

Gunasena School World Atlas

Highlights:

A map book compiled in line with the school curriculum. According to the annual report of the Central Bank, the maps of Sri Lanka are updated annually. Contains important data about the world and Sri Lanka. The flags of the countries are included with the important data of those countries. An index for easy reference is also included.

Steps to Mastery of eng. Grammar

Highlights:

A comprehensive course in English grammar ranging from the simplest to the more advanced terms likely to be useful to both Ordinary Level and Advanced Level students.

Spoken Sinhala for Foreigners

Highlights:

This book provides foreign students with a quick and easy method to acquire knowledge of spoken Sinhala based on the principles of basic English.

Out Of Stock

කථික විද්‍යාව

Highlights:

කථිකත්වය බොහෝ විට උපතින් හිමි වන සහජ හැකියාවක් වුව ද, කැමැත්ත, අධිෂ්ඨානය, කැපවීම ඇත්නම් ඕනෑම අයකුට දක්ෂ කථිකයකු බවට පත් විය හැකිය. මේ කෘතිය ඒ සඳහා මනා මග පෙන්වීමක් ලබා දෙයි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e70feb90a9d111e9bf0a35a9d6e94d04″ ]

Out Of Stock

Pharmacy

Highlights:

There are a very limited number of books on pharmacology written in English or Sinhala. This book has a special place among them. In particular, this book has been compiled for the purpose of examinations in pharmacology. The author Ranjith M. Seneviratne is also a qualified holder in Pharmacology from local and foreign institutions.

Out Of Stock

වාරණ සහ තහනම් ආඥා

Highlights:

කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/779a826014d111eaa9e8b76327b7ed9f” ]

රු468.75 25% OFF

බූදල් නඩු තීන්දු

Highlights:

බුදල් නඩු කාර්ය පටිපාටියට අදාළ ව සිංහලෙන් නීති ග්‍රන්ථ කිහිපයක් පළවී තිබුණත් බූදල් නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හා ප්‍රායෝගික තත්වයන් අරබයා අංග සම්පූර්ණ නඩු තීන්දු සංග්‍රහයක අඩුව නීති සාහිත්‍යය තුළ තිබුණි. මේ අඩුව පිරිමසමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5816ed3014c711eab229f7b4f7675246″ ]

ප්‍රතිශෝධන අධිකරණ බලය

Highlights:

නීතිය සම්බන්ධයෙන් ඇති ප්‍රතිශෝධන අධිකරණ බලය පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි. නීතිවේදීන්ට, නීතිය හදාරන සිසු සිසුවියන්ට ඉතා වැදගත්ය. පසුගිය වසරේ අගභාගය දක්වා ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව අසන ලද සියලුම පොහේ නඩුවල තීන්දු මෙහි ඇතුළත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/73f601a014ad11ea9185f33857cdde81″ ]

රු315.00 25% OFF
Out Of Stock

අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර

Highlights:

නිශ්චල දේපළ අයිතිය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර පිළිබඳ මේ කෘතිය ලියා තිබේ. පරිච්ඡේද 13 කින් සමන්විත මේ කෘතිය නිශ්චල දේපල අයිතිය සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු මෙයින් සාකච්ඡා කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fa021540b2a411e994b21f0cb1b98438″ ]

Out Of Stock

බැංකුව, ගනුදෙනුකරුවා සහ නීතිය

Highlights:

බැංකුව හා ගනුදෙනුකරුවා අතර පවතින නීතිමය සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ සිංහලෙන් ගැඹුරු විමර්ශනයක යෙදුණු කෘතියක් නොමැති බැවින් එම අඩුව සපුරාලමින් මෙය සම්පාදනය වී තිබේ. සිංහල හා ඉංග්‍රීසි බසින් අධිකරණ කටයුතුවල නිරතවන නීතිfවිදීන්ටත්, නීති සිසුන්ටත් නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටත්, බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ටත් එකසේ ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සම්පාදනය වී ඇති බව කිව යුතුය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0b0c5b90303811ea984e65a0a08a9a74″ ]

විවාහ නඩුකර

Highlights:

විවාහය සම්බන්ධ නීති, විවාහයක් විසුරුවා හැරීමට ඇති අවස්ථා, එවැනි අවස්ථාවක දේපල බෙදන ආකාරය, නඩත්තු ගෙවීම් වැනි විවාහයක් සම්බන්ධව සියලු නීතිමය පාර්ශ්වයන් ආවරණය කරමින් ලියැවුණු ග්‍රන්ථයකි. විවාහ සම්බන්ධව 2014 තරම් මෑත කාලය දක්වා වූ නඩු තීන්දු පිළිබඳව තොරතුරු ද මෙහි අන්තර්ගත වේ. නීති ශිෂ්‍යයන්ට, නීතිවේදීන්ට, සහ නීතිය පිළිබඳව පර්යේෂණ කරන පුද්ගලයන්ට මෙන්ම සාමාන්‍ය පාඨක ජනතාවට ද වටහාගත හැකි සරල සුගම බස්වහරකින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cf839900adfb11e9813ae18214946ad5″ ]

Out Of Stock

මාර්ග අයිතිය

Highlights:

මෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5a22afd0125911eaa04739923ec9977a” ]

Out Of Stock

දෙමළ ව්‍යාකරණ

Highlights:

දෙමළ බස ව්‍යාකරණ ද සමගින් ඉගැන්වීම සහ ඉගෙනගැනීම සඳහා සම්පදනය කරන ලද කෘතියකි. මෙහි ක්‍රියාපද දෙදහසක් අඩංගු ය.

සිංහල දෙමළ කතා පුහුණුව 1

Highlights:

දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.

1 2 28 29 30 31 32
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar