Weight | 626 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 955-21-0083-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
ගුණසේන සූප ශාස්ත්‍රය
රු675.00
Price Summary
- රු675.00
- රු675.00
- රු675.00
ඉවුම්පිහුම් පිළිබඳ උගන්වන ශාස්ත්‍රය සුදු ශාස්ත්‍රයයි. ඈත අතීතයේ පටන්ම පෙරදිග කුල කාන්තාවන් සූප ශාස්ත්‍රයෙහි මනා පරිචයක් ඇතිව සිටි බව බොහෝ ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වේ. වර්තමානයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් හේතුවෙන් සූඵ ශාස්ත්‍රය වඩා දියුණු තත්වයට පත්ව ඇත. මෙම කෘතියෙන් විවිධ ප්රභේදවල ආහාර වර්ග රැසක් ක්‍රමානුකූලව රසවත්ව සාදාගන්නා අයුරු පැහැදිළි කර දෙයි. ලාංකීය සූපවේද කෘති අතර ප්‍රමුඛස්ථානය හි ලා සැලකෙන කෘතියකි.
Related Products
දෙමළ 3
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක තෙවැන්නයි.
ගුණසේන ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන බොහොමයක් අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
චීන බසට අත්වැලක්
චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.
ගුණසේන සිංහල – සිංහල (කුඩා) ශබ්දකෝෂය
සිංහල භාෂාවේ පොදුවේ යෙදෙන බොහෝ වදන් සහ ඒවායේ අර්ථ මෙහි අඩංගු වේ. පාසල් දරුවන් ඉළක්ක කොටගෙන විශේෂයෙන් සම්පාදනය කෙරුණ ද, සිංහල භාෂාව හා සාහිත්‍ය හදාරන ඕනෑම අයෙකුට මෙම ශබ්දකෝෂය සුදුසුය.
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
මාඉටිපේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
අලෙවිකරණ මිශ්‍ර උපායමාර්ග
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ අලෙවිකරණ ක්ෂේත්රයේ යොදා ගත හැකි උපායමාර්ග සමූහයකි. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/214c4df0add311e98ae4b920dab55f79″ ]
දෙමළ 1
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක පළමුවැන්නයි.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.