Weight | 559 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2266-8 |
Language | Sinhala |
Cover | Soft Cover |
සුව රුව ගුණ සපිරි රස ආහාර
රු1,200.00 රු900.00
Price Summary
- රු1,200.00
- රු900.00
- 25%
- රු900.00
- Overall you save රු300.00 (25%) on this product
පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.
Related Products
ආධුනික ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන 6000 කටත් වඩා අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙහි කතුවරයා වන මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව ද මනා පරිචයක් ඇති බැවින් මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
දෙමළ 1
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක පළමුවැන්නයි.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
අභියෝග්‍යතා පරික්ෂණ
රාජ්‍ය අංශයේ රැකියාවකට අවතීර්ණ වීමේ දී ඒ සඳහා අනිවාර්යයෙන්ම සුවිශේෂ තරග විභාගයකට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එහි දී අභියෝග්‍යතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඔබට හිමි වන අතර එහිදී ඔබේ තර්කන ශක්තිය, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මැනවින් මැන බලයි. මේ කෘතිය සැකසී ඇත්තේ එම අභියෝග ජය ගැනීම සඳහා ඔබට ශක්තියක් වන්නට ය.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන බොහොමයක් අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
මාඉටිපේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය
ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.
සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව
විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳ නිරවුල් අවබෝධයක්, නිවැරදි උච්චාරණයක් හුරු කරවයි.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
ජපන් බසට සරල මගක්
ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයන්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට සහ ජපානයේ රැකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව වුව ද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග්රන්ථයකි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.