Weight | 300 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-686-148-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
“මිරිසවැටිය” අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ “මිරිසවිටි”,මිරිසපිටි” යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ “මිරිසවිටි” යන නම යි.
V කාශ්‍යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ “මිරිසිවිටි” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් “මිරිචවට්ටි චෙතිය” යනුවෙන් කියනු ලැබේ.
Related Products
ඈ හෙවත් අයේෂා 2
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, ඇමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන් සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් වන අතරම, අපගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.
අරලිය මල් ආරාමය
“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”
“ඒක තමයි මට උනෙත්…”
“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”
“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”
“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය
බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ශ්‍රී ලාංකේය සංස්කෘතිය, අභිමානය, බෞද්ධාගමික පුණරුදය, අවිහිංසාවාදය හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගෙනයනු ලැබූ සමාජ මෙහෙවර වර්තමානයේ ශ්‍රී ලංකාද්විපයේ ජාතික සංවර්ධනයට උරදෙන ආධ්‍යාත්මික සංවර්ධන ආකල්ප ක්‍රියාත්මක කරන රටේ තිරසාර සංවර්ධනයට සක්‍රීයව දායකවු ජාතික වීරවරයෙකූ ලෙස සැලකිය හැක.
සුදු හැඳ ගත් කාන්තාව 1
විල්කි කොලින්ස් 1860 දී ලියූ ‘සුදු හැඳ ගත් කාන්තාව’
(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ
ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත
රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම
නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට
එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.
මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්
පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්
නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.
සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්රද්ධාවන්තකම ය.
ඛේමා මහ රහත් තෙරණිය
ඛේමා මහ රහත් තෙරණිය
මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ
මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.
සාගත මහ රහතන් වහන්සේ
“මහණෙනි, මගේ මේ ශාසනයේ තේජෝ ධාතු සමාපත්තියට
සමවදින භික්ෂුන් අතුරින් සාගත භික්ෂුව අග්‍ර වේ.”
චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ
“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 2
මෙය කීර්තිමත් බ්රිතාන්න්ය ගවේශක,ලේඛක පෝල් බ්රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
ෆ්‍රැන්කන්ස්ටයින්
ස්වීස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්
මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි
යෙදෙන්නේ, මිනිස්සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසෙකු
නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි
කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාම විකෘති,විකාර,විරූපි, බියකරු,
පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස්
රකුසාගෙන් පලා යයි.
සිය විරූපි විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ
මිනිස් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන භූතයා සිය මැවුමකරුගෙන්
පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත
අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තරකෙරෙන
මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ
ස්වභාවික සීමාවක් ඉක්මවා යෑමට තැත් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක
ලොමු ඩැහැගන්වන අයුරින් ගෙන හැර දක්වයි.
මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයක්,
මානව දයාවත්, සමකාලීනවිද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම්
පිළිබඳ විස්තීර්ණ විග්රහයන්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස්
ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී
මේරී ෂෙලී විසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විශ්ව සදාචාරයේ අගය
දක්වමින් ඓශ්චර්යමත් පසුබිම් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්ෂණ
භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ
ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත.
සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්රද්ධාවන්තකම ය.