Weight | 600 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-624-5579-22-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හන්ටිං පාටි
රු2,100.00
Price Summary
- රු2,100.00
- රු2,100.00
- රු2,100.00
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
Related Products
පාර දිගේ
උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b4ec6e20a6cd11e9a86ffd9627041cd1″ ]
සසර
ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3ba661d004a311ebb58efd96ed7adb7b” ]
මට මතකයි
වැඩිහිටි වියට පැමිණි පසු සිය ළමා විය පිළිබඳ ස්මරණය කරමින් ලියන ලද නවකතාවකි.
ගස් මිනිස්සු
‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3cfc6e00e05711eabefb2d8d4968d702″ ]
ආදරණීය මාක්ස්
නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/27d90300dc5a11ea86b29f1909b6d02a” ]
ගඟ අද්දර
මානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/166e21c0a95211e98b43971af1439e38″ ]
දුවකගේ කඳුළු
රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c36a9740a86011e987c817dd15a1ebbe” ]
Village By The Sea
The village by the sea: an indian family story is a novel for young people by the indian writer anita desai, published in london by heinemann in 1982. It is based on the poverty, hardships and sorrow faced by a small rural, community in india
The Woman In The Window
For readers of gillian flynn and tana french comes one of the decade’s most anticipated debuts, to be published in thirty-six languages around the world and already in development as a major film from fox: a twisty, powerful hitchcockian thriller about an agoraphobic woman who believes she witnessed a crime in a neighboring house.
වනගත මැණික – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.
දෝංකාරය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ නම් කෙටි කතාවයි.
වැඩකට නැති පොත
‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e4bd0fa0fbce11eabce5a14d9d74b2e8″ ]