Weight | 559 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2266-8 |
Language | Sinhala |
Cover | Soft Cover |
සුව රුව ගුණ සපිරි රස ආහාර
රු1,200.00 රු900.00
Price Summary
- රු1,200.00
- රු900.00
- 25%
- රු900.00
- Overall you save රු300.00 (25%) on this product
පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.
Related Products
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය
ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය
රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරඟ විභාගයකට මුහුණ දීමත් එයින් ඉහළම දස්කම් දැක්වීමක් අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණ භාෂා හැකියා පරීක්ෂණ ආදි විවිධ විෂයන් ඔස්සේ දැනුම හා කුසලතාවන් මැන බලයි. මෙම කෘතිය උසස් ජයග්‍රහණ ලබා ගනු සඳහා විධිමත් ව සම්පාදනය වූවකි.
චීන බසට අත්වැලක්
චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d6f10e20b34811e9b53d2d445f0dac2c” ]
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
සිංහල දෙමළ කතා පුහුණුව 1
දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.
දෙමළ 2
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක දෙවැන්නයි.