සැබැ අබු සැමියන් සිටින්නේ එක ගෙදර එක ඇදැක නොව ,ගෙවල් දෙකක ,නැතිනම් ග්‍රහලෝක දෙකක , දෙතන බව ඔවුන් තේරුම් ගත්හ.
I.D
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
සැබැ අබු සැමියන් සිටින්නේ එක ගෙදර එක ඇදැක නොව ,ගෙවල් දෙකක ,නැතිනම් ග්‍රහලෝක දෙකක , දෙතන බව ඔවුන් තේරුම් ගත්හ.
Related Products
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
තැප්පා සේම ගිනි
තැප්පා සේම ගිනි
විලාසිනියකගේ ප්‍රේමය
“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.
පාළු දූපත
යොවුන් වියේ වීරත්වය, ත්‍රාසය සහ කුතුහලය කැටි වූ අපූර්ව නවකතාවක රසය යොවුන් මනසට කැටුව එන මෙය සාහිත්‍යයෙන් විද්‍යා දැනුම සපයන අපූර්ව නිර්මාණයකි.
රජා මං වහළා
‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/43e68ca0f96811e989a1119976a9ca5a” ]
අපූරු යාළුවෝ
1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
කොමල මාණවක
දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.
පේත
සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.
මුක්ති
මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.
Awurudu Thegi
ලෝක ප්‍රකට ප්‍රවීණ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් නිර්මාණය කරන ලද පොතකි. සිංහල අලුත් අවුරුදු දිනෙක දුන් තෑගි පිළිබඳ කතාවක් මෙහි ඇතුළත් වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/04b68140c1ce11eaa765bf46a2e63b36″ ]
පරණ තොප්පිය
ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/729f94a0ac2f11e9b51207554e677560″ ]