Author Publication

Author Publication

(Showing 1 – 30 products of 166 products)

Show:
Out Of Stock

DOREME – Grade 06 Theory of Western Music Work Book 1

Highlights:

DOREME
THEORY OF WESTERN MUSIC
Work Book 1
Grade 06
Based on The Government New Syllabus

Out Of Stock

DOREME – Grade 08 Theory of Western Music Work Book 3

Highlights:

DOREME
THEORY OF WESTERN MUSIC
Work Book 3
Grade 08
Based on The Government New Syllabus

Doreme – Theory of Western Music (Work Book 2) Grade 07

Highlights:

Doreme – Theory of Western Music (Work Book 2) Grade 07 Based on the Government New Syllabus

The Conspiracy to oust me from the Presidency

Highlights:

his book tells the story of the ouster of a democratically elected President through conspiracies and mob violence sponsored by interested foreign parties and with the participation of specific sections of Sri Lankan society. The events of 2022 added a new dimension to the politics of Sri Lanka which has exercised universal adult franchise since 1931 and had an unbroken record of peaceful and constitutional changes of government since gaining independence in 1948. The end of the war against the Liberation Tigers of Tamil Eelam in 2009 saw ramped up foreign intervention in Sri Lanka due to a multiplicity of motivating factors. The interventionist strategy to bring Sri Lanka under neocolonialist domination has been centered on the manipulation of communal politics and the running down of the economy. This is that story, as seen from the very epicenter of the storm.

Out Of Stock

ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ

Highlights:

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිඹබඳ වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ජන්ද බලය භුක්ති විඳ, 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය.2009 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි.

මගේ පුත්තු හොරු අරං

Highlights:

කතාවට නම් අම්මල හැමෝම කියන දෙයක් තමයි මං මගේ දරුවන්ට කරන්න තියෙන හැම යුතුකමක්ම ඉෂ්ට කලා. දැන් මාව එයාලා බැලුවත් එකයි නොබැලුවත් එකයි. මං කවදාවත් දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියලා. අම්මලා එහෙම කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අම්මා මැරෙන පුරාවටම තමන්ගේ පුතාගෙන් බලාපොරොත්තු වෙනවාමයි.  මොනවද` සල්ලිද` නැහැ, ආදරය

තමන්ගේ මුළු ජීවිතයම පුතුන් වෙනුවෙන් කැප කරන අම්ම කෙනෙක් එක සත පහක් වත් වියදම් නොවන ඒ ආදරේ ලබන්න පෙරුම් පුරනවා. ඒ අම්මා ඒ ආදරේ ලබන්න ආස කරන එක වරදක්ද` මතකද පුංචි කාලේ අනේ මගේ රත්තරන් පුතේ කියලා අම්මා පුතාව තුරුලු කරගත්ත විදිය` සමහරවිට පුතාට දැන් ඒව අමතක ඇති නමුත් කවදා හෝ දවසක ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් බදාගෙන සුරතල් කරන විට ඔය විදිහටම නේද මගේ අම්මාත් මාව හදන්න ඇත්තේ කියා හිතෙන්නේ නැද්ද`

රු1,350.00 10% OFF

ආදරයේ නාමයෙන්

Highlights:
“නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත.”
වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත
බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට
හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ
ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි.

“හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්
කියනවකෝ මට ආදරේ නැහැ කියලා.”
ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය
ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ
කෝපයෙනි.
“නැහැ කියලා කිව්වනේ සැරයක්,”
නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි.

“මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.
එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්
මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.
ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම
යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා.”

