Weight | 144 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2789-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
ද්‍රව්‍ය බලා ඇඳීම
රු420.00
Price Summary
- රු420.00
- රු420.00
- රු420.00
අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.
Related Products
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
Drawing Book (Atlas) 40p
Drawing Book (Atlas) 40p
සතුන් ඇඳීම
චිත්‍ර කලාව හදාරන සිසුන් සඳහා ප්‍රයෝජනවත් වන කෘතියකි. සජීවී අයුරින් සත්ත්ව රූප ඇඳීම පිළිබඳව මෙම කෘතිය මනාව විස්තර කරයි.
අලෙවිකරණ මිශ්‍ර උපායමාර්ග
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ අලෙවිකරණ ක්ෂේත්රයේ යොදා ගත හැකි උපායමාර්ග සමූහයකි. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/214c4df0add311e98ae4b920dab55f79″ ]
ගුණසේන සිංහල – සිංහල (කුඩා) ශබ්දකෝෂය
සිංහල භාෂාවේ පොදුවේ යෙදෙන බොහෝ වදන් සහ ඒවායේ අර්ථ මෙහි අඩංගු වේ. පාසල් දරුවන් ඉළක්ක කොටගෙන විශේෂයෙන් සම්පාදනය කෙරුණ ද, සිංහල භාෂාව හා සාහිත්‍ය හදාරන ඕනෑම අයෙකුට මෙම ශබ්දකෝෂය සුදුසුය.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
චිත්‍ර ඇඳීම
චිත්‍ර විෂයෙහි ප්රායොග් ික පැතිකඩ අළලා සිංහල බසින් ලියැවී ඇති කෘතියකි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුනට පමණක් නොව චිත්‍ර ඇඳීමට කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය
ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන බොහොමයක් අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
හොඳ ළමයා
ළමා මනස මනාව තේරුම්ගනිමින් සම්පාදිත විශිෂ්ටගණයේ පාටකිරීමේ පොතකි. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමටත්, සත්ගුණධර්මවලින් ඔවුන්ගේ සිත පෝෂණයකිරීමටත් සමත් ය. චිත්‍ර විෂය පාසල්වල උගන්වන ගුරුභවතුන්ට ද මෙය ඉතා වැදගත් ය.
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.