රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.
සිදුරු පත්තර
රු650.00
Price Summary
- රු650.00
- රු650.00
- රු650.00
රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.
Related Products
කන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
පාළු දූපත
යොවුන් වියේ වීරත්වය, ත්‍රාසය සහ කුතුහලය කැටි වූ අපූර්ව නවකතාවක රසය යොවුන් මනසට කැටුව එන මෙය සාහිත්‍යයෙන් විද්‍යා දැනුම සපයන අපූර්ව නිර්මාණයකි.
සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
Tikiri’s Big Trip
This is a children’s story written in English and tells the story of a little girl named Tikiri who travels around Sri Lanka with her pet dog ‘Sulu’.
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
නන්ද හා සරණ
නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f43fd310addc11e9aed4d11508416e27″ ]
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?
ජිවිතයේ ඔයිල් පැල්ලම
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
මුක්ති
මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.