Weight | 300 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-686-148-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
“මිරිසවැටිය” අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ “මිරිසවිටි”,මිරිසපිටි” යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ “මිරිසවිටි” යන නම යි.
V කාශ්‍යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ “මිරිසිවිටි” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් “මිරිචවට්ටි චෙතිය” යනුවෙන් කියනු ලැබේ.
Related Products
නරලොව හොල්මන් 1
කලකට පෙර රිවිරැස පත්‍රය කියවු පාඨකයන් අතර
ඉමහත් ජනප්‍රියභාවයට පත්වූ නරලොව හොල්මන්
රස කථා පෙළ නූතන පරපුරේ පාඨකයන් අතට ප්ත්
කිරීමට එම කථා එක්කොට සංස්කරණය කර ඔබ
අතට පත් කරන්නෙමු..
උපවාන මහා රහතන් වහන්සේ
“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්රකටය.
සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්රද්ධාවන්තකම ය.
මකාර් චුද්ර
ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද ඔවුන් දුක් විඳින්නේ සමාජ
ආර්ථික ක්රමයේ වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ
මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිතමුදිත
කිරීමට නම්,පවත්නා සමාජ -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා,නව සමාජ
ආර්ථික ක්‍රමයක් ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය.මේ සංග්‍රහයේ
එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ
වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන
ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද
දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන්
බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි…
සුදු හැඳ ගත් කාන්තාව 1
විල්කි කොලින්ස් 1860 දී ලියූ ‘සුදු හැඳ ගත් කාන්තාව’
(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ
ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත
රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම
නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට
එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.
මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්
පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්
නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.
අරලිය මල් ආරාමය
“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”
“ඒක තමයි මට උනෙත්…”
“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”
“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”
“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”
නරලොව හොල්මන් 2
දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 2” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය
බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ශ්‍රී ලාංකේය සංස්කෘතිය, අභිමානය, බෞද්ධාගමික පුණරුදය, අවිහිංසාවාදය හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගෙනයනු ලැබූ සමාජ මෙහෙවර වර්තමානයේ ශ්‍රී ලංකාද්විපයේ ජාතික සංවර්ධනයට උරදෙන ආධ්‍යාත්මික සංවර්ධන ආකල්ප ක්‍රියාත්මක කරන රටේ තිරසාර සංවර්ධනයට සක්‍රීයව දායකවු ජාතික වීරවරයෙකූ ලෙස සැලකිය හැක.
ඕලු 4
පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.
“ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?”
“ඔව්, ඕලු ද අසංගට කීවේ?”
“ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා…..”
“ඕළු මහ පුදුම ළමයෙක් අසේල”
“මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට.”
“ඇත්තට?”
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ
සෘද්ධි ලැබු පමණින් නිර්වාණය නොලැබෙන අතර සෘද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබු දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ජ් රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය්‍යය ප්‍රකට ය. ශ්‍රාවක වු පිළින්දිවච්ජ් තෙරුන්ගේ සෘද්ධි බලය එසේ නම් ශාස්තෘ වු බුදුරජානන් වහන්සේගේ සෘද්ධි බලය කෙසේ දැ,යි කිව යුතු නැත.
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 2
මෙය කීර්තිමත් බ්රිතාන්න්ය ගවේශක,ලේඛක පෝල් බ්රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
අස්සජි මහ රහතන් වහන්සේ
“මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.
මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.
මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි.”
සැරියුත් මහ රහතන් වහන්සේ.