Weight | 144 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2789-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
ද්‍රව්‍ය බලා ඇඳීම
රු420.00
Price Summary
- රු420.00
- රු420.00
- රු420.00
අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.
Related Products
සුදු කිටියාගේ ප්රවෘත්ති
මේ කෘතිය ලාංකීය ළමා සාහිත්‍ය කෘති අතරට එක්වන අමුතු ආකෘතියක ළමා කතාවකි. මේ සුදු කිටියාගේ ප්රවෘත්ති ප්‍රකාශයයි. එහිදී විවිධ සිදුවීම් ඉදිරිපත් වන්නේ හාස්‍ය මුසු ප්රවෘත්ති වාර්තා ලෙසයි. ඒ තුළින් ඉතා වැදගත් පාඩමක් ළමා මනසට ඇතුළු කරයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/13b44a402ae311ea92af0dced3f0e6ec” ]
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
හොඳ ළමයා
ළමා මනස මනාව තේරුම්ගනිමින් සම්පාදිත විශිෂ්ටගණයේ පාටකිරීමේ පොතකි. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමටත්, සත්ගුණධර්මවලින් ඔවුන්ගේ සිත පෝෂණයකිරීමටත් සමත් ය. චිත්‍ර විෂය පාසල්වල උගන්වන ගුරුභවතුන්ට ද මෙය ඉතා වැදගත් ය.
හත් පණ
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘හත් පණ‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c725a2c0a9e011e983272b20b7336afe” ]
ගුණසේන සිංහල – සිංහල (කුඩා) ශබ්දකෝෂය
සිංහල භාෂාවේ පොදුවේ යෙදෙන බොහෝ වදන් සහ ඒවායේ අර්ථ මෙහි අඩංගු වේ. පාසල් දරුවන් ඉළක්ක කොටගෙන විශේෂයෙන් සම්පාදනය කෙරුණ ද, සිංහල භාෂාව හා සාහිත්‍ය හදාරන ඕනෑම අයෙකුට මෙම ශබ්දකෝෂය සුදුසුය.
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථය මගින් අලෙවිකරණයේ මූලික පදනම් මනාව ඉදිරිපත් කර තිබේ. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
රටරටවල ජන කතා
විවිධ රටවලින් ඇසෙන ජනකතා එකතුවක් මේ කෘතියේ අන්තර්ගත ය. ශ්‍රියා රත්නකාරයන් විසින් රචිත මෙය විශේෂයෙන් දරුවන් වෙනුවෙන්ම සම්පාදනය කොට තිබේ.
Atlas Drawing Book 20p Medium
Atlas Drawing Book 20p Medium
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
ආධුනික ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන 6000 කටත් වඩා අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙහි කතුවරයා වන මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව ද මනා පරිචයක් ඇති බැවින් මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
ෆිලිප්ස් ලෝක සිතියම් පොත
සිතියම්කරණය පිළිබඳ සාරගර්භ කරුණු සහ අවකාශීය තොරතුරු අන්තර්ගත කොට නිර්මිත ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පොතකි. භෞතික, සමාජ ආර්ථික, දේශපාලන කරුණු පිළිබඳ නිවැරදි හා නවතම දත්ත ඇතුලත් ය. සිතයම්කරණය පිළිබඳ ලොව ප්‍රකට එංගලන්තයේ ජෝර්ජ් පිලිප් සමාගමේ නීත්‍යානුකූල අවසරය ඇතිව සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් සිංහල බසට පෙරළා ඉහළ ගුණත්වයකින් යුක්තව මේ සිතියම් පොත සම්පාදනය කොට තිබේ.