Weight | 192 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-1964-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
හෑල්ල
රු350.00 රු262.50
Price Summary
- රු350.00
- රු262.50
- 25%
- රු262.50
- Overall you save රු87.50 (25%) on this product
ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/94752d50215e11ea849835ac46716356″ ]
Related Products
මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – පොකට්
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය මේ වසරේ දී 69 වැනි වසර සපුරයි. දෙවැනි බසක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිංහල ජනතාවට එම ශබ්දකෝෂය දශක හතකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. පාඨකයන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් වැඩි ම වාර ගණනක් යාවත්කාලීන වූ එකම ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය ලෙස වාර්තාවක් තබා ඇති එහි තවත් දිගුවක් ලෙස යෞවන පාඨකයන් ඉලක්ක කර ගෙන මෙම මලලසේකර Pocket Dictionary ඉංග්‍රීසි සිංහල නම් ශබ්දකෝෂය සම්පාදනය වී මෙසේ ඔබ අතට පත් වෙයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වර්තමානයේ භාවිත වදන හැකිතාක් ඇතුළත් කරමින් එදිනෙදා පහසුවෙන් පරිහරණය ළ හැකි ප්‍රමාණයේ ප්‍රායෝගික ශබ්දකෝෂයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය
ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
ගුණසෙන පාසල ලෝක සිතියම් පොත
පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් සම්පාදනය කරන ලද සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.
මාඉටිපේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
ශ්‍රි ලංකාවේ කුල සංයුතිය
ශ්‍රි ලංකාවේ කුල සංයුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්රන්ථයකි. දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12ක් වැනි සුළු ප්රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැන්වීම් තුළින් හමුවීම ඊට සාධකයකි.
හිට්ලර්ගේ SS හමුදාව
ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.
71 කැරැල්ල දෙනියාය
1971 අප්‍රේල් මස සිදු වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට මෙම වර්ෂයේ වසර 50ක් සපිරුනි. මෙතෙක් කළ් සිත තුළ පුරවාගෙන සිටි, එහිදී සිදු වූ සිද්ධීන් නැවත ආවර්ජනය කර මෙම පොත ලිවීමට පටන් ගත්තෙමි. මෙහිදී ඒ කාලයේ මාත් සමඟ එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මෙම සිද්ධින් ඒ ආකාරයෙන්ම විස්තර කිරීමට එම මතකයන් බොහෝ උපකාරී වුනි.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.