Weight | 250 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0084-57-9 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
රාවණ ශිෂ්ටාචාරය
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය “රාවණ ශිෂ්ටාචාරය” යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රි ලංකාවෙන් සංක්‍රමණය වු යක්ෂ ගෝත්‍රිකයන්(හෙළයන්) අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.
Related Products
ලංකාධිපති ශ්‍රී රාවණ
රාවණො විදිතො මයිහං – ලංකාවාස්ය මහාපුරි
දෘෂ්ටා පාරෙ සමුද්‍රස්‍ය – ත්රීකුටගිරිකන්දරෙ ( මහා භාරතය )
සමුද්‍රයෙන් එපිට ත්රීකුට ගිරිකන්දරයේ ලංකාපුරයෙහි
වාසය කරන රාවණ ගැන දනිමි.
මහා භාරතය සදහන් කළ
මේ ත්රීකූටගිරිකන්දරය
ලකේගල තුන්හිස්ගල
(තුන්කුළු පව්ව) නොවන්නේ ද ?
ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව මහාවංශය
සරල සිංහල අනුවාදය
උරුමය 2 – වැවේ වගතුග
වැව ශ්‍රී ලාංකික වාරි සංස්කෘතියේ හදවත යි. එම හදවතේ ස්පන්දනය අනුව වාපී සංස්කෘතියේ නාඩි වැටෙයි. එහෙත්, අද දවසේ ජීවත්වන අපේ දූ දරුවන්ට ඒ පිළිබඳ ඇති අවබෝධය අඩුයි.
“වැවේ වගතුග” මගින් එම අතීත උරුමයේ හෘද ස්පන්දනය කෙසේ ක්‍රියා කළේ දැයි වටහා දීමට වෑයම් කළෙමු. මෙහි සඳහන් වන්නේ අදින් අඩසියවසකට පමණ පෙරාතුව රජරට හා හත් කෝරලයේ වාපී සංස්කෘතියේ මූලික තොරතුරු ය.
සිංහලේ මහා රාජවංශෙ 2
ලංකා ඉතිහාසය සොයා යන්නන්ට අමතක කල නොහැකි මහගු ග්‍රන්ථය මහාවංසයයි.මෙහි එන සුළු කරුණක් පවා සොයා ගැනෙන සෙල්ලිපි වලින් තහවුරු වීම පුදුම සහගතයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය භික්ෂූන්ගේ ප්‍රබන්ධ කථාවක් ලෙසත් එය පක්ෂග්රාහීව ලියන ලදී. එහෙත් ඔවුන් එලාර රජු දැහැමින් පාලනය කළ බව සඳහන් වන මහාවංස පාඨය කියවා නැත. නැතහොත් වාසිය තකා නොකිය වු සේ ඔවුහු සිටිති.
උතුරේ දෙමළ රාජ්‍යක් තුබුණු බවට අමු බොරු කියන මොවුහු එයට කිසිදු සාධකයක් ඉදිරිපත් නොකරති. දෙමළ ජනයා වැඩියෙන් උතුරේ සිටීම වෙනම රාජ්‍යයක් තුබු බවට සාධකයක් නම් මුස්ලිම් ජනයා වැඩියෙන් සිටින බේරුවල ද වෙනම මුස්ලිම් රාජ්‍යයක් තුබුණා යැයි කිව හැකිය. මේවා මිථ්‍යා කථා වෙයි. යාපනයේ සිටි සිංහලයන් ලක්ෂ ගණනක් පලවා හරින ලද්දේ වර්තමානයේ ප්රභාකරන් මෙන් දහහත්වන සියවසේ සිටි සංකිලි නම් දාමරිකයා විසිනි.
These Happy Golden Years
Classic tales by Laura Ingalls Wilder about life on the frontier and America’s best-loved pioneer family. Teaching at the Brewster settlement, miles away from her family, isn’t as exciting as Laura Ingalls had hoped and she is very homesick. The winter passes slowly and she has only rare drives in Almanzo Wilder’s new pony trap to look forward to. As Laura leaves her childhood behind and turns to the responsibilities of earning her keep, her friendship with Almanzo blossoms into love and we say goodbye to the Ingalls family with a wedding. The timeless stories that inspired a TV series can now be read by a new generation of children. Readers who loved Anne of Green Gables, Little Women, and Heidi will be swept up by this timeless rural coming of age saga. Perfect escapism for readers aged 8+. Beautifully illustrated by Garth Williams.
