Author Publication

Author Publication

(Showing 61 – 90 products of 166 products)

Show:

ආදරයේ අත් පිටපත

Highlights:

ප්‍රේමය වනාහි අරුම පුදුම දෙයකි. ප්‍රේමය සිත සතුටට පත් කරයි. එය නොමැති විට දුකට හේතුවක් විය හැකිය. නමුත්, ප්‍රේමය ගෙන දෙනු ලබන්නේ සතුට පමණක්ම ද?

“යළි නොඑයි වසන්තය
සිත මගේ තනිවෙලා
සිතත් මට අයිති නැත
ඔබ සිතේ නැවතිලා
ළඟදීම ඔබ යාවී
අන් දෙසක පියඹලා
මම සුරැක තබාගමි
ඔබෙ මතක දිවිපුරා….?

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2002-2021

Highlights:

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2002-2021
.පිළිතුරු සහ විවරණ සහිත නිදසන්
.සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ව්හිදුන ක්‍රමාණුකූල අභ්‍යාසමාලා
.සෑම ගැටළුවක් සඳහාම සවිස්ථරාත්මක විසඳුම්

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2020

Highlights:

2020 – උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2020
2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූල නව
සංස්කරණය.
2020 වසරේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා පැහැදිලි
කිරීම් සහිත විසඳුම්.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය එදා සහ අද

Highlights:

සීමිත රාජ්‍ය සම්පත්,
දේශයේ මුළු ජනගහනයටමයි.
දේශපාලනඥයාට සහ රාජ්‍ය
නිලධාරියාට බලය තිබුණාට,
අනෙකාට හිමි පංගුව කොල්ල
කෑමෙන්, මේ ආත්මයේ දී අතැම්
විට දඬුවමට සහ හැම විටම
නින්දාවට පත් වෙයි.

දෙමෝදර චාරිකාව

Highlights:

තව දුරටත් ඉදිරියට ගමන් කළ “උඩරට මැනිකේ”
දුම්රිය කුඩා හා ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක්
පසුකරමින් ගමන් කළේය. ඉන්පසු දුම්රිය පොල්ගහවෙල
දුම්රිය ස්ථානයේ නතර කළේය.
“පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය
මොකද්ද කියලා ඔයාලා දන්නවද?” එවේලේ චමත් තම
මිතුරන්ගෙන් ඇසුවේය.
“මොකද්ද ඒ විශේෂත්වය?” ලකිත් සහ හිමාල් පෙරළා
ඇසුවෝය.

ශ්‍රී ලාංකේය අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය

Highlights:

ශ්‍රී ලංකාව විවිධ ජන කොට්ඨාස විසින් අතීතයේ
පටන්ම ගොඩනඟා ගන්නා ලද ඒ ඒ ජන සමාජවලට
ආවේණික වු දේශීය සංස්තින්ගෙන් පෝෂණය වු
රටකි. එකී සංස්කෘතියේ බෞතිකව හඳුනාගත නොහැකි
පාර්ශ්වය හෙවත් අස්පර්ශ්‍ය සංස්කෘතිය රටක අනන්‍යතාව
නිරූපණය කිරිමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය යනු අද වන විට ලොව
පුරා පුළුල් ස්ංවාදයකට භාජනය වෙමින් පවතින විෂය
කේෂ්ත්‍රයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සුවිශේෂි ජන
කණ්ඩායමක් වන රොඩී ජන සමාජය ඇසුරින් හෙළිදරව්
කිරීම සඳහා කතුවරිය මෙම කෘතියේ දී ගෙන ඇති
උත්සාහය ප්‍රශංසනීය වේ. ආරම්භයේ පටන් ම හුදකලාව
ජිවත් වු කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් රොඩී
ජනතාව විසින් ගොඩනඟා ගත් ඔවුනට ආවේණික
සමාජ චර්යා, සිරිත්,විරිත්,ඇදහිලි හා විශ්වාස,
භාෂාව හා සාහිත්‍ය‍ය,ප්‍රසාංගික කලා සහ ශිල්ප
කර්මාන්ත ආදී අස්පර්ශ්‍ය සංස්කෘතිකාංග පිලිබඳව
මෙහි දී ගැඹුරින් අධ්‍යනය කර ඇත.

