Weight | 300 g |
---|---|
Dimensions | 22 × 14 × 1 cm |
Authors | |
Publishers | |
ISBN | 978-955-697-218-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
Pages | 227 |
ලාමාවරයකු සමග ජීවිතය
රු1,200.00
Price Summary
- රු1,200.00
- රු1,200.00
- රු1,200.00
1964 වසරේදී ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය ටෙලිපති ක්‍රමයට කියවූයේ රම්පාගේ බොහෝ බළලුන් අතරින් එකකු වූ ෆිෆි ග්‍රේවිෂ්කර්ස් ය. මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ. අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ය. සෑම සතකුටම ටෙලිපති ක්‍රමයට අදහස් හුවමාරු කරගන්නට පුළුවන. මිනිසුන් සතුව එම ශක්තිය තිබුණ ද දැන් එම ශක්තිය ඔවුනට අහිමිව ගොස් ඇත්තේ ඔවුන්ගේ කුහක ස්වභාවය නිසාය. රම්පා හමුවීමට පෙර ජීවිතය ගැන මෙන්ම ලාමාවරයා සමඟ එක්ව ගතකළ ජීවිතය පිළිබඳ තොරතුරු ෆිෆි ටෙලිපති ක්‍රමයට පැවසූ විට ඒ තොරතුරු ලියුවේ රම්පා ය.
Related Products
ඩෙනිස්ගේ දස්කම්
ඩෙනිස් නමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ කතාවෙන් කියවෙයි.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීම් වලට දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරිම සදහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින් සී සාමින් ,වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සදහා තණකොළ එක් රැස් කරමින් කර්යබහුල වෙයි. ඇතැම් වේලාවටජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්ච්ත්, අම්මාත්, මේරි සහ කේරීත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
වහලිය
වහලිය
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.