Weight | 380 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-084-180-6 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි
රු650.00
Price Summary
- රු650.00
- රු650.00
- රු650.00
තරු දොරටුව (ස්ටාර් ගේට් – Star Gate) නමින් හඳුන්වන රන්මසු උයනේ ගුහා සටහනින් පෙන්නුම් කෙරෙන්නේ මේ ලෝකය ගෝලාකාර වස්තුවක් බවයි. ලෝකය ගෝලාකාර වස්තුවක් බව මුලින්ම හඳුනාගෙන ඇත්තේ ශ්‍රි ලාංකික සෘෂිවරුන් විසිනි.ලෝකය ගෝලාකාර බව සත්‍ය ලෙසම තේරුම් ගැනීමට නම් අභ්‍යවකාශයේ සිට නැරඹිය යුතුය. මෙය ගගනගාමියෙකුට මිස වෙනත් අයෙකුට කළ නොහැකි කාර්යයකි. නැතිනම් වෙනත් ග්‍රහලෝක සමීපව බලාගත හැකි උපකරණ භාවිතා කළ යුතු වන්නේ ය.එවැනි උපකරණ භාවිත කළ බවට කිසිඳු සාක්ෂියක් දැනට සොයා ගැනීමට නොහැකි වුනත් ජේතවන,අභයගිරි වැනි ස්ථාන සතුරු ග්‍රහණයට හසුවන සෑම අවස්ථාවකම එවැනි උපකරණ විනාශ වන්නට ඇත.
Related Products
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5d1769e0128a11ea8eb38927f14ff56b” ]
ජාතික වීරයෝ
අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1c351040ae9b11e9a8c8356be8940da4″ ]
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
පිටිසර මිනිස්සු
මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
ඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
මඟ දිගට ජනකතා 2
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 26කින් යුක්ත පොතකි.