Weight | 400 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0672-12-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හඳහනේ සැඟවුන රහස්
රු690.00
Price Summary
- රු690.00
- රු690.00
- රු690.00
ජ්‍යොතිෂය කෙතරම් ශාස්ත්‍රීයද නැත්නම් විද්‍යාත්මකද යන්න වර්ථමානයේ බෙහෙවින්ම සාකච්ජාවට බඳුන් වී ඇති මාතෘකාවකි.නමුත් මේ ප්‍රශ්න කරන කිසිවෙකුත් රවි. චන්ද්‍ර, කුජ, බුධගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිළිබඳ නම් වශයෙන් හඳුනා ගැනීම හැර ජ්‍යොතිෂය නැමැති විෂය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් නැත්තවුන් බව ඉර හඳ මෙන් විශ්වාසය.කෙනෙක් රහත් භාවයට පත්ව ඇත්ද නැත්ද දන්නේ බුදුවරයෙකු හෝ තවත් රහතුන් නමක්ම පමණ ය.
Related Products
ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත
නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. මේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයකු ම පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් බව විශ්වාස කෙරේ. මෙම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඔස්සේ පුද්ගලයකුගේ පලාපල විග්රහ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
පොරොන්දම් බලන හැටි
පොරොන්දම් බලන හැටි ඉගෙනීමට අවශ්‍ය නක්ෂත්ර වගු හා පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් හෙළිදරවු නොවූ අති දුර්ලභ කරුණු රාශියක් අන්තර්ගත මෙම කෘතිය ජ්‍යෝතිෂ ග්රන්ථ රැසක් සම්පාදනය කළ ප්‍රවීණ ජෝතිර්වේදීයෙකුගේ මනා දැනුමේ හා දිගුකාලීන ගවේෂණයක ප්රතිඵලයකි. විවාහයට පමණක් නොව වෙනත් බොහෝ කටයුතුවලට පොරොන්දම් බලන හැටි ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.
ජ්‍යොතිෂ හස්තය
ඔබේ හඳහනේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔබ ගැන පලාපල විස්තරයක් ලබාගැනීම සඳහා මග පෙන්වන කෘතියකි වන මෙය සම්පාදනය කොට ඇත්තේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතාන විසිනි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c00e9d901d6411eaa86da77fbaa1d241″ ]
නැකත් හදන හැටි
ජ්‍යෝතිෂයේ වැදගත් අංගයක් වන නැකැත් සාදන ආකාරය පිළිබඳව ක්‍රමානුකූලව සහ සරලව පැහැදිලි කරන මෙම කෘතිය ජ්‍යෝතිෂය හදාරන්නන්ට මෙන්ම එහි නිරතවන්නන්ට ද ඉතා වැදගත්ය.
විවාහයට කේන්ද්‍රය බලපාන හැටි
කොතරම් රූමත් වුව ද, ධනය තිබුණ ද, උසස් රැකියාවක් කළ ද නිසි වයසට පැමිණි තරුණ තරුණියන් විවාහ වීමට සුදුසු අයකු නොමැතිව ලතැවෙයි. එවන් අයගේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම අනුව විවාහය පමා වන බව ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති. සමහරවිට ග්‍රහ පිහිටීම ගැලපෙන කේන්ද්‍රය ලැබුණු විට විවාහය ඉක්මන් වේ.ත එසේ වුවද ජ්‍යෝතිෂයට අනුව විවාහය කෙරෙහි පොරොන්දම් ගැලපීම ඉතාමත් අවශ්‍ය වේ. ඉතාමත් සරල බසින් ලියැවුණු මේ කෘතිය තේරුම් ගැනීමට නක්ෂත්රය පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ.
භවය විඤ්ඤාණය සහ කර්ම බලය
භවයක් හෙවත් උපතක් ලැබීම පසුපස විඥානය සහ කර්ම බලය හේතු වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.
ජ්‍යොතිෂයේ නොපෙනෙන මානය
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වන ආචාර්ය පියසේන රතුවිතාන විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය මගින් ජ්‍යෝතිෂයේ අප මෙතෙක් දැක නොමැති, බොහෝ අයගෙන් මග හැරුණු පැතිකඩක් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2ba2e8c0ae9811e9b2e665fc22e805f9″ ]
කේන්ද්‍රය සහ ග්‍රහයෝ
කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය සහ එහි ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳ මේ ජ්‍යොතිෂ කෘතියෙන් විස්තර වෙයි. එක් එක් ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගෙන් ලැබෙන සුබ අසුබ ඵල පිළිබඳ මෙයින් කතා කෙරේ.
නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්
මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.
මහා යන්ත්‍ර ශ්‍රෙණිය
මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.
ජීවිතයට ජ්‍යෝතිෂය
ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග්රහ කරන මේ කෘතිය දිවියේ අනේක විවිධ ප්‍රශ්න හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනය ගෙන දෙන්නකි. ජ්‍යෝතිෂය පිළිබඳ වැඩි දැනුමක් නොමැති අයෙකුට ද මෙය කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සම්පාදනය කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bef9b6201cd511ea884dd7d8f580f29c” ]
පැරණි ගෙබිම් සංග්‍රහය 1
කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.