M.D. Gunasena & Co. (Pvt) Ltd

M.D. Gunasena & Co. (Pvt) Ltd

(Showing 841 – 870 products of 931 products)

Show:

පූජාවලිය

Highlights:

බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.

පංච මහා වාදය

Highlights:

විදේශීය ආධිපත්‍යය නිසා මෙරට බෞද්ධාගමට ලැබුණේ නොවැදගත් තැනකි. රාජ්‍ය අනුග්‍රහය ක්‍රිස්තියානි ආගමට ලැබුණු බැවින් බෞද්ධ ජනතාව ක්‍රිස්තියානි ආගම වැළඳගත් හ. මීට එරෙහි විවාදාත්මක සටන මෙහි විස්තර වේ.

ධම්මපද විවරණය

Highlights:

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලු ධර්මය, ධම්මපදයේ කැටිකොට ඇත. එහ හැම වගන්තියකින්ම මිනිසාගේ මෙලොව පරලොව සුගතියට ඉවහල් වන කරුණු ඉගැන්වෙයි.

Out Of Stock

සිංහල ධම්ම පදය

Highlights:

බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අතිශයින් ශ්‍රේෂ්ඨ කෘතිය කි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමට ඉවහල් වන මගපෙන්වීම කි. තවත් අතෙකින් භික්ෂුන් වහන්සේලා ට දම් දෙසුම් උදෙසා තේමා තෝරා ගත හැකි සදහම් ආකරය කි. ධම්මපදයේ හරය විශ්වයටම පොදු ය. අකාලික ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/84139d30c4bd11e9b184cf6b40d3a12b” ]

Out Of Stock

දවස

Highlights:

වර්තමාන ලෝකය විවිධය, විෂමය. එනේම කාර්ය බහුල ය. එවන් සමාජ පසුබිමක ජීවත්වන මිනිසාගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ තම ජීවිතය වඩාත් සාර්ඛත කරගැනීමයි. ඒ සාර්ථකත්වය සඳහා මහගු උපදෙස් මෙහි සංගෘහිතයි.

ගුත්තිල කාව්‍යය

Highlights:

ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/18c011f0c3ee11e9b0a4ffdb41d78a18″ ]

උම්මග්ග ජාතකය

Highlights:

පන්සියපනස් ජාතක කතා අතර උම්මග්ග ජාතකය යනු දීර්ඝතම ජාතකයයි. දස පාරමිතාවලින් එකක් වන ප්‍රඥා පාරමිතාව මැනවින් විදහා දක්වන මෙහි ඇත්තේ මහෞෂධ පණ්ඩිතයන් සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරයයි.

ගණ දෙවි හෑල්ල සහ වදන් කවි පොත

Highlights:

ගණදෙවි හෑල්ල වදන් කවි පොත පැරණි සම්භාව්‍ය කෘති දෙකකි. ‍පැදියෙන් සම්පාදිත මෙම අගනා නිර්මාණයන් හි කතුවරු අවිනිශ්චිතය. අධ්‍යාපනයට හා සබැඳි අවස්ථාවන්හිදී නුවණට අධිපති ගණ දෙවියන්ගේ ආශිර්වාදය ගණ දෙවි හෑල්ල ගායනයෙන් බලාපොරොත්තු වේ.

බුද බව පතා

Highlights:

බුදු බව පතා සිද්ධාර්ථ තවුසාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සහ සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/504548a010d511eaa3715baea9817a27″ ]

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/05824490a48e11eaa5868f225496689e” ]

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b43c1cd0cdfe11e99eb2432c9c01ce3a” ]

Out Of Stock

කරණීය මෙත්ත සූත්‍රය (පාලි – සිංහල-ඉංග්‍රීසි)

Highlights:

කරණීය මෙත්ත සූත්‍රය පාලි – සිංහල – ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉහල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ශ්‍රවණ සංයුක්ත තැටියක් ද ඇතුළත් වීමය.

අපේ ජාතික වීරයෝ

Highlights:

වාරියපොළ සුමංගල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි අප රටේ ජාතික වීරයන් 12 දෙනෙකු පිළිබඳ ලියැවුණු . මෙය පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වන කෘතියකි.  

සීමා නැති ආදරේ

Highlights:

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි

ආදරණීය මාක්ස්

Highlights:

නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/27d90300dc5a11ea86b29f1909b6d02a” ]

Out Of Stock

පණ්ඩුකාභය රජතුමා

Highlights:

පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fcd799a0d90d11e99dbbb5030e23e1d8″ ]

සීමා නැති ජීවිතේ

Highlights:

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

නැවතුම් නැති ජීවිතේ

Highlights:

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.

 

රු875.00 13% OFF
Out Of Stock

කුමරතුඟු ඇසුර

Highlights:

කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bdd61c0b8c811e995e3fd773592f801″ ]

පැරණි සිංහල කතුවරු

Highlights:

පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63293d80bf5211eaadb7f1727ddf65ec” ]

නූතන සිංහල කතුවරු

Highlights:

නූතන සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් විසිදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f463480bf4411ea93b093e39cafbd38″ ]

රු281.25 25% OFF

විදෙස් කතුවරු

Highlights:

ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2e1ab20b42611e9b7c90b13075ca355″ ]

රු187.50 25% OFF

ජාතික වීරයෝ

Highlights:

අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1c351040ae9b11e9a8c8356be8940da4″ ]

Out Of Stock

දුටුගැමුණු රජතුමා

Highlights:

දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි

Out Of Stock

උදාර ජීවිත

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ රජවරු

Highlights:

අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.

Out Of Stock

සෝමා දේවි

Highlights:

සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත් අභීත බවත් නිසාය. සොළීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත ළමුන්ගේ දැනුම දියුණු කරනු පිණිස මෙලෙස ඉදිරිපත් කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e9fcace0cd6b11e9b666fb8e8f9a7c10″ ]

Out Of Stock

වීදිය බණ්ඩාර

Highlights:

වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්‍රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f385ace0a12b11e9b8166713ca210a88″ ]

Out Of Stock

ලොව ප්‍රකට විද්‍යාඥයින්

Highlights:

ලෝ ප්‍රකට විද්‍යාඥයන් පස් දෙනෙකු පිළිබඳ බොහෝ තොරතුරු මේ කෘතියෙන් ගෙන එයි. කැපවීමත් දුක් දොම්නස් මතින් අභීතව ජීවිතයට මුහුණදීම නිසා ලෝකයේ ගමන් මඟ හෙළි-පෙහෙළි කරන්නට උරදුන් මේ ශ්‍රේෂ්ඨ චරිත කතා රස විඳීමෙන් දරුවන් තුළ නිර්මාණ සිතිවිලි අවදි වීමත් වීර්යය හා අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසැකයෙන් ම සිදු වෙයි.

1 2 27 28 29 30 31 32
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar