අම්මා සහ මිහිකත
රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවි ලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.
හත්පෙති මල
මල් පෙත්තේ, මල් පෙත්තේ උතුරු දෙසට – දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉගිල ඉගිල මෙහැම දෙසට කැරකීලා ඇවිත් බිමට ම කියන දෙය කර දෙන් මට
හිම කබාය සහ තවත් කතා
ඉවාන් ඉවානවිච් සද්ගුණවත් මිනිසෙකි! මිර්ගොරද් නගරයේ ඔහුගේ ගෙය කොතරම් අපුරුද! ගෙය වටේට පිහිටි සුදු වියන් බැඳි ඕක් ගස් යට දිග බංකු තබා ඇත. තදින් අව්ව පායන දිනවල ඉවාන් ඉවානවිච් කබාය උනා තබා කමිසය විතරක් හැඳ ගෙන වියන් බැඳි ගස් සෙවණේ වාඩි වී විවේක සුවය විඳියි.
19 වැනි ශත වර්ෂයේ රුසියන් කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බරය වේ. එහි අපේ දර්ශනය ගැබ් වී ඇත. අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් කර ඇත.
ප්යෝදර් දොස්තයෙව්ස්කි තෝරාගත් කෘති
මිනිසුන්ට මෙලොව ජිවත් වීමේ හැකියාව නැති නොකරගෙන සුන්දර සහ වාසනාවත් ලෙස සිටිය හැකි බව මම දැක ඇත්තෙමි. එමෙන්ම දනිමි. මිනිසාගේ සාමාන්‍ය ප්‍රකෘති තත්වය නපුර යයි විශ්වාස කිරීමට මම මැළි වෙමි. එමෙන්ම එය මට විශ්වාස කල නොහැකි යැයි “සිනා උපදවන මිනිහකුගේ සිහිනය” නමැති කෙටි කතාවෙන් ප්යෝදර් දොස්තයෙව්ස්කි පවසයි.
සම්භාවනීය රුසියන් සාහිත්‍ය රුසියන් කෙටිකතා
මට අවංකව කියන්න.හැම ගැහැණියක්ම මුළුහිතින් හැම දෙයක් කැප කරන විනීත,ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් තම හෘදයෙන් ගැඹුරින්ම පතන්නේ නැද්ද. “ඇත්තෙන්ම සීයෙ හැම ගැහැනියක්ම පතනවා”. “ඉතින් ඒක නැති හින්ද ගෑනු ඒකට පලිගන්නවා.තව අවුරුදු තිහකින්,එක දකින්න මම ජීවත්වෙන්නේ නෑ .නමුත් වේරා උඹට පුලුවන් මං කියන දේ මතක තියා ගන්න.තව අවුරුදු තිහකින් ගැහැනු ලෝකයේ විශාල බලයක් අයත් කරගන්නවා.ඔවුන් බොහොම ලස්සනට අඳීවි.ගෑනු පිරිමින්ව, අධම නිවටුන් වගේ පා සෙවනට ගනීවි.ඔවුන්ගෙ බොහෝ සුළු පැතුම් හා කල්පනා අපට වේදනා උපදවන නීතිරීති වේවි.ඒ ඔක්කොම පරම්පරා ගණනක් අපට ප්‍රේමයට ගරු සම්මාන, නමස්කාර කරන්නට බැරි වීම හින්දයි.ඒක පලිගැනීමක්.උඹ දන්නවද නීතිය? ක්‍රියාවත් ප්‍රතික්‍රියාවත් සමානයි.
දොන් පෙදෙසේ කතා
පියා පුතු දෙදෙන සෙල්ලම් කිරීමට පටන් ගත්හ. පියා පුතු කර උඩ තබාගෙන ඔහුගේ කුඩා පාද දෑතින් අල්ලාගෙන වට රවුමට දුවයි. අශ්වයකු මෙන් හේෂාරව කරයි. මිෂ්කාගේ හදවත ප්‍රීතියෙන් පිරී ගියේය. අම්මා ඔහුගේ අතක් අල්ලා ගනිමින් කෑ ගසන්නට වුවාය.
අලෙක්සාන්දර් පුෂ්කින් තෝරාගත් ගද්‍ය කෘති
මේ පොතින් අපි ඔබට පුෂ්කින්ගේ ගද්‍ය සාහිත්‍ය කෘති දෙකක් හඳුන්වා දෙමු. එකක් සමාජ මනෝ විද්‍යාත්මක කෙටි නව කතාව වන ‘ඉස්කෝප්ප රැජින’ ය. අනික ‘දුබ්රොව්ස්කි’ ය. මේ කතා දෙක මහා කිවි පුෂ්කින්ගේ සාහිත්‍යමය නිර්මාණ ශක්තිය විදහා පෙන්වයි.
සිත්තම
“මගේ මේ කෙටි කතාවල ඇති හාස්‍ය රසය මගේ අභ්‍යන්තරික දිළිඳුකමින් ඇති වූවකි. ඇතැම් විට තේරුම් ගත නොහැකි දරුණු ශෝකයක් මා තුළ ඇති වෙයි. මේ ශෝකයෙන් සිත නිදහස් කර ගැනීම පිණිස මෙම හාස්‍ය රසය ඇති කරවන, අවස්ථාවලට පත් හාස්‍යජනක චරිත සිතින් මවාගෙන ලීවෙමි.”
අපරාධය සහ දඬුවම
දහනවවැනි සියවසේ ආරම්භය රුසියාවේ බොහෝ නොසන්සුන්තා පැවැති කාලයක් විය. රටේ ගැමි ජනතාව ඉඩම් හිමි රදලයන්ගේ වහලුන් ලෙස ජීවත් වු අතර ඉඩම් හිමි රදලයෝද දිනෙන් දින පරිහානිය කරා ගමන් ගත්තෝය. දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ පමණක් නොව සභ්‍යත්වය අතින් පිරිහෙන රට මුදාගැනීම සදහා උගත් තරුණයන්ගේ පිබිදීමක් මතුවෙමින් තිබිණි.
උණු හිම
දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර් සෝවියට් දේශයේ විශාල පෙදෙසක් අල්ලාගෙන උදම් වෙද්දී ඔහුට සෝවියට් දේශප්‍රේමීන්ගෙන් ප්‍රථම මාරාන්තික ප්‍රහාරය එල්ල වුයේ ස්ටාලින්ග්‍රාඩ් සටනෙනි.
වානේ පන්නරය ලැබූ හැටි 1
මෙම නවකතාවේ චරිත නායකයා වන නිකොලායි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සෙබලෙක් විය. ඔහු සතුරා කෙරෙහි වෛරයෙන්ද ස්වකීය මාතෘ භූමිය කෙරෙහි ආදරයකින්ද යුතුව සටන් බිමට ගියේය. සටන් කළේය. තුවාල ලැබුවේය.
වානේ පන්නරය ලැබූ හැටි 2
මල්ලි, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයෙකුට, ඕනෑම වේලාවකදී නුබව මරා දමන්නට පුළුවනි. තත්වයෙන් මගහැරීමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුළු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු උනාම වෙඩි තබා ගන්නවා. මේ ජිවිතයේ සියලු අමාරුකම් මැඩ ජයගැනීමට නුඹ උත්සහ කලාද?
මගේ හපන්කම්
මම නැවතී බල බලා නොසිට ඉණිමගට පැන ඉක්මනින් වහලට ගොඩවීමි. මගේ වසනාවටදෝ එගම ගෙවල්වල වහලවල් එකිනෙකට යාබදව පිහිට තිබුනෙන්, මම වහලින් වහලට පනිමින් දුවන්නට වීමි. ඉමාම්ද වහලට නැග මා පස්සේ එලවන සැටි පිටුපස හැරී බැලූ මට පෙනිණි.
සුදු අන්තුවා
රතු පිට පිටම හත්වරක් ජයගත් බව දුටු මම වුවමනාවෙන්ම එයට ඇලුනෙමි. මගේ මානය නිසා මවිසින් එසේ කරන ලදී. මගේ අවදානම් ක්‍රීඩාවෙන් නරඹන්නන්ගේ සිත් මා දෙස යොමු කරවීමට මට වුවමනා විය. අහෝ පුදුම සංවේදනයකි.
අපේ කාලයේ වීරයෙක්
මෙම නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වූ පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවෙන් හා අධ්‍යාපනයකින් හෙබියේය. ඔහු මිත්‍රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදෙකලාව ජීවත් වෙයි.
අසරණ මිනිස්සු
දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත්පිටපත තම සගයෙකු වූ ග්‍රීගොරෝව්ච්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්‍රහයක් පල කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්‍රසොච් නමැති ප්‍රකාශකයාට පෙන්වීය. නික්‍රසොච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිලිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්‍රසිද්ධ විචාරයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් “මම අවේ අලුත් ගොගොල් කෙනෙකු පහල වී සිටින බව කියන්ටයි” කියමින් එය ඔහුට දුන්නේය.
තුන් අවුරුද්ද
19 වන ශත වර්ෂයේ අග භාගයේදී රුසියන් බුද්ධිමතුන් අතර පැන නැගුණු දෘෂ්ටිමය විවාදයන් වන සමාජයීය ප්‍රගතිය හා පන්ති අතර අසමානත්වය විනාශ කිරීමේ අනාගත හැකියාවන් ගැනද කලාව සහ කාලයාගේ ඉල්ලීම අතර ඇති සම්බන්ධතාව ගැනද මෙම කතාවෙන් පිළිබිඹු වේ.
ග්‍රහ ලෝකයෙක විනාශය
1987 වසරේ ලියන ලද මෙම නවකතාව අද වුවද යථාර්ථවාදයේ අක්‍රමණකාරී බලවේග ලෝකය ඇදහෙළන අවදානම් සහිත අවි තරගය බියෙන් යුතුව නිරීක්ෂණය කරන පාඨකයා වෙනත් ග්‍රහ ලෝකයක විනාශය පිළිබද කල්පිතය පිළිගන්නේ අපේ පෘථිවීයේ සාමයට කරන ආයාචනයක් ලෙසිනි. මිහිපිට සහ අජටාකාශයේ සියලු අන්දමේ න්‍යෂ්ටික යුද්ධවලට විරුද්ධත්වය න්‍යෂ්ටික ප්‍රකාශ කිරීමක් ලෙසීනි.
මිනිසුන් අතර
මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වූයේ, නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටා ඇති සපත්තු මාළිගයෙහි ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. මගේ හාම්පුතා මිටි, වටකුරු මිනිසෙකි. ඔහුගේ මුහුණ දම් පැහැතිය. මුඩුය. දත් කොළ පැහැතිය.
අම්මා
රුසියානු හා ලෝක සාහිතයයේ උසස් තැනක් දරන මහැගි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ ” අම්මා” . අද වුවද එය විප්ලවවාදි සාහිත්යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිතයයේ පළමුවෙනි වරට අතිශයින්ම පැහැදිළි ලෙසත් , දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කල පළමු වෙනි කෘතිය ” අම්මා” ය.
කම්කරු පන්ති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ට ඔක්තොම්බර් සමාජවාදි විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්තක ලෙස සමාජවාදය ගොඩනැගිම සදහාත් මහගු සෙවයක් ඉටු කලේය.
තුන් සිත
තද පරුෂ චරිත ස්වභාවයක් ඇති අත්තිප්පා ෂුනිවී නම් වු ධනවත් ගැමියා, පනස් හැවිරීදී වියට පත්වන තෙක් අධාර්මික ජීවිතයක් ගත කොට, හදිසියේම භාවනානුයෝගී වුයේ, ගිහි ගෙය හැරපියා වනගත විය. එහි ගිරිකඳුරක් අද්දර, ලී සාදන ලද අසපුවෙක ශීතෝෂ්ණ කාලය එකසේම ගත කරමින් අට අවුරුද්දක් කාලය ගෙවිය.
පෙරළූ නැවුම් පස
”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.” ”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. ”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?” ”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?” ”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …” ”සහෝදරයා කසාද බැඳලද?” ”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.” ” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
සැබෑ මිනිසෙකුගේ කතාවක්
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්‍රාඩය වටලෑමට මොස්කව්නගරයට ළං වීමටද ඔවුහු සමත් වුහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ටි ජර්මන් සේනාවට විරුද්ධවවිරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිරීමට නැගී සිටි සෝවියට් සෙබළාකවුද එම හිම යුද සමයේදී සතුරෝත් මිතුරොත් ඉතා හොඳින් හදුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝවියට් ජනතාව පෙන්වුයේ අසමසම විරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළබඳ කතාවකි.
මගේ සරසවි
දහසය හැවිරිදි ගැටවරයකු ලෙස ඔහු කසාන් නගරයට ගීයේ, සරසවියට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සාර් රුසියාවේ වොල්ගා නදිබඩ පිහිටි මේ විශාල, ඝෝෂාකාරී නගරයේදී ඔහු සරසවියට ඇතුළු වීම වෙනුවට සිප්කමියකුගේ බරපතළ අසීරු ශ්‍රමයට භාජනය විය. සරසවියේ දේශන ශාලා වෙනුවට ඔහුට මුඩුක්කුවල ලගින්නට සිදුවිය. එහෙත් මෙහිදී ඔහුට විප්ලවවාදී බුද්ධිමත්හු හමුවෙති. ස්වකීය ජනතාවගේ ජීවිතය යහපත් කිරීම සදහා සටන් කිරීමට ඔහු තීරණය කරයි.
ජමීලා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත්කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ. “ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!” පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ. අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
අම්මා සහ මිහිකත
රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවිලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.
මැක්සිම් ගෝර්කි ළමාවිය
අඩඅඳුර සහිත කුඩා කාමරයේ කවුළුව අසල බිම මගේ පියාගේ මළ සිරුර තබා ඇත. සුදු පැහැති ඔහුගේ ඇඳුම බොහෝ දිගුය. ඔහුගේ නග්න පාදවල ඇඟිලි පුදුම ලෙස නැමිලාය. ඔහුගේ සුරතල් අත්වල ඇඟිලි ශාන්ත ලෙස පපුව මත තබා ඇති නමුදු ඒවාද විකෘති වෙලාය.
මහල්ලා සහ මුහුද
මහල්ලා සහ මුහුද හෙමිංවේගේ හොදම නිර්මාණය ලෙස සලකුනු ලැබේ. ඒ බව හෙමිංවේම පවසා ඇත. මා මේ කතාව ලිව්වේ ලොකු වෑයමකින්. මා එය දෙසිය වතාවකටත් වඩා කියවා තිබෙනවා. ඒ හැම වතාවකදීම මා තුළ කිසියම් දෙයක් සිදුවන්නාක් මෙන් මට දැනුණා. මා මුළු ජීව්ත කාලයක් තුළ සොයා වෙහෙසුණු දෙය අන්තිමේදී මට ලැබුණේය යන තෘප්තිමත් හැගීමක් මා තුළ පහළ වුණා.
Recent Comments