ධම්ම පදය තෙවන කාණ්ඩය

Highlights:

ධම්ම පදය වනාහි මෙලොව හා පරලොව පිළිබඳ විශ්වාසයක් තබා ඇති ඕනෑම අයෙකුට දෙලොවම දිනිය හැකි මහඟු උපදේශයන් ගෙන් පරිපූර්ණ කෘතියකි. එහි දැක්වෙන කථාවස්තු මගින් හෙලි කරන්නා වු ජීවන දර්ශනය අත්‍යන්තයෙන්ම අපගේම ජීවිත කැඩපතේ ජායාවක් බව දැකගත හැක්කේ ඒ තුළට කිඳා බැසීමට අප ගන්නා උත්සාහය මගිනි. ධම්මපදය පිළිබඩඳ මෙයට පෙර පළමු ග්‍රන්ථ දෙකෙහි වර්ග 11කට අයත් ගාථා 156 ක් හා ඒවාට සම්බන්ධ කථාවස්තු 126 ක් පිළිබඳව විස්තර ඇතුළත් කළෙමු. මෙම තෙවන කාණ්ඩයට අයත් වන්නේ වර්ග 8 කට සම්බන්ධ ගාථා 116 ක් හා කථා පුවත් 77කි.

Out Of Stock

පැරණි ගෙබිම් සංග්‍රහය 1

Highlights:

කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.

ජනප්‍රිය ළමා කවි

Highlights:
කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්‍රන්ථයකි.

ධම්ම පදය, පළමු කාණ්ඩය

Highlights:

ලෝකයේ ඇතැම් රටවල විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී ඇති ධම්ම පදය ත්‍රිපිටකයේ දැක්වෙන අනෙකුත් ග්‍රන්ථ අතර බුද්දක නිකායට අයත් එකකි. මෙහි ඇතුලත් ගාථා පිළිබඳව විවරණ දැකිය හැක්කේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ “ධම්මපදට්ඨ” කථා නම් ග්‍රන්ථයේය.

මිනිසාගේ මනස අවුලෙන් අවුලට පත්වන්නේ අධික තෘෂ්ණාව හේතු කොට ගෙනය.අවුලෙන් නිරවුල් වීමේ ක්‍රමය දහම් රසය පානය කිරීමයි. සියලු රසයන්ට වඩා දහම් රසය ශ්‍රේෂ්ඨ වන්නේ එම නිසාය. ලොව කවරෙකුට වුවද කිසිම අගුණයක් නැති මෙම උතුම් පානය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් හදවත් සැනසීමට මහෝපකාරිවී ඇත.

ආවුද හා උපකරණ

Highlights:

“ආවුද හා උපකරණ” නමැති ග්‍රන්ථය වටිනා කෘතියකි.එහි සියලු අත් ආවුද හා උපකරණ පිළිබඳ හැඳින්වීමත්, ඒවා පරිභෝජනය කරන ආකාරයත් පිළිබඳ ඉතා සරලව පැහැදිළි කොට ඇත. එය කාර්මික කේෂ්ත්‍රයට අවතීර්ණ වන අභ්‍යාසලාභින්ට, කාර්මිකයින්ට හා කාර්මික විෂය උගන්වන ගුරුවරුන්ට අත් පොතක් වශයෙන් භාවිත කළ හැකි ය.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 15

Highlights:

මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්
වහන්සේ මේ වන විට කොහි වැඩ
සිටිනවාදැයි මම නොදනිමි.
එහෙත් උන්වහන්සේ මේ පින් බිමේ
කුමන හෝ ගැඹුරු වනගැබක
අලි, කොටි, වළසුන් මැද ඒක
විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි
මම විශ්වාස කරමි. මේ ඝෝර
කටුක සංසාරයේ බිය දැක මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම
අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මඟේ ගමන් කළ උන්වහන්සේ ලබා
ඇති මග ඵල ගැන කියන්නට තරම්
මම සමතෙක්‌ නොවෙමි. එහෙත්
උන්වහන්සේ වැඩිය යුතු බවුන්
වඩන උතුමකු බව කියන්නට මම
නොපැකිලෙමි. තම අවබෝධය
මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත්
කිහිපයක සංස්‌කරණය නොකළ
සටහන් ලෙසින් මා අතට පත් කළ
උන්වහන්සේ නෙපෙනී ගියහ.
එහෙත් ඒ සටහන්
කෙතරම් දාර්ශනිකද, ගැඹුරුද
ආශ්චර්යමත්ද. නිවන් මඟට පිළිපන්
ගිහි පැවිදි උභය පාර්ශ්වයට ම
මෙය අගනා පූජාවක් වනු ඇතැයි
මගේ පුහුදුන් සිත කියයි.මේ
සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද
ඒවා ලියු උන්වහන්සේගේ නාමය
හෙළි නොකරන සේ කරන ලද
ඇයැදුමක් ද විය.

