Weight | 600 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0028-64-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බුද්ධිමය වංචාවෝ
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.
Related Products
මලයාලි යනත්‍ර පොත
යන්ත්‍ර මන්ත්‍ර ගැන විශවාසයක් නො දැක්වු උපාධිධාරීන් කිහිපදෙනෙකුන් ද අපගේ පළමු පොතේ යන්ත්‍ර පර්යේෂණ වශයෙන් ක්‍රියාත්මක කිරිමෙන් මහගු ප්‍රතිඵල ලද බව දන්වා ඒවා තිබීම අප ධෛර්යය ගන්වන්නක් විය.
පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්
එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද
එහි ප්රතිඵලයකි.
සමකාලීන අධ්‍යාපන සංකල්ප
මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.
ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා
ඉගනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය කෙෂත්රකි. එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස ;ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා; නම් වු කෘතිය සැලකිය හැකිය.
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.
බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය
හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.
අධ්‍යාපන සමාජ විද්‍යා මූලධර්ම
නවතම විෂය කෙෂ්ත්‍රයක් වන අධ්‍යාපන සමාජ විද්‍යාව ශ්‍රි ලංකාවට අදාළ ලෙස ගලපා ලියවී ඇති කෘති ප්‍රමාණය ඉතාම අතලොස්සකි. මේ නිසා එම විෂය හා සම්බන්ධ අධ්‍යයන කටයුතුවලදි දේශිය සාහිත්‍ය මුලාශ්රවල ඌණතාව සම්පුර්ණ කර ගැනීම සඳහා මෙම කෘතියෙන් මහගු දායකත්වයක් ලබා දි ඇති බව පැහැදිලිය.
මනෝවිද්‍යාවේ නූතන ප්රවනතා
මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන් පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ් අඩෙවි මගින් තෝරාගන්නා ලද නූතන ප්රවණනා නවයක් මෙම පොත් පිංච මගින් හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්, ඉගෙනුම් මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.
ජීවිතයට පාඩම් සියයක්
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ජේද කෙටිය; බරපතළ ලෙස ප්රායොගිකය. සැබැවින්ම උද්යෝගය වඩනසුලුය.මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.එහෙත්,ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.
අභියෝග ජයගත් දරුවෝ
“පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ.”මෙහි ඇත්තේ කොළඹ සරසවියේ අවසන් වසරේ අධයපනවේදී උපාධි පඨමාලාව හදාරන සිසුන් විසින් ලියන ලද ස්වයං චරිතපදානයි.
තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය
අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.
අධිමානසික විද්‍යාව
සම්පූර්ණ විෂය සදහා ප්‍රවේශය
ඉතිහාසය , විෂය පරාසය , මුලධර්ම සහ පර්යේෂණ විධි