ඓතිහාසික විස්තර, යුධ රහස් සහ මහනුවර යුගයේ අප්‍රකට විත්ති පිළිබඳ ප්‍රාථමික මුලාශ්‍ර, ද්වීතික මුලාශ්‍ර සහ ජනප්‍රවාද මත පදනම් වේ.
මහනුවර යුගයේ අප්‍රකට විත්ති පළමුවන වෙළුම
රු3,050.00
Price Summary
- රු3,050.00
- රු3,050.00
- රු3,050.00
Related Products
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cddc73601d6b11eaba640525ed2af645″ ]
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
මඟ දිගට ජනකතා 2
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 26කින් යුක්ත පොතකි.
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5d1769e0128a11ea8eb38927f14ff56b” ]
සිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
ශ්‍රී ලාංකීය ඉතිහාසය
ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.