ධම්ම පදය

Highlights:

සිව්වන කාණ්ඩය

(ගාථා හා කථා වස්තු සංග්‍රහය)

මෝටර් වාහන රෝධක පද්ධති (BRAKING SYSTEMS)

Highlights:
මෝටර් වාහනයක ඇති විවිධ යාන්ත්‍රික හා විදයුත් පද්ධති
අතරින් වැදගත්ම පද්ධතිය ලෙස රෝධක පද්ධතිය (Braking
System) හැදින්විය හැකිය. එයට හේතුව වන්නේ, වේගවෙන්
ධාවනය වන මෝටර් වාහනයක වේගය පාලනය කර ගැනීමට
මෙන්ම වාහනය නවතා ගැනීමට ද හැකි වන්නේ රෝධක
පද්ධතියේ ආධාරයෙන් වීම ය.

විවිධ නිර්මාණයන්ගෙන් හා ක්‍රියාකාරිත්වයන්ගෙන්
යුක්ත රෝධක පද්ධති මෝටර් වාහනවල දක්නට ලැබේ.
බොහෝ නවීන වාහනවල රෝධක පද්ධති ප්‍රතිඅගුලු රෝධක
පද්ධතියක්ද (Anti-Lock Braking System-ABS) සමන්විත
නිර්මාණය කර ඇත.එමගින්, වඩාත් විශ්වාසනීය වූ ද ,
කාර්‍යක්ෂම වූ ද, සේවාවක් රෝධක පද්ධතිය තුළින් ලබාගත
හැකි වේ.

මෙම පොතෙහි පරමාර්ථය වන්නේ,මෝටර් වාහනවල
දක්නට ලැබෙන රෝධක පද්ධතිවල නිර්මාණය හා
ක්‍රියාකාරිත්වය මෙන්ම,ඒවායේ නඩත්තු හා අළුත්වැඩියා
කටයුතු පිළිබදව ද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම ය.
එමගින් මෝටර් යාන්ත්‍රික විදයාව විෂයයක් ලෙස හදාරණ
සිසුන්ට මෙන්ම,වාහන කාර්මිකයන්ට ද අවශ්‍ය වන නයායික
හා ප්‍රායෝගික දැනුම පුළුල්ව ලබාදීම අපේක්ෂා කෙරේ.

Out Of Stock

හයිබ්‍රිඩ් වාහන (HYBRID VEHICLES)

Highlights:
හයිබ්‍රිඩ් වාහන පිළිබදව ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ලෝකය පුරාම ජනතාවගේ මෙන්ම රජයන්ගේ ද අවධානය
ඉහළ යමින් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ,වාහනවලින්
ඇතිකරන්නාවු පරිසර දුෂණය හයිබ්‍රිඩ් වාහන භාවිතයෙන්
අඩුකර ගැනීමට හැකිවීමයි. එයට අමතරව සැලකිය යුතු
මට්ටමකින් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමට ද ඉඩ
සැලකේ.

මේ හේතුන් නිසා මුල් අවධියේ හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය
කෙරෙහි අවධානයක් යොමු නොකළ ඉහළ ගණයේ වාහන
නිෂ්පාදනය කරන සමාගම් පවා හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනයට
අවතීර්ණ වී තිබේ.

වාහන හයිබ්‍රිඩ් පද්ධතිවල නිර්මාණයන් දිනෙන් දින වැඩි
දියුණු කරමින් ඒවායේ කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සදහා
වාහන නිෂ්පාදකයින් නිරතුරුව කටයුතු කරමින් සිටිති.
එහෙත් එම පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්ත
එලෙසම පවති. හයිබ්‍රිඩ් පද්ධති පිළිබද අවබෝධයක් ලබාගැනීම
වාහන කර්මිකයන්ට මෙන්ම,වාහන පිළිබදව උනන්දුවක් දක්වන
සෑම කෙනෙකුටම වැදගත්වනු නොඅනුමානය

මෝටර් සයිකල් පදවන ඔබට

Highlights:
වර්තමාන ලෝකයේ දියුණුවන තාක්ෂණය සමගින් ප්‍රවාහන
ක්ෂ්‍රේත්‍රයද වඩාත් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුලද මෝටර්
සයිකලය ප්‍රවාහනයේදී ඉතා විශාල මෙහෙයක් ඉටුකරණු ලබන
අතර අප කාගේත් පොදු වාහනයක් බවට පත්ව ඇත. මෙම ග්‍රන්ථය
මෝටර් සයිකල් භාවිත කරන්නවුන් සේවා හා අළුත් වැඩියා කාර්මිකයින්
හා ඒ පිළිබද උනන්දුවක් දක්වන සැමට සරිලන සේ මෙය නිර්මාණය කර
ඇත.

දොර දොර කළුවර

Highlights:

1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14 හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ. එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.

Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.

අපේ උරුමය

Highlights:

උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.

මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.

වාහන සම්ප්‍රේෂණය, සුක්කානම හා තිරිංග

Highlights:

මෝටර් රථ කාර්මික විද්‍යාව හා බැඳි විවිධ විෂයන් ඉතා සරල සුමග
බස්වහරකින් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ අවබෝධයක් නැති කොයි කා
තුළ වුවද ඒ කෙරේ උනන්දුවක් ප්‍රබෝධයක් පමණක් නොව දැනුමක්ද
ලබාදීමට ගන්නා වෑයම ප්‍රශස්තය.

ශ්‍රී ලංකාවට අවේණික පක්‍ෂීන්

Highlights:

පක්ෂින්ගේ සිරුරේ ඇති අස්ථි පද්ධතිය ඉතා සැහැල්ලුය. නමුත් එය ඉතා ශක්තිමත්‍ ය. අස්ථි සැකිල්ලේ සැහැල්ලු බවට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ අස්ථි තුළ වාත කුටීර පිහිටා තිබීමයි.මෙම අස්ථි පද්ධතියේ පපු ඇටය විශාල වී වැටියක් ආකාරයට පිහිටා තිබේ. පියාසර කිරීමේ දී පියපත් යුගලය ක්‍රියාත්මක කිරීමට උපකාරී වන මාංශ පේශීන් සවි වී තිබෙන්නේ මෙම ලය පෙදෙසේ අස්ථියටයි.

රිය පදවන ඔබ දෑතට

Highlights:

මෝටර් වාහන තම විෂය කේෂ්ත්‍රය සේ ගෙන මේ වන විට පොත් කිහිපයක් ලියා පළකොට ඇති සුනෙත් පින්තු මහතා ද්වීතීය දත්ත හා තොරතුරු එක් රැස්කර සම්පාදනය කොට ඇති රිය පදවන ඔබ දෑතට නම් කෘතිය වාහන හිමියන්ට හා රියදුරන්ට පමණක් නොව මෝටර් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරණ තැනැත්තෙකුට හා රියදුරෙකු වීමට සුදානම්වන තැනැත්තෙකුට තමා විසින් දැනගතයුතු මුලික කරුණු පිළිබඳ අවබෝධයක් සපයයි.

මුහුණුපොතේ යතුරුපතින්

Highlights:

රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් “කවිය” අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්‍රැත කවියන්ගේ යුතුකමකි. “මුහුණුපොතේ යතුරු පතින්” පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.

කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1

Highlights:

ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.

පරිගණක දෝෂ අලුත්වැඩියාව (සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ විසඳුම)

Highlights:

පරිගණකයේ මතුවිය හැකි සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ හඳුනා ගැනීම සහ අලුත්වැඩියා කර ගන්නා ආකාරය සරල බසින් පැහැදිලි කර දෙන ග්‍රන්ථයකි, පරිගණකය පිළිබඳ ආධුනික දැනුමක් ඇති අයට එහි සරල තාක්ෂණික දෝෂයක් පවා නිරාකරණය කර ගැනිමට අපහසු වන අවස්ථා තිබේ. එමෙන්ම පරිගණක පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති අයට ද පරිගණකවල මතුවන සමහර දෝෂ සහ අක්‍රියතා නිසියාකාරව නිරාකරණය කර ගැනීමට නොහැකි වන අවස්ථා තිබිය හැක.

