Weight | 160 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 955-21-0942-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
රස ගුණ පිරි ආහාර
රු330.00
Price Summary
- රු330.00
- රු330.00
- රු330.00
පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.
Related Products
ගුණසෙන පාසල ලෝක සිතියම් පොත
පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් සම්පාදනය කරන ලද සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.
චීන බසට අත්වැලක්
චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.
සිංහල-ඉතාලි- ඉංග්‍රීසි ශබ්දකෝෂය
ඉතාලි භාෂාව ඉගෙනුම ලබන සියලු දෙනාටම නිසැක ලෙසම ප්‍රයෝජනවත් වන මෙම ශබ්දකෝෂය පොදුවේ භාවිත වන ඉතාලි වදන් රැසක් ඉදිරිපත් කරයි. ඉතාලිය පිළිබඳ දිගු කාලයක අත්දැකීම් ඇති මෙම කතුවරයා සාමාන්‍ය භාවිතයේ පවතින වදන් රාශියක් මෙයට ඇතුළත්කොට තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඉතාලි බස පිළිබඳ උනන්දුවක් දක්වන්නවුන්ට ද මෙය එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.
අලෙවිකරණ මිශ්‍ර උපායමාර්ග
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ අලෙවිකරණ ක්ෂේත්රයේ යොදා ගත හැකි උපායමාර්ග සමූහයකි. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/214c4df0add311e98ae4b920dab55f79″ ]
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
දෙමළ 2
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක දෙවැන්නයි.
ජපන් බසට සරල මගක්
ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයන්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට සහ ජපානයේ රැකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව වුව ද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග්රන්ථයකි.
නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්
ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
දෙමළ 1
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක පළමුවැන්නයි.
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථය මගින් අලෙවිකරණයේ මූලික පදනම් මනාව ඉදිරිපත් කර තිබේ. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය
ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.