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර
රාවණාගේ උඩ්ඩීශතන්ත්‍රය
ව්‍යවහාර වෂර් 1952 දී “රාවණාගේ උඩ්ඩීශතන්ත්‍රය”
නමින් පළවු ග්‍රන්ථය මෙවර මුද්‍රණය කිරීමේ දී එහි
අත්පිටපත සොයාගැනීමට නොහැකි වු බැවින් දේවනාගරි
අක්ෂරයෙන් භාරතයේ මුද්‍රිත ග්රන්ථ ආශ්රයෙන් සැකසීමට
සිදුවිය. ඉන් එකක් රාමවිහාරි මිශ්‍ර නම් පඬිවරයෙකුගේ
හින්දි ටීකාව සහිතව බරණැස පළකැරුණකි. අනෙක
රාමෙශවර දතතා නම් පඬිවරයෙකුගේ හින්දි ටීකාව
සහිතව කාශියෙහි පළකැරුණකි. මේ දෙකෙහි ම
මුලග්‍රන්ථය පිළිබඳ කිසිදු හැඳින්වීමක් කර නැත.
ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය
ලක්දිව උතුරුකරයේ ආර්ය රාජ්‍යයේ ඉතිහාසය වරින්වර විවිධ අන්තගාමී පිරිස් විසින් විකෘති කර තිබීම පිළිබඳව වාර්තා වුව ද, ඒ පිලිබඳ ජනතාව අතර අවධානයක අවම මට්ටමක පැවතිණි. බොහෝ ප්‍රකාශ ඉංග්‍රීසියෙන් පළකර ඇති බැවින් ඒ පිලිබඳ සිංහල පාඨකයාගේ දැනුම අවම යැයි සැලකිය හැකි ය. මේ පිලිබඳ ව දෙස් විදෙස් කිහිපදෙනෙකු විසින් ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා වෙත එවැනි අදහස් විකෘති කරන ලද පොත්පත් පවා ඉදිරිපත් කර මේ පිලිබඳ යමක් කළ හැකි දැයි විමසීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඓතිහාසික ව වැදගත් ග්‍රන්ථය නිර්මාණය වීමේ පසුබිම සැකසිණි. ඒ අනුව වසර තුනකට වඩා වැඩිකාලයක් තුළ ක්ෂේත්‍ර චාරිකා සහ විෂයානුබද්ධ ලිපි ලේඛන රාශියක් ඇසුරු කර මෙම කෘතිය සම්පාදනය කර ඇත.
ගවම්පති මහ රහතන් වහන්සේ
” කිසියම් භික්ෂු නමක් තම ඍද්ධි බලයෙන් ‘සරභූ’ නම් ගගේ සැඩ පහර නැවැත්වුවා ද එසේ කළ ඒ ‘ගවම්පති’නම් භික්ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය.සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ වැද නමස්කාර කරති.”
ශ්‍රී ලාංකේය අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය
ශ්‍රී ලංකාව විවිධ ජන කොට්ඨාස විසින් අතීතයේ
පටන්ම ගොඩනඟා ගන්නා ලද ඒ ඒ ජන සමාජවලට
ආවේණික වු දේශීය සංස්තින්ගෙන් පෝෂණය වු
රටකි. එකී සංස්කෘතියේ බෞතිකව හඳුනාගත නොහැකි
පාර්ශ්වය හෙවත් අස්පර්ශ්‍ය සංස්කෘතිය රටක අනන්‍යතාව
නිරූපණය කිරිමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය යනු අද වන විට ලොව
පුරා පුළුල් ස්ංවාදයකට භාජනය වෙමින් පවතින විෂය
කේෂ්ත්‍රයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සුවිශේෂි ජන
කණ්ඩායමක් වන රොඩී ජන සමාජය ඇසුරින් හෙළිදරව්
කිරීම සඳහා කතුවරිය මෙම කෘතියේ දී ගෙන ඇති
උත්සාහය ප්‍රශංසනීය වේ. ආරම්භයේ පටන් ම හුදකලාව
ජිවත් වු කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් රොඩී
ජනතාව විසින් ගොඩනඟා ගත් ඔවුනට ආවේණික
සමාජ චර්යා, සිරිත්,විරිත්,ඇදහිලි හා විශ්වාස,
භාෂාව හා සාහිත්‍යය,ප්රසාංගික කලා සහ ශිල්ප
කර්මාන්ත ආදී අස්පර්ශ්‍ය සංස්කෘතිකාංග පිලිබඳව
මෙහි දී ගැඹුරින් අධ්‍යනය කර ඇත.
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ
“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.
කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්රභූවරු
වත්මන් ලෝකයේ ඉතාමත් ම පැරැණි රටක් වු ශ්‍රි ලංකාව නම් හැත්තෑපහකට අධික ප්‍රමාණයකින් හැඳින්වීම එහි ශ්‍රේෂ්ඨ අතීතය තහවුරු කරන සාධකයකි.ප්රාග් ඓතිහාසික යුගයේ සිට අප රටේ උසස් සංස්කෘතියක් තිබුණ බවට කදිම සාධකයකි වාල්මිකී ගේ රාමායණ ය.