Weight | 390 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-686-322-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දානය නිර්වාණාවබෝධය පිණිස ද?
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.
දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍යය.
Related Products
හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2
හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.
ලෝචනා
ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.
නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.
එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.
ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ
වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්‍යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්රන්ථ රත්නයකි.
සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්රද්ධාවන්තකම ය.
ඈන් 5
දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.
දඟකාර ළමයි
මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.
මිලිඳු රාජ ප්රශ්නය 02
“ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව
දැනගන්නට පුළුවන් ද?”
“එසේය මහරජාණෙනි,’භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක’
කියා දැනගන්නට පුළුවනි.”
“ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා
දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?”
“මහරජාණෙනි, මෙය පෙර සිදුවු දෙයක්. තිස්ස නම් ස්ථවිරයන්
වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ
නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා.
උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?”
“ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි.”
“මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද. ඔහු
භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය.”
“ස්වාමීනී නාගසේයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”
චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ
“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”
සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්රද්ධාවන්තකම ය.
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 2
මෙය කීර්තිමත් බ්රිතාන්න්ය ගවේශක,ලේඛක පෝල් බ්රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.
කළු දෝංකාරය
“…මගෙ දුවේ.. ඇත්ත ලෝකය.. ප්‍රබන්ධ කතාවලට
වඩා දරුණුයි.. සාහසිකයි.. නරුමයි.. ඇත්තටම
විශ්වාස කරන්ඩ බැරි තරම්..
ඒ අමානුෂික ක්‍රියාව පියවරෙන් පියවර විස්තර කළා
නම් කියාවි, අවිශ්වාසනීය ප්රබන්ධයක සාහසික
ජේදයක් කියලා…”