ගූගල් සර්ච්

Highlights:

සෙවුම් යන්ත්‍ර හෙවත් Search Engines අතර ප්‍රමුඛයා ලෙස සැලකෙන. Google භාවිතයෙන් තොරතුරු සොයා ගැනීමේ විශේෂ ක්‍රම සහ නව ක්‍රම මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර තිබේ. සර්ච් කිරීම් පිළිබඳ මුලික කරුණු, සර්ච් ඔපරේටර් භාවිත කරන ආකාරය, ගූගල් මගින් ඉමේජ් සර්ච් කිරීමේ ක්‍රම, වීඩියෝ සර්ච් කිරිමේ ක්‍රම,සේෆ්සර්ච් භාවිතය, සර්ච් කිරීම් අසාර්ථක වීමට හේතු News Search, Google Maps, Quick Answers Advanced Search ඇතුළු විශේෂ මාතෘකා කිහිපයක් යටතේ මෙහිදී සරල සිංහල බසින් කරුණු ඉදිරිපත් කර ඇත.

Out Of Stock

කළමනාකරණය (අනුකලිත ප්‍රවේශය)

Highlights:

කළමනාකරණය (අනුකලිත ප්‍රවේශය)

Management (Integrated Approach)

සංවිධාන චාර්යාව (නයාය, සංකල්ප සහ යෙදීම්)

Highlights:

සංවිධාන චාර්යාව (නයාය, සංකල්ප සහ යෙදීම්)

ORGANIZATIONAL BEHAVIOUR (THEORY,CONCEPTS & APPLICATIONS)

දැව මැනීම (ක්‍යුබික් මැනීම)

Highlights:

(“ගසක් කපන විට පැළ දෙකක් සිටවමු”) දැව මැනීමේ දී (ක්‍යුබික් මැනීමේ දී)භාවිතා වන චක්‍ර මෙහි අඩ්ංගු වේ. ක්‍යුබික් අඩි චක්‍රය සහ මෙට්‍රික් ක්‍රමයට අනුව භාවිත වන ක්‍යුබික් මිටර චක්‍රය මෙහි අඩංගු වන අතර වට කඳ්න් සඳහා ක්‍යුබික් චක්‍රය ද.ලෑලි සහ පරාල වැනි ඉරන ලද ලී වර්ග මැණිම සදහා භාවිතා වන ක්‍යුබික් අඩි චක්‍රය සහ ක්‍යුබික් මීටර චක්‍රය ද මෙහි අඩංගුය.

ෆේස්බුක් (පුහුණුව සහ භාවිතය)

Highlights:

ෆේස්බුක් ජාලය ලොව පුරා සීග්‍ර ලෙස ජනප්‍රිය වීමට මුලික හේතුව එහි සරල බව,නිදහස් බව, බහු ප්‍රයෝජනවත් බව සහ පුළුල් බවය.ෆේස්බුක්වල මෙම ගුණාංග හොඳින් වටහා ගෙන ඥාණාන්විත අයුරින් සහ දක්ෂ ලෙස එය භාවිත කරන්න.ඒ සඳහා ප්‍රශස්ත මග පෙන්වීමක් මෙම ග්‍රන්ථය මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.ෆේස්බුක් භාවිතයේදී ඔබට පවතින හා පැවතිය හැකි ගැටලු හෝ නොදන්නා කරුණු ද මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර දී තිබේ.

ඩීසල් වාහන ඉන්ධන පධතිය – 2 වන කොටස (ඩිස්ට්‍රිබියුටර වර්ගයේ විදුම් පොම්ප)

Highlights:

ඩීසල් එන්ජිමක ඇති වැදගත්ම හා සංකීර්ණම පද්ධතිය වන්නේ ඉන්ධන පද්ධතිය සමන්විතව ඇත්තේ,මනාව සැලසුම්කර,ඉතා නිරවද්‍යව නිෂ්පාදනය කර ඇති සං‍රචක ගණනාවකිනි.එම සං‍රචකවල නිර්මාණය, ක්‍රියාකාරිත්වය හා සේවා කටයුතු පිළිබඳව ඉගෙනීමට බොහෝ දේ ඇත. එම දෑ පිළිබඳව මනා දැනුමක් හා අවබෝධයක් නොමැතිව ඩීසල් ඉන්ධන පද්ධතියක සේවා කටයුතු සාර්ථකව ඉටු කළ නොහැක.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar