භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චරිතය මෙන්ම උන්වහන්සේ අවබෝධ කරගත් ධරමයත්, ඒ ධරමයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත් වෙන්කළ නොහැකිය. එහෙයින් මේ බුදුසිරිතෙහිදී ඒ සියල්ල ශක්ති පමණින් සැලකිල්ලට ගෙන ඇත. එමෙන්ම උන්වහන්සේගේ පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජිවත්වන සත්ත්වයින් පිළිබඳව ද සඳහන් කොට තිබෙන්නේ උන්වහන්සේගේ ශාස්තෘත්වය විශ්වය පුරා පැතිර ඇති අයුරු පෙන්වා දීම පිණිසය.
අච්ඡරිය මනුස්සෝ
රු650.00
Price Summary
- රු650.00
- රු650.00
- රු650.00
Related Products
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.