Weight | 400 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0672-12-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හඳහනේ සැඟවුන රහස්
රු690.00
Price Summary
- රු690.00
- රු690.00
- රු690.00
ජ්‍යොතිෂය කෙතරම් ශාස්ත්‍රීයද නැත්නම් විද්‍යාත්මකද යන්න වර්ථමානයේ බෙහෙවින්ම සාකච්ජාවට බඳුන් වී ඇති මාතෘකාවකි.නමුත් මේ ප්‍රශ්න කරන කිසිවෙකුත් රවි. චන්ද්‍ර, කුජ, බුධගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිළිබඳ නම් වශයෙන් හඳුනා ගැනීම හැර ජ්‍යොතිෂය නැමැති විෂය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් නැත්තවුන් බව ඉර හඳ මෙන් විශ්වාසය.කෙනෙක් රහත් භාවයට පත්ව ඇත්ද නැත්ද දන්නේ බුදුවරයෙකු හෝ තවත් රහතුන් නමක්ම පමණ ය.
Related Products
විවාහයට කේන්ද්‍රය බලපාන හැටි
කොතරම් රූමත් වුව ද, ධනය තිබුණ ද, උසස් රැකියාවක් කළ ද නිසි වයසට පැමිණි තරුණ තරුණියන් විවාහ වීමට සුදුසු අයකු නොමැතිව ලතැවෙයි. එවන් අයගේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම අනුව විවාහය පමා වන බව ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති. සමහරවිට ග්‍රහ පිහිටීම ගැලපෙන කේන්ද්‍රය ලැබුණු විට විවාහය ඉක්මන් වේ.ත එසේ වුවද ජ්‍යෝතිෂයට අනුව විවාහය කෙරෙහි පොරොන්දම් ගැලපීම ඉතාමත් අවශ්‍ය වේ. ඉතාමත් සරල බසින් ලියැවුණු මේ කෘතිය තේරුම් ගැනීමට නක්ෂත්රය පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ.
සසර සැරිසරන සිත
කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්‍යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ.
පොරොන්දම් බලන හැටි
පොරොන්දම් බලන හැටි ඉගෙනීමට අවශ්‍ය නක්ෂත්ර වගු හා පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් හෙළිදරවු නොවූ අති දුර්ලභ කරුණු රාශියක් අන්තර්ගත මෙම කෘතිය ජ්‍යෝතිෂ ග්රන්ථ රැසක් සම්පාදනය කළ ප්‍රවීණ ජෝතිර්වේදීයෙකුගේ මනා දැනුමේ හා දිගුකාලීන ගවේෂණයක ප්රතිඵලයකි. විවාහයට පමණක් නොව වෙනත් බොහෝ කටයුතුවලට පොරොන්දම් බලන හැටි ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.
ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත
නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. මේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයකු ම පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් බව විශ්වාස කෙරේ. මෙම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඔස්සේ පුද්ගලයකුගේ පලාපල විග්රහ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය
කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය
භවය විඤ්ඤාණය සහ කර්ම බලය
භවයක් හෙවත් උපතක් ලැබීම පසුපස විඥානය සහ කර්ම බලය හේතු වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.
පිරමිඩ් යාන්ත්‍රණයෙන් වාස්තු විද්‍යාව
අතීත ක්රමවේඳ තුලින් වේගවත්ව පහසුවේන් භාවිතා කරන යාන්ත්‍රන ක්‍රමයක් දැන් රූපාකාර යෙන් පහසුවෙන් ඉගෙන භාවිතා කිරීමට සරලව සකස්කර ඇත. නිරෝගීභාවය හා ධනවත්වීම මෙම ක්‍රමවේද තුළින් ඔබේ අනාගතය සර්ථකත්වය කරා ගෙනයයි. මෙම විශිෂ්ඨ ඥානය භාවිතයෙන් නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව ආදිය බලාපොරොත්තු සඵල කරන ආකාරයට පිළියෙල කර ගත හැකිය.
පැරණි ගෙබිම් සංග්‍රහය 1
කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.
ග්‍රහ බල සහ භාව බල
ලග්නයට අනුව ග්රහයින්ගේ ක්‍රියාකාරිත්වයත් ඉන් ඇතිවන සුභ අසුභ ඵල ගැනත් අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි. මෙහි කතුවර වෛද්යාචාර්ය ආර්. එච්. විලියම් මහතා ජ්‍යෝතිෂ ක්ෂේත්රයේ ප්රවීණයෙකි.
නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්
මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.
නාඩි ජ්‍යොතිෂ පද්ධතිය
කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්රත්යක්ෂ කර ගත හැකිය.
මහා යන්ත්‍ර ශ්‍රෙණිය
මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.