Out Of Stock

ග්‍රාම නිලධාරී විභාග ජයමඟ

Highlights:
  • බුද්ධි පරීක්ෂණය
  • සාමාන්‍ය දැනීම
  • භාෂා හැකියාව
  • පසුගිය ප්‍රශ්නපත්‍ර

ග්‍රාම නිලධරී විභාගය ජය ගැනීමට අවශ්‍ය සියළු කොටස් පසුගිය ප්‍රශ්නපත්‍ර සමඟින්, ග්‍රාම නිලධරී විභාගය ලියන සෑම දරුවෙක්ම අනිවාර්යයෙන්ම අධ්‍යනය කළ යුතු ග්‍රන්ථයකි.

 

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය – 11 ශ්‍රේණිය

Highlights:

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය විෂය ඉගැන්වීම කාර්යයෙහි නිරත ගුරුවරුන්ට මෙන්ම මෙම විෂය ඉගෙන ගන්නා දරු දැරියන්ට ද මෙම පොත උපකාරක පොතක් වනු ඇත

සංශෝධිත 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතට අදාළ නීතිය

Highlights:

ෆිනෑන්ස් සමාගම් වලින් ලබා දෙන කුලී සින්නක්කර පහසුකමට අදාළ වාරික මුදල් ආපසු අයකර ගැනීමේ දී සහ අදාළ පහසුකම මත ලබාදෙන ලද දේපල නැවත අත්පත් කර ගැනීමේදි අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය මෙම පනතින් හදුන්වා දී ඇත.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ පිරිනිවන් පාලා 5-2

Highlights:

ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධට රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.

පිරිනිවන් මංගල්‍ය‍ය

Highlights:

පොඩි හාමුදුරුවන් යන දෙස බලා සිටි තිලකරත්නගේ සිතට ඉමහත් සෙනෙහසක් ඇති විය.

සරුංගලය බිමට බෑමට පටන් ගත් තිලකරත්න, කුමන වැඩක් තිබුණ ද, සරුංගල් කාලය අවසන් වෙන තුරු පොඩි හාමුදුරුවනට සරුංගලය අහසට නංවා දීමට හිතා ගත්තේය.

සති දෙකකට පමණ පසු ඉපනැල්ලට දියවර හරවා ඇති අයුරු ගමේ කොල්ල කුරුට්ටනට දැක ගත හැකි විය.

ජීවිත අභියෝග ජයගත හැකිද?

Highlights:

“ජීවිත අභියෝග ජයගත හැකිද” උසස් පෙළ සියළුම විෂයන් අසමත් වුවත් ප්‍රථම උපාධියද, යුධ භූමියේ සිට පශ්චාත් උපාධියද, පසුව දර්ශනශූරී (PhD) අභියස දක්වාද පැමිණි ගිනස් වාර්තාලාභී සෙන්පතියෙකුගේ ජිවිත කතාව වටා ගෙතුණු අපූරු පුරාවෘතයක්.

Out Of Stock

බලන්ගොඩ නායක හාමුදුරුවෝ රහත් වෙලා(1965දී) 5-1

Highlights:

පිරිනිවන් පා වදාළ මහ රහත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්වහන්සේ පිළිබඳව කතුවරයා විසින් ලියා පළ කරන ලද ලිපි හා පොත්පත් කියවූ පාඨකයන් උන්වහන්සේ පිළිබඳ තවත් තොරතුරු හෙළි කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම කෘතියට ඇතුළත් කර ඇත්තේ මහනාහිමියන් විසින් තමන් වහන්සේගේම අත්අකුරින් ලියන ලද සිංහල හා ඉංග්‍රීසි ලිපි පමණක් වීම විශේෂත්වයකි.

අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4

Highlights:

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.

මුතු මාලය 2

Highlights:

මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගතය වනුයේ පස්පව් කිරීමේ විපාක මිතුරා හදුනා ගැනීම,වසලයා සමාජය මුලා කිරීම, වංචාව,අල්ලස, සොරකම, කේලම් කීම, රැවටීම හා රැවටීමේ විපා හඳුන්වාදීමේදී ධර්මාවබෝධය ලබාදීම, ඥාණවන්තයා ද දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට සැලකීම හා එහි වටිනාකම පැහැදිළි කිරීම ද හොද බොදු කරුණු අප සමාජයේ ඇති යහපත් අයහපත් දේ මාතෘකා කරගෙන රචනා කර ඇති මෙම කාව්‍ය සංග්‍රහය ළමා වැඩිහිටි සියලු දෙනාටම එකසේ රසවිදිය හැකි වටිනා ග්‍රන්ථයකි.

සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විධිවිධාන ) පනතට අදාළ නීතිය

Highlights:

ශ්‍රී ලංකාවේ ණය අයකර ගැනීම පිළිබඳව 1918 අංක 02 දරන මුදල් ණයට දීමේ ආඥා පනත,1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනත සහ 1949 අංක 06 දරන උකස් පනත ආදි වශයෙන් පනත් සහ ආඥා පනත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇත.

එම පනත් වලට අමතරව ප්‍රථම වතාවට කාර්යක්ෂමව ණය ආපසු අයකර ගැනීම අරමුණු කොටගෙන 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සම්මත කර ඇත.

දිගු දුර මෙහෙයුම

Highlights:

උහුලන්නට හිමි වූ දුක්

දරන්නට සිදු වූ කඳුලු

දෛවයේ උරුමය වූ ඇය

 

සිනහව කඳුලු අතර වෙනසවත්

නොදැන උන්

අවාරයේ පිපි සුළඟට ගසාගෙන ගිය

වරාමලක් බඳු ඇය

 

නිහඬ නිසංසල මාවතක චණ්ඩ සුළි කුණාටු අතර සිරවී

ජීවිතයන් මරණයන් අතර සටනක සිටිද්දී

හැම වේදනාවකටම හැම කඳුලකටම

හැම දුක්ඛ දෝමනස්සයකටම අභියෝග කොට

ඔහු වෙත ආවාය…..

ඇය තිලෝකා නිර්මාණී නම් වූවාය…

රු495.00 10% OFF
Out Of Stock

දෙවිනුවර

Highlights:

අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ්‍ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග්‍රන්ථ‍යට පසුවදනක් පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබිම මසිත සතුටක් ඇති කරවයි.

යථාර්ථය

Highlights:

මසැසට නොපෙනෙන මනැසට යොමු නොවන අවස්තා, සිද්දි,මනෝභාව ආදිය විනිවිද ගොස් ඒවායේ සඟවි නානා ස්වරූප මගින් පවතින සත්යය ධිවනිපුර්න සංකල්ප රූප අනුසාරයෙන් අපේ කල්පනාවට භාජනය කිරීම කවියාගේ කාර්යයි.

හද ඇදි තිලකය

Highlights:

තිලකා රණසිංහ යනු, ” ෆුල් පැකේජ්” එකකී. ” ලොවින් එකෙක් එක් දෙයකට සමත්” යැයි කියන කියමන බොරු කළ තවත් කෙනෙකි ඇය . ඇයට නොහැකි දෙයක් නැති තරම් ය. භූමිකා කීපයක ම නිරත වු ඇය, වඩාත් ම සාර්ථක ව කළේ,”මව” ගේ භූමිකාව ය. තව ද ඇය ගුවන් විදුලි නිවෙදිකාවකට පමණක් සීමා වු කාන්තවක් නො වේ.

Finding Arthur

Highlights:

‘Finding Arthur’ is a heart-warming story set in Sri Lanka and based on real-life events. In the unfolding of this highly engaging story, the reader is taken on a tour of beautiful landscapes and shores, tantalising readers’ tastebuds on the journey.

