Weight | 6550 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 955-21-1965-1 |
Language | Sinhala |
Cover | Hard Cover |
ශ්‍රී ලාංකීය ඉතිහාසය
රු7,750.00
Price Summary
- රු7,750.00
- රු7,750.00
- රු7,750.00
ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.
Related Products
ලක් බිමේ තවත් යුගයක්
සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ’ (Savage Sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ තංගල්ලේදී ජන්ම ලාබය ලත් හෙතෙම, 1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්තාව අසල අද “විචර්ලි” ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය.
වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හා සාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් Where the White Sambur Roams ‘සුදු ගෝනා’ නමින් ද Wild White Boy ‘සුදු වැද්දා’ නමින් ද Vanished Trails ‘මැකී ගිය දඩමං’ නමින් ද සිංහලයට නැගී තිබේ.
ලංකාවේ ඉපද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය Far-off Things නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ Growing, ‘ලක්බිමේ සත් වසක්’ යනුවෙන් සිංහලයට නැගූ ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා Far-off Things, ‘ලක් බිමේ තවත් යුගයක්’ නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්රශස්ත ය.
මෙම කෘතිය ලංකාවේ ෙඑතිහාසික තොරතුරු ද – ආදී වාසීන්ගේ වතගොත ද – සිද්ධස්තාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්රැති හා මිත්‍යා මත ද හෙළි කරණ අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද එමැනවින් පිළිබිඹු කරන්නකි.
-තිලකරත්න කුරුවිටබණ්ඩාර
දුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]
පණ්ඩුකාභය රජතුමා
පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fcd799a0d90d11e99dbbb5030e23e1d8″ ]
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cddc73601d6b11eaba640525ed2af645″ ]
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
ලෝක ඉතිහාසය
ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f9771920cd4711e99f901f20096e3a30″ ]
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.