Weight | 390 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-686-322-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දානය නිර්වාණාවබෝධය පිණිස ද?
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.
දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍යය.
Related Products
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.
බණ්ඩාර මැරූ උන්
චිත්‍රශිල්පය, ලෝ ප්‍රකට චිත්රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳ ගැඹුරින් සාකච්ජා කරන මෙම නවකතාව, ඉතා අභිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය, ගිරිදේව නම් චිත්රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද්‍ර අභද්‍ර සිදුවීම් අඩංගු අනුවේදනීය දීර්ඝ කතා පුවතකි. අප රටේ චිත්රශිල්පීන් ට හා චිත්‍ර ගැන උනන්දුවක් දක්වන අයට මෙම පොත ගොඩක්ම දැනෙනු ඇත. ගිරිදේව, තේනි, කුඩාදේව, රතුමහත්තයා හා මහාචාර්ය වටපාන යන චරිත වටා මෙම කතාව ගෙතී ඇත. දරුවන් පිටරට යවන දෙමවිපියන්ගේ අනාගත ඉරණම හා තමාට ආදරය කරන දුප්පත් යුවතිය අතහැර ඉහල තනතුරක් හොබවන ‘මැඩම්’ කෙනෙකු කසාද බඳ ගන්නා මෝඩ මිනිසුන්ගේ අනාගත ඉරණම ගැන ද. උගතුන් විසින් තමා නොදැනුවත්ව වර්තමානයේ කරනු ලබන මෝඩ ක්‍රියාකලාප කර්තෘ විසින් මානව ඉදිරිපත් කර ඇත.
ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ
වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්‍යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්රන්ථ රත්නයකි.
කළු දෝංකාරය
“…මගෙ දුවේ.. ඇත්ත ලෝකය.. ප්‍රබන්ධ කතාවලට
වඩා දරුණුයි.. සාහසිකයි.. නරුමයි.. ඇත්තටම
විශ්වාස කරන්ඩ බැරි තරම්..
ඒ අමානුෂික ක්‍රියාව පියවරෙන් පියවර විස්තර කළා
නම් කියාවි, අවිශ්වාසනීය ප්රබන්ධයක සාහසික
ජේදයක් කියලා…”
සුදු හැඳ ගත් කාන්තාව 1
විල්කි කොලින්ස් 1860 දී ලියූ ‘සුදු හැඳ ගත් කාන්තාව’
(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ
ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත
රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම
නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට
එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.
මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්
පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්
නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.
ඕලු 3
‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
දෙබෑයෝ
දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.
හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2
හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.
රන්සරණි
“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද? ගම කොහේද?”
“එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…”
“තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්තා මොකද කරන්නේ?”
“තාත්තා පෙට්ටි කඩයක් කරගෙන යනවා.”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැඟුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බීඑස්. දොස්තර කෙනෙක්. සුපර් මාර්කට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගෙන සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලෙ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව උඹේ තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති වුණා ද?”
↑
ඇක්විලෝනියාවේ කෝනාන්
අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත්‍රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ජේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප්‍රබන්ධ සාහිත්‍යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප්රාග් ඓතිහාසික යුගයේ අර්ධ මිලේච්ජ මනුෂ්‍යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප්‍රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත්‍ර මන්ත්‍ර හා කුමන්ත්රණවලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වු අන්දම ද, මේ කතාවලින් කදිමට නිරූපණය වෙයි.
මාස්ටර්මන් රෙඩි
නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. “මාස්ටර්මන් රෙඩි” නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද “මාස්ටර්මන් රෙඩිගේ” මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමානය.
සම්පුර්ණ යි. අසංක්ෂිප්ත යි.
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ
සෘද්ධි ලැබු පමණින් නිර්වාණය නොලැබෙන අතර සෘද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබු දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ජ් රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය්‍යය ප්‍රකට ය. ශ්‍රාවක වු පිළින්දිවච්ජ් තෙරුන්ගේ සෘද්ධි බලය එසේ නම් ශාස්තෘ වු බුදුරජානන් වහන්සේගේ සෘද්ධි බලය කෙසේ දැ,යි කිව යුතු නැත.