Dilan, a seemingly happy young business owner, is living the bachelor life with his brother, Sujith, in the heart of Mount Lavinia. The two brothers have recently taken over a bar; it’s an exciting time. Arthur, Dilan’s mischievous golden Labrador and regular frequenter of the bar, goes missing. What initially seems like a simple case of lost dog soon reveals itself to be rather more sinister. Dilan rallies his estranged parents to help him find Arthur. But hidden family secrets risk jeopardising the search…

ඔලිම්පික් හා ක්‍රිකට් තරු

Highlights:

ක්‍රීඩකයන් හැටියට ලංකාවේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන විතරයි. බොහොම කලාතුරකින් තමයි අනෙකුත් ක්‍රීඩා ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා වෙන්නේ. ඔවුන් ගැන කතා බහක් සිදු වෙන්න නම් එක්කෝ ඔලිම්පික් තරගයක් හරි එහෙම නැත්නම් ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගයක් හරි එන්ඩ ඕන, එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නෙකට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මැදිහත් වෙන්න ඕන. ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව විස්තර සහිත ඉතා වටිනා කෘතියකි.

DEAR PUSSY CANDY

Highlights:

During the rainy season Candy fell sick and Rosemary took it to the Doctor because it often had a cold and refused food. Rosemary went with her father carring the cat and it’s medical report to Veterinary surgeon. When Candy was ill it often slept on the pillow which was made by Rosemary’s mother specially for him.

ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – I

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව වයූහගත ප්‍රශ්න හා පිළිතුරු – I
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව වයූහගත
ප්‍රශ්න හා පිළිතුරු – I ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව ව්‍යුහගත
ප්‍රශ්න හා පිළිතුරු – II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

ආර්ථික විද්‍යාව ආදර්ශ බහුවරණ ප්‍රශ්න ප්‍රත්‍ර හා පිළිතුරු

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති බහුවර්ණ ආදර්ශ ප්‍රශ්න ආර්ථික විද්‍යාව
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘතිය සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද බහුවරණ ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස බහුවරණ ප්‍රශ්න ආදර්ශ
ආර්ථික විද්‍යාව ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

MS WORD මගින් සිංහලෙන් වැඩකිරීමේ පුහුණුව

Highlights:

පරිගණකය මගින් සිංහල, දෙමළ,ඉංග්‍රීසි යන භාෂාවලින් වැඩකරන ආකාරය ප්ළිබඳ පුහුණුවක් ලබා ගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙහිදී කීමෑන් වැනි ටයිපින් මැනේජර් සොෆ්ට්වෙයා එකක් භාවිතයෙන් මෙන්ම යුනිකෝඩ් සම්මතය යටතේ ද සිංහල,දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් ලිපි ලේඛන යතුරු ලියනය කිරීමේ පුහුණුව ඇතුලු බොහෝ කරුණු පැහැදිලි කර තිබීම මෙම ග්‍රන්ථයේ විශේෂත්වයකි.

සූක්ෂම ආර්ථික විද්‍යාව

Highlights:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පිඨයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ට මහාචාර්ය ඊ.දයාරත්න මහතා විසින් රචනා කර ඇති සුක්ෂම ආර්ථික විද්‍යාම ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටුණි. ජ්‍යෙෂ්ට මහාචාර්ය ඊ.දයාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වන අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලාවල සුක්ෂම ආර්ථික විද්‍යා විෂය නිර්දේශය ආවරණය කරමින් මේ කෘතිය සරල බසින් සම්පාදනය කර ඇත. සුක්ෂම ආර්ථික විද්‍යා විෂයේ එන ගැඹුරු විෂය කරුණු වචනයෙන්ද ප්‍රස්ථාර මගින්ද සමීකරණ භාවිතයෙන්ද පැහැදිලි කර තිබීම මේ කෘතියේ විශේෂත්වයක් වේ. සුක්ෂම ආර්ථික විද්‍යාව හදාරන විශ්ව විද්‍යාල අභන්තර සිසුන්ටද බාහිර සිසුන්ට ද වෘතිය පාඨමාලාවල සුක්ෂම ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද එම විෂය ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වන කෘතියක් ලෙස සුක්ෂම ආර්ථික විද්‍යාව ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය.

1 2 3 